බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයවැයට පෙර රජයට GMOA එකෙන් යෝජනා මාලාවක් දෙයි!

by editor
පෙබරවාරි 6, 2025
in පුවත්
GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත නව රජයේ අය – වැය ලේඛනයට අදාල කරගැනීම සඳහා වෛද්‍යවරුන්ට අදාල යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කර තිබේ.

නිදහස් සෞඛ්‍ය සේවාවේ පදනම වන රෝහල් පද්ධතිය ස්ථාවරව සහ ඵලදායීව පවත්වා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටුකරමින් ඔවුන් රටතුළ රැදී සිටීමට දිරිමත් කිරීම වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩ පිළිවෙලක් දියත් කිරීමේ අවශ්‍යතාවය ද මෙම යෝජනාවලිය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අවධාරණයය කරයි.

මේ මොහොතේදී රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂා වීමට නම් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා විය යුතුවා සේම රෝහල් පද්ධතිය ස්ථාවර විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

යෝජනාවලිය ඉදිරිපත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් චමිල් විජේසිංහ පවසන්නේ මේ රටේ සිටින වෛද්‍යවරුන් තවමත් මේ රටේ අයහපත් වෘත්තීය පරිසරයක් තුළ සේවය කරමින් රැදී සිටන්නේ සේවාවට සාධාරණ වැටුපක් රහිතව,  හරිහමන් නිල නිවාසයක් තබා වැඩ කිරීමට අවශ්‍ය මේසයක් පුටුවක් නොමැතිව බව ද පෙන්වා දෙයි.

ක්‍රමානූකූලව යම් කාල රාමුවකට යටත්ව එම යෝජනාවලිය ක්‍රියාත්මක කරීම රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ ඒකමතික අභිලාෂය බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

RelatedPosts

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

යෝජනාවලිය පහත සඳහන් වේ.
වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීමට සහ රාජ්‍ය සේවයට ආකර්ෂණය කර ගැනීමට යෝජනා.

  1. සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන් වෙනුවෙන් සුදුසුකම්, කාර්ය සාධනය සහ වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ සුවිශේෂී වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම.
  2. වෛද්‍යවරුන්ගේ DAT (බාධා කිරීමේ, රැඳී සිටීමේ සහ ප්‍රවාහන) දීමනාව යාවත්කාලීන කිරීම.
    සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්, රාජ්‍ය සේවයේ අනෙකුත් විධායක නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් හිමිකර දී ඇති 22/99 චක්‍රලේඛයට අන්තර්ග්‍රහණය කිරීම.
  3. සියලු කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරි දීමනාව උපයා ගැනීමේදි මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම.
  4. පශ්චාත් උපාධි පුහුණු වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුවේදී ලබාදෙන ජීවන වියදම් දීමනාව යාවත්කාලීන කිරීම.
  5. සීමාවාසික වෛද්‍යවරුන්ගේ මාසික දීමනාව ඉහල නැංවීම.
  6. සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදයේ විෂමතා නිවැරදි කිරීම.
  7. වෛද්‍යවරුන් ඇතුළු වෘත්තියවේදීන්ට තීරු බදු සහන සහිත බලපත්‍ර යටතේ, මෝටර් රථ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම.
  8. වෛද්‍යවරුන් ඇතුළු සියලු රාජ්‍ය සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවත හඳුන්වාදීම.
  9. සෞඛ්‍ය සේවා ආයතනවල අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම
  10. සෞඛ්‍ය සේවා ආයතනයන්හි නිල නිවාස ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම
  11. සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදී
  12. උපයන විට ගෙවීමේ බදු ව්‍යුහය සංශෝධනය කිරීම.
  13. බදු නිදහස් මාසික ආදායම් සීමාව රු. 100,000.00 සිට 200,000.00 දක්වා ඉහල නැංවීම.
  14. බදු ආදායම් කාණ්ඩ වල ප්‍රතිශතය 6% – 36% සිට 4% – 24% ලෙස සංශෝධනය කිරීම.
  15. බදු පැනවීමේ වාර්ෂික ආදායම් කාණ්ඩවල අගය රු. 500,000.00 සිට රු. 600,000.00 දක්වා සංශෝධනය කිරීම
  16. පවතින බදු ව්‍යුහය තුළ, වෘත්තීයවේදීන් සුවිශේෂී කාණ්ඩයක් ලෙස හඳුනා ගැනීම. වෘත්තීයවේදින්ගේ සම්පූර්ණ වැටුපටම බදු පැනවීම වෙනුවට සාධාරණ ක්‍රමවේදයක් හදුන්වා දීම.
  17. බදු මුදල් වියදම් කිරීමේදී වගවීමේ යාන්ත්‍රණයක් සහිත පාරදෘශ්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම.
    දැනුම ආර්ථික සංකල්පය මත පදනම්ව ආදායම් උත්පාදනය කිරීමේ යෝජනා.
  18. ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවන් සපයන රෝහල් (Centers of Excellence) ස්ථාපිත කිරීම හරහා ආදායම් උත්පාදනය කිරීම.
  19. සියලු කාණ්ඩ වල වෛද්‍යවරුන් සඳහා විශේෂ නිවාඩු ක්‍රමයක් ඔස්සේ විදේශයන්හි වෛද්‍යවරුන් ලෙස සේවාවේ නියුක්ත වීමට අවස්ථාව ලබාදීම හරහා විදේශ විනිමය උපයා ගැනීම.
  20. සායනික සංචරණ විද්‍යාව, පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගැනීම සහ ඒ සඳහා අවස්ථාවන් පුලුල් කිරීම.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිනි ගත්තු ගෙට කෙහෙළිය ලක්ෂ 959ක් වන්දි අරන්… ජොනීට ලක්ෂ 934ක්… 43 දෙනෙක් කෝටි 122ක් වන්දි අරන්…

Next Post

ජනපති නීතිපතිව කැඳවයි…

Related Posts

පුවත්

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!

ජූලි 22, 2026
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • NEET ප්‍රශ්න පත්‍ර කාන්දුව ඉන්දියාව උණුසුම් කරයි… අගමැති නිවස වැටලූ රාහුල් ගාන්ධි ඇතුළු විපක්ෂ නායකයන් අත් අඩංගුවට!
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.