අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය ගැසට් නොකිරීමට කොමිසමේ තීරණයක්

by Lanka Sara Editor
අගෝස්තු 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ගැසට් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් දෙකක් සහිතව ලිපි දෙකක් යොමු කර තිබීම හේතුවෙනි.

පක්ෂ ලේකම් ලෙස පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ නමද පසුව එහි සභාපති/ නායක ලෙස සමන් පෙරේරා මහතාගේ නමද අවස්ථා දෙකකදී යෝජනා කර තිබේ.

වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා යෝජනා කර ඇත්තේ උන්වහන්සේ විසින් යොමු කළ ලිපියක් මගිනි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

සමන් පෙරේරාගේ නම යෝජනා කර ඇත්තේ පසුව පත් කළ බව කියන ලේකම් වන නිශාන්ත රත්නායක නැමැත්තා විසිනි.

කෙසේ වෙතත් පක්ෂය විසින් නීතිමය තත්වයන් සලකා බලා මේ පිළිබඳ එකඟතාවට ලක්ව තීන්දුවක් ගන්නා තෙක් මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසන් සභාව තීරණය කර එම පක්ෂය වෙත ලිපියක්ද යොමුකර ඇත.

මේ අතර මෙවර මහ මැතිවරණයෙන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අපේ ජන බල පක්ෂය මන්ත්‍රී ධුරය වෙත පාතාල නායකයෙකු ලෙස ප්‍රසිද්ධ වූ සමන් පෙරේරා මහතා සම්බන්ධ වීමට උත්සාහ දරන බවට එම පක්ෂයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සිය පක්ෂ ක්‍රියාකාරීන් වෙත දැනුම් දීමක් කර තිබුණි.

එමෙන්ම තම පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුරය ලබා ගැනීමට එහි මහලේකම් වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ ද උත්සාහ කරන බැවින් උන්වහන්සේ සම්බන්ධයෙන් වහාම තීරණයක් ගත යුතු බවද අතුරලියේ රතන හිමියෝ සඳහන් කර තිබේ.

ඒ පිළිබඳ මත හිමියන්ගේ හඬ පටයක් ද සමාජය තුළ මේ දිනවල බහුලව සංසරණය වෙයි.

මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා රතන හිමියන් විසින් මෙම පක්ෂය කුලියට ලබාගෙන තිබූ බව ද සඳහන් වන්නේ හඬ පටයෙ පහත කරුණු ද කරුණු ද හෙළිකරයි.

“ටිකිරි කොටුව නමින් සංකල්පයක් හදා ලක්ෂ 20ක බීජ ලංකාව පුරාම ව්‍යාප්ත කළේ මේ ව්‍යාපාරය ගොඩනැගීම සඳහායි. මේ ව්‍යාපාරය ගොඩනැගීම සඳහා සියලු දෙනාම එකතු කර ගැනීමට මා විශාල කැපවීමක් කළ බව ඔබ සැම දන්නවා ඇතැයි සිතමි. ඒවගේම මම ආරම්භයේදීම රුවන්වැලි සෑයට ගොස් විශාල වියදමක් කරලා රැස්විමක් කළේ හැමදෙනා තුළම ප්‍රබෝධයක් ඇති කර ගන්න. ඒ සඳහා මුදල් සොයා දුන්නෙත් මම. මේ ව්‍යාපාරය ඔසවා තැබීම සඳහා අපට කෝටි දහයක් විතර අවශ්‍ය වුවත් එන කෝටියක් වත් වියදම් කරන්න අපිට බැරිවුනා. ඥාණසාර ස්වාමින් වහන්සේගේ සහ මගේ ප්‍රතිරූපය මත ඡන්ද ලැබෙනවාය කියා සිතුවත් අප දෙදෙනාම තේරුම් ගන්න ඕනේ අපිට ලැබිච්ච දෙයක් නැති බව. යන්තම් ශේෂයකට අපට ආසනයක් ලැබුණා.

මෙහිදී අප කිසි ලෙසකින්වත් ගැටුමක් ඇති කර ගන්නේ නැතුව ඥාණසාර ස්වාමින් වහන්සේ සහ මා අතර කිසියම් සම්මුතියක් ඇති කර ගැනීම මේ අවස්ථාවේ අත්‍යවශ්‍යයි. ඒ සඳහා ඉතාම ඉක්මනින් සාකච්ඡා කොට අප එකඟතාවයකට එන්න ඕනේ. ඊට කලින් ඉතාම වැදගත් දේ තමයි විමලතිස්ස ස්වාමීන් වහන්සේ අපි සමඟ සාකච්ඡාවලට ආ යුතුයි. තාම උන්වහන්සේ එන බව කිව්වත් අපිව හමුවෙන්න ආවේ නැහැ. උන්වහන්සේ ඉන්න තැනක් අපි දන්නේ නැහැ. උන්වහන්සේම නම් කරගෙන තියෙනවා උන්වහන්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කියලා.

පාතාල නායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේම මිනීමැරුම්වලට සම්බන්ධ වෙච්ච සමන් පෙරේරා දැන් තමාව ජාතික ලැයිස්තුවට නම් කර ගෙන තිබෙනවා. මේක වලක්වන්න ඕනේ. අපේ ජන බල පක්ෂයේ සාමාජිකයෝ නෙවෙයි අපි සම්බන්ධයෙන් තීරණ ගන්නේ. අපේ අනෙක් සාමාජිකයෝ.

ඒ නිසා විජය ධර්මය ජාතික සභාවට මම නායකත්වය දෙනවා ඔබ සියලු දෙනාම මා කියන දේ සාවධානව අසා සිටිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා වගකීමක් ඇති භික්ෂුවක් හැටියට මා කියන දේට ඔබ සවන් දේවි යැයි මම විශ්වාස කරනවා.”

මේ අතර වේදිනිගම විමලතිස්ස හිමියන් පවසා ඇත්තේ මන්ත්‍රීධූරය සඳහා පක්ෂයේ පස්දෙනෙකු පොරකන බැවින් එම ගැටලුව විසඳීම වෙනුවෙන් තමන්ගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ බවයි. එමෙන්ම තමන්ගේ නම ගැසට් පත්‍රයට ඇතුළත් කර පසුව තමා ආරක්ෂිතව සැඟවී සිටින තැනින් එළියට එන බව උන්වහන්සේ මීට පෙර පවසා තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහැදුරු ධම්මික ගංගානාත් දිසානායක අභවප්‍රාප්ත වෙයි

Next Post

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) නොවැම්බරයට කල් දමයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.