සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරක්කු කොම්පැනිවල බදු පොලු නොගලවා අරක්කු මිල අඩුකරන්නැයි කොම්පැණි ඉදිරියේ යදින විලි ලජ්ජා නැති සුරාබදු කොමසාරිස් ගැන ADIC කතා කරයි!

by editor
අගෝස්තු 7, 2024
in පුවත්
Arrack
Share on FacebookShare on Twitter

සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ මද්‍යසාරවල මිල අඩු කරන ලෙස මද්‍යසාර නිෂ්පාදන සමාගම්වලින් ඉල්ලමින් ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කිරීමට කටයුතු කිරීම නොව, මද්‍යසාර සමාගම්වලින් අයකර ගත යුතු බිලියන ගණනක හිඟ බදු මුදල් රජයට අයකර ගැනීම බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

.සුරාබදු දෙපාර්තුමේන්තුවට විධිමත්, කාර්යක්ෂම සුරාබදු අය කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති වීම සහ මද්‍යසාර සමාගම්වලට වාසි සහගත ලෙස බදු අය කරගැනීම නිසා 2024.06.30 දින වන විට සුරාබදු දෙපාර්තුමේන්තුව අහිමි කරගෙන ඇති මුළු හිඟ සුරාබදු හා අයභාරය රුපියල් බිලියන 1.8ක් බව මේ පිළිබඳව දන්වා සිටින මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පෙන්වා දෙයි.

මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව, සුරාබදු කොමසාරිස් ජනරාල් එම කාරක සභාව මග හැරීම සහ කාරක සභාවේ නිර්දේශයන් නොසළකා හැරීම පාර්ලිමේන්තුවටත් කමිටුවටත් කරන අගෞරවයක් බව එහි සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

තවද එම හිඟ සුරාබදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම හා විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදයට ද ලක් වී ඇත.

එවන් පසුබිමික පසුගිය දා මාධ්‍ය අණාවරණය කර තිබුණේ සුරාබදු කොමසාරිස්වරයා මද්‍යසාර මිල පහළ දමන ලෙස මද්‍යසාර සමාගම් වලින් ඉල්ලා ඇති බවයි.

සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යය විය යුත්තේ රටේ දැනටමත් බිලියන ගණන් හිඟ සුරා බදු ගෙවීම පැහැර හරිමින් සිටින මද්‍යසාර නිෂ්පාදකයන්ගෙන් හිඟ සුරා බදු අය කර ගැනීමයි.

තවද නීත්‍යානුකූල නොවන ආකාරයට වෙළද පොළට එන මද්‍යසාර නීතියේ රුහැනට යටත් කීරීම සහ වෙළඳපොළ තුළ ඇති සුරාබදු නොගෙවා අළෙවියට ඇති මද්‍යසාර හඳුනා ගැනීමත් ඒවා වෙළද පොළට නිකුත් කළ කූඨ ව්‍යාපාරිකයන් නීතියේ රුහැනට ගෙන ඒමයි.

තවද එවැනි තත්වයන් ඇති වීම වැළැක්වීම සුරාබදු කොමසාරිස්වරයාගේ සහ එම දෙපාර්තුමේන්තුවේ ප්‍රමුඛ කර්යයකි.
එසේ නොමැතිව මද්‍යසාර මිල අඩු කරන ලෙස මද්‍යසාර සමාගම්වලින් ඉල්ලීම් කර රටේ ජනතාවගේ මද්‍යසාර භාවිතය වැඩි කර නැවතත් සමාගම් වලට වාසි සහගත තත්වයක් ඇති කරමින් ජනතාව මද්‍යසාර උගුලේ සිර කිරීමට කටයුතු නොකළ යුතු බව අවධාරණය කළ යුතුව ඇත.

මද්‍යසාර රටක ආදායමක් නොව වියදමක් බව විද්‍යාත්මකව ඔප්පු වී ඇත.

අපේ රටේ මද්‍යසාර වලින් බදු ලැබුන ද මද්‍යසාර වලින් ලැබෙන සුරාබදු ආදායමට වඩා විශාල වියදමක් මද්‍යසාර හේතුවෙන් සිදුවන සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය සඳහා වියදම් දැරීමට සිදු වී ඇත. 2023 වසරේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සිදු කළ සමීක්ෂණයකට අනුව එම වසරේ අපේ රටේ මද්‍යසාර නිසා සිදු වූ සෞඛ්‍ය සහ ආර්ථික පාඩුව රුපියල් බිලියන 237කි. නමුත් මද්‍යසාර බදුවලින් ලද සුරා බදු ආදායම රුපියල් බිලියන 165.2 කි. ඒ අනුව මද්‍යසාර රටක ආදායමක් නොව වියදමක් බව තව දුරටත් තහවුරු වේ.

සුරාබදු කොමසාරිස්වරයාගේ වගකීම වන්නේ රටේ ජනතාව මද්‍යසාර භාවිතයෙන් රෝගීන් බවට පත් කරමින්, පවුල් ජීවිත විනාශ කරමින්, රටේ සිදුවන අනතුරු වැඩි කරමින්, දරුවන්ගේ සතුට, නිදහස උදුරා ගනිමින්, කාන්තාවන්ට සිදුවන හිංසනය ප්‍රවර්ධනය කිරීම නොව මද්‍යසාර බදු නිවැරදිව අය කර ගනිමින් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වෙළඳ පොළට එන මද්‍යසාර වැළැක්වීමට කටයුතු කිරීම බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය තරයේ අවධාරණය කර සිටිමු.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ ඇමති ධූරය ජනපති තමන් ලඟම තියා ගනී!

Next Post

ෂම්මි පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.