බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අපේ රටේ හරියට එන්නත ලැබුනේ තාම සියයට 1කට විතරයි”

ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කොවිඩ් පාලනය ගැන බරපතල විවේචනයක්

by Lanka Sara Editor
මැයි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතයක් තිබෙන අපේ රටේ සම්පූර්ණ එන්නත්කරණයට ලක් ව තිබෙන්නේ මෙරට ජනගහණයෙන් සියයට 1ක් පමණක් බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඒ අනුව පළමු මාත්‍රාව ලක්ෂ 9කට ආසන්න පිරිසකට ලබා දි තිබුණද මාත්‍රා දෙකම ලබා දී තිබෙන්නේ 230000කට ආසන්න පිරිසකට බවත් සියල්ලටම එන්නත දෙනව කියූ ආණ්ඩුව තවසමත් දස අතේ කල්පනා කරන බවත් මන්ත්‍රිවරයා අද පැවැති මාද්‍ය හමුවකදී පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා
“ ඇස්ට්‍රාසෙනිකා දෙවැනි එන්නත ලක්ෂ 6කට ලැබී නැහැ බොහෝ අය අද කනස්සල්ලෙන් ඉන්නේ ආණ්ඩුවේ අයගේ විවිධ මත තිබෙනවා ඇමතිවරු එය මිශ්‍ර කර ලබා දෙන්න හදනවා එහිදී වෛද්‍යවරුන් බැහැ කියනවා අසරණ ජනතාව බයෙන් ඉන්නවා මොකද වෙන්නේ කියලා දිනකට 25කට ආසන්න මියයනවා 2500කට ආසන්න රෝගින් වෙනවා. දිනෙන් දින වැඩි වෙන කොවිඩ් අවදානමට ආණ්ඩුව වගකිවයුතුයි සම්පූර්ණ වගකීම් රහිතවයි කටයුතු කරන්නේ එය දේශපාලන නොකරන අයටත් පේනවා

අපි උදාහරණයකට බ්‍රසීලය ගමු. ඒ රටේ කොවිඩ් පිළිබදව 11 දෙනෙක් ගෙන් යුත් විමර්ශනය කරන්න කමිටුවක් පත් කරලා එහිදී එම කමිටුව හොයන්නේ මොකක්ද රටට වුණේ කියලා කීයක් මරණයට පත් වුණාද එහි වරද කාගෙද කවුද වග කියන්නේ කියලා ජනාධිපති වගකිවයුතුයි ද එසේ සොයා එම අයට දෝෂාභියෝගයක් ගේන්න කටයුතු කරලා. ඒ රටත් මුලදී වහන්න කිව්වම හිනා වෙලා එය අඩන්න ඕන දෙයක් නෙමේ උණක් විතරයි කිව්වා පසුව විද්‍යාව වෙනුවට මිත්‍යා වෙන් කටයුතු කරලා කෝවිඩ් කිට් කියලා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරලා එහිදී සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කර නැති සෞඛ්‍ය නියාමන නොකරපු බෙහෙත් ලබා දෙමු කිව්වා පසුව සෞඛ්‍ය ඇමති කිව්වම එසේ කරන්න එපා කියලා ඇමති ඉවත් කරා එයට සේවය කරමින් මේජර් ජනරාල් වරයෙක් පත් කරා එය සෞඛ්‍ය ඇමති විදියටයි එතුමා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වා මට ජනාධිපති කියන ඕන දෙයක් කරනවා කිව්වා දිගින් දිගටම කොරෝනා වැඩි වුණා ⁣පසුගියදා විමර්ශන කමිටුවේ සක්ෂි දෙමින් කිව්වා පයිසර් ආයතනයේ විධායක නිළධාරිවරයා අපි බ්‍රසීලයට අවශ්‍ය මාත්‍රා ⁣ලබා දෙන්න කටයුතු කරා අඩුම ගානේ ලිපියට පිලිතුරක් වත් එවලා නැහැ කියලා මේ අය අවශ්‍ය එන්නත් ලබා ගෙන නැහැ පසුව විශාල වශයෙන් කොරෝනා පාලනය කඩා වැටුනා ලක්ෂ 4කට ආසන්න මියගියා දැන් කරගන්න දෙයක් නැතුව වෙන සෞඛ්‍ය ඇමති කෙනෙක් පත් කරලා ඔහු විශේෂඥ වෛද්‍ය වරයෙක් දැන් විමර්ශන කමිටුවෙන් සොයන්නේ පාලනය කර ආකාරය කවුද තීරණ ගත්තේ ඇයි එන්නත පරක්කු වුනේ කොහොමද එන්නත් ලබා දුන්නේ ඇයි මුලින් එන්නත් එපා කිව්වේ යන සියල්ල හොයන්න තමයි කමිටුව දලා තියෙනවා අද ලංකාවත් ඒ වගේ මුලින් හිනා වුනා මොකටද රට වහන්නේ කිව්වා පසුව බ්‍රසීලය වගේම නෑ විද්‍යාව නෙමෙයි මිත්‍යාව කිව්වා මුට්ටි දැම්මා පැණි බිව්වා රජයේ ඇමතිවරු එය මාකර්ට් කරා එ රට වගේම සෞඛ්‍ය ඇමතිවරු හතරක් ඉන්නවා එ රට වා⁣ගේ හමුදාවේ අයෙක් දාලා රටම පාලනය කරන්න නමුත් බ්‍රසිලයටත් වඩා අඩුවෙන් තමයි අපේ රට එන්නත් කර තිබෙන්නේ වෙන දේ මිනිස්සු දන්නේ නැහැ ආණ්ඩුව කියනවා බය වෙන්න එපා කියලා .

මේ පිලිබදව වෛද්‍ය රනන්එළිය ඩේලි මිරර් පුවත්පත්ට මාධ්‍ය සාකච්ඡාවක් තියා කියනවා එංගලන්ත බී 117 ප්‍රභේදය ආණ්ඩුව අප්‍රෙල් 08 හොයාගත්තා කිව්වමට එය සත්‍ය නොවේ. එම ප්‍රභේදය සොයා ගත්තේ පෙබරවාරි 9 බව එහිදී ඔහු රජයේ සියලු වගකිවයුතු නිළධාරින්ට අනතුරු අගවා තිබෙනවා. නමුත් රජය පියවරක් ගෙන නැහැ පෙර තිබූ ප්‍රභේදයට වඩා 43/90 දක්වා පැතීරීමක් තිබෙනවා මේ ආකාරයට රෝගින් සීග්‍රයෙන් ඉහළ යන්න හේතුව එය බව ඔහු කියනවා ඔහු ඊට එහා දෙයක් කියනවා එය පාස්කු ප්‍රහාරයේ දී විමර්ශනයේදී බුද්ධි අංශ කර අනතුරු ඇගවීම් එවකට බලයේ සිටි පුද්ගලයන් එය නොසලකා හැරිය නිසා ජීවිත 270ක් නැති වුනා ඔහු අහනවා මේ අනතුරු ඇගවීම පෙබරවාරි 9 කරත් ඇයි වගකිවයුතු අය පිලිගත්තේ නැත්තේ කියලා එම නිසා අද ජීවිත කීයක් අනතුරේ ද කියලා වගකීම් විරහිත ආකාරයටයි රජය කටයුතු කරන්නේ අපි අහනවා කළමනාකරණය පිලිබදව කවුද වගකිවයුත්තා කියලා රජය අවශ්‍ය වෙලාවට පියවර ගත්තේ නැහැ සමගි ජන බලවේගය වගකියන විපක්ෂය විදියට අද කටයුතු කරමින් යනවා අපි කියනවා එදා ආපදා කළමනාකරණ පනත යටතේ වගකීවයුතු කමිටුවක් පත්කර ආකාරයට කමිටුවක් පත් කරන ලෙස.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

අද ආර්ථික කළමනාකරණය කරන්නේ කවුද රට වහලා දමලා දඹුල්ලේ ගොවියෝ අනාත වෙලා දඹුල්ලට එළවළු ගෙනාවට එලියට ලොරි යන්නේ නැහැ ගොවි ජනතාවට එළවළු ටික විකුණගන්න බැරි වෙලා කවුද මේවා කළමනාකරණය කරන්නේ ඒ සදහා ජනාධිපතිවරයා සහෝදරයෙක් පත් කරා එතුමා රටෙත් නැහැ දැන් එතුමා රටින් පිටවෙලා එහිදී කවුද මේවට වගකියන්නේ නැවතත් කියනවා සියළු දේශපාලන පක්ෂ එකතු කර විශේෂ කමිටුවක් පත් කර අර්බුදයෙන් ගොඩ එන්න කටයුතු කරන්න කියලා .අද වැඩි වෙන රෝගින්ට ඇදන් හදන එක නෙමෙයි රෝගින් නැති කිරීමයි කළයුත්තේ .

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපනයන පාලකවරයා කෝටි ගණනක තහනම් රසායන තොගයක් පන්නන්න හදයි..

Next Post

දඹුල්ලේ තොග වෙළෙඳ පොළේ එළවළු – පළතුරු කිලෝ ලක්ෂ 26 ක් විකුණාගත නොහැකිව හිරවෙලා

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.