අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් එරරට නාවික හමුදාවට නායකත්වය දීමට අද්මිරාල් ලීසා ෆ්‍රැන්චෙට්ටි නම් කර ඇත. එම නම් කිරීම ඊයේ (21) වන දින සිදු කෙරුණු අතර මෙම පත්කිරීමට සෙනට් සභාව අනුමැතිය ලබාදුන හොත් අද්මිරාල් ලීසා ෆැන්චෙටී අමෙරිකාවේ ආරක්ෂක අංශ ප්‍රධානියකු වූ පළමු කාන්තාව ලෙස සැලකිය හැකි බව සඳහන්ය.
ඇය අමරිකා එක්සත් ජනපදයේ 06 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ අමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.
ඇයගේ පත් වීම සිදු වුවහොත් එය එක්සත් ජනපද හමුදාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ බාධකයක් බිඳ දමන ඓතිහාසික පියවරක් වන බව මත ඵල වී තිබේ.







