බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරගල කරුවන්ට ගැහුවේ පොලිසිය 2000ක් රාජකාරියේ යොදවා සිටිය දී… CID ය අධිකරණයට කියයි!

දේශබන්දු හැර තවත් ඩී.අයි.ජී. කෙනෙක් සහ එස්.එස්.පී. කෙනෙක් ගැන පරීක්ෂණ කරන බව සී.අයි.ඩී. ය අධිකරණයට කියයි!

by editor
මැයි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නිමන්ති රණසිංහ – 

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දීමේ සිද්ධියට අදාළව එම ගැටුම වලක්වා නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම පිළිබඳව  බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ   ඉදිරියේ අද (20) වාර්තා කළේය .

මෙම සිද්ධිදාමය ට අදාළ ප්‍රධාන සිද්ධීන් හයක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනය සිදු කර ඇති බවත් ඊට සම්බන්ධ සියලුම සැකකරුවන් මේ වන විට වන විට අත්අඩංගුවට ගෙන අවසන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය .

මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම යන සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දීමේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (20) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ මෙම කරුණු ඉදිරිපත් විනි.

මෙම සිද්ධීන්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හංවැල්ල  සමුපකාර සමිතියේ නිලධාරියකු සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරියක හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ආවරණ සහිත ව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සාක්ෂි කරුවන්ට ඔවුන් නැවත දුටුවොත් හඳුනාගත හැකි යන පදනම මත හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම සිද්ධියට අදාළව ආන්දෝලනාත්මක සිද්ධි හයක් හඳුනාගෙන තිබූ බවත් එම සිද්ධීන් හය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කොට ඊට අදාළ සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය

මෙම සිද්ධීන් වලක්වා  නොගන්නේ එම ස්ථානයේ   නිලධාරීන් දෙදහසකට වඩා වැඩි පිරිසක් සිටිය දී  බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

අරලියගහ මන්දිරය ඉදිරිපිට ස්ථානයේදී පහරදීම පිළිබඳව විමර්ශන දිගටම සිදු කරමින් පවතින අතර එම ස්ථානයේ කැරළි මර්දන ඒකකය මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයකු සිටි බවට කරුණු අනාවරණය වන බවත්,  ඔවුන් මෙය වළක්වා ගැනීමට කටයුතු කර නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය .

සාමාන්‍යයෙන් උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා පොලීසිය විසින් මාර්ග බාධක ගණනාවක් යොදනු ලබන අතර මේ අවස්ථාවේදී එසේ නොකළේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම ප්‍රහාරය පිළිබඳව කලින් තොරතුරු ලැබුණා ද යන්න බුද්ධි අංශ වාර්තා ද ලබා ගනිමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය .

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අද දින ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ලබන 25 වැනි දා හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සියලුම සැකකරුවන්ට බන්ධනාගාරය තුළ ආරක්ෂාව සලසන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

ලංකාදීප – 

Share69Tweet43
Previous Post

නාමල් CID එයි…

Next Post

21 ලෑස්තියි… සඳුදා කැබිනට් අනුමැතියට යොමු කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… අධිකරණ ඇමති කියයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.