බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ක්‍රිකට් වළපල්ලට යැවූ මාස්ටර් මයින්ඩ් භූමිකාව!

by editor
ඔක්තෝබර් 20, 2023
in පුවත්
kusal
Share on FacebookShare on Twitter

neutral-ampayerඅපේ ක්‍රිකට් ඉවරය. තව දුරටත් අපි ලෝකයට අභියෝගයක් නොවෙමු. ලෝක කුසලානයට අපි සුදුසුකම් ලැබුවේ ඒ සඳහා වූ සුදුසුකම් ලැබීමේ වටයෙන් ජය ලැබීම නිසාය.

අපි සමග සුදුසුකම් ලැබූ නෙදර්ලන්තයත් මේ වන විට සෙසු කණ්ඩායම් වලට අභියෝග කරමින් අපට ඉදිරියෙන් සිටී.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට නම් අපට මීළඟට මුණගැසෙන නෙදර්ලන්තයත් පරදා ඉතිරි තරග පහෙන් හතරක්වත් ජය ගත යුතුව ඇත.

ලෝක කුසලාන තරගාවලියකට කිසිදු පූර්ව සූදානමකින් තොරව පැමිණි එකම කණ්ඩායම අපේ කණ්ඩායම බවට සැකයක් නොමැත.

නායකයා තෝරා ගත්තේද අවසන් මොහොතේය. එයද සිදුව ඇත්තේ දේශපාලන මැදිහත් වීමකිනි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එම තේරීම වැරදි බව බලධාරීන්ට වැටහුණේ තරග වදිද්දීය.

ලෙඩුන් කිහිප දෙනෙක් සමග ලෝක කුසලානයට ගිය එකම කණ්ඩායම අපි වෙමු. තෝරා ගැණුනු ඇතැම් ක්‍රීඩකයන් මිචිලින් පප්පන් බඳු දේහයක් ඇති උන්‍ ය.
ස්කින්ෆෝල්ඩ්ස් 100 පැන්නූ ක්‍රීඩකයන් අවම වශයෙන් සිව් දෙනෙක්වත් කණ්ඩායමේ සිටිති.

හිටි ගමන් මස්පිඬු ආබාධයකට ගොදුරු වූ නායක දසුන් වෙනුවට කුසල් මෙන්ඩිස් නායකයා කර දින 21 කට ක්‍රීඩා කරන්න බැරි බව අයිසීසියට කියා දසුන්ව කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස තබා ගෙන ලෝකයටම විහිළු සැපයූ අපේ ක්‍රිකට් බලධාරීන් තවත් අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකු එහි යවන්නට සූදානම් වෙයි.

ඒ ඇන්ජෙලෝ මැතිව්ස් හා දුෂ්මන්ත චමීරය.

මේ අනුව ඉදිරියේදී සැලසුම් සහගතව තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකු ආබාධ වලට ගොදුරු වීමට නියමිතය.

මැචිව්ස් සහ චමීර

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, රොමේෂ් කළුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්නගෙන් සමන්විත තේරීම් කමිටුව තරම් ජෝකරයන් පිරිසක් මීට පෙර තේරීම් කමිටුවක නොසිටියහ.

මොවුන් විහිළුවටවත් දේශීය තරගයක් නොබලන්නන් වූ අතර ෂම්මිගේ පදයට නටන කන්සල්ටන්ට් මහේලගේ සුරතින් නැටවෙන රූකඩයන් තිදෙනෙකු බව බොහෝ දෙනා නොදනිති.

ලෝකයේ වැඩිම වැටුප් ලබන විදෙස් පුහුණුකරුවන්, භෞත චිකිට්සකයන්, අභ්‍යාසකවරුන් ඇත්තේ අප රටේය.

අයිසීසී ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංශ තුනෙන්ම ඉදිරියෙන් සිටින ඉන්දියාවේ සිටින්නේ ඔවුන්ගේ රටේම පුහුණුකරුවන් ය.

අපේ රටේ ක්‍රිකට් වල සියලු තාක්ෂණික තීරණ ගන්නේ මහේල ජයවර්ධනය. මුම්බායි ඉන්දියන් පිල දෙවරක් චැම්පියන් කළ වැඩකාරයකු ලෙස නමක් දිනූ මහේල අපේ කන්සල්ට් කිරීමට අපේ බලධාරීන් කටයුතු කළේ දේශපාලන බලපෑමක් නිසාය.

එම හයිය හිතට ගත් මහේල අපේ ක්‍රිකට් උඩු යටිකුරු කළේය. ඉන් සිදුවූයේ හොඳක් නොව අපේ ක්‍රිකට් වළ පල්ලටම යැවීමය.

මහේල පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අත ගසා මුලින්ම කළේ එහි තරග නීති වෙනස් කිරීමයි. අවසන් වටයේ තරග ඒ අනුව විහිළුවක් බවට පත් වූයේ මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායම දින දෙකේ තරග වල දින එකහමාරක් පන්දුවට පහර දීමෙනි.
පන්දු යවන්නන් හදන්නට එසේ කළ බව කීවත් ඉන්පසුව පාසල් පද්ධතියෙන් බිහිවූ විශිෂ්ට පන්දු යවන්නකු නොවීය.

අපේ තකතීරු පාසල් ක්‍රිකට් බලධාරීන්ද ක්‍රීඩකයන්ට සියලු අධ්‍යාපනික වැඩ කටයුතු කඩාකප්පල් කරගනිමින් මුලු වසර පුරාම ක්‍රීඩාවේ යෙදෙන තරග සංවිධානය කරනු ලබන අතර ඉන් මීට වසර කිහිපයකට පෙර බිහිවූ පරිදි අති දක්ෂ ක්‍රීඩකයන් බිහි නොවීය. ඉදිරියට එන ක්‍රීඩකයන් මේ නිසා ආබාධිතයන් බවටද පත් වන්නෝය.

පාසල් පද්ධතිය විනාශ කළ මහේල ඉන්පසු හැරුණේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියටය.

අර්ජුනලා, අරවින්දලා,හෂාන්ලා,මුරලිලා වැනි අන්තර් ජාතික මට්ටමේ දක්ෂයන් බිහිවූයේද එවකට තිබූ සීමිත තරග සංඛ්‍යාවක් සහිත පාසල් ක්‍රිකට් පද්ධතිය තුළින්‍ ය.

එලෙසම ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩකයන් ඔප මට්ටම් වූයේද අපේ පැරණි අන්තර් ක්‍රීඩා සමාජ තරග රටාව මගිනි.

සංගා මෙන්ම මහේලත් ඔප වැටුණේ මෙම ක්‍රීඩා සමාජ තරග වලිනි.

එසේ SSC එකෙන් ගොඩ ගිය මහේල අපේ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට අතගසා එයද විනාශ කළේය.

මෙතෙක් එම තරගාවලිය පැවැත්වූයේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාස වලය.
එම තරගාවලිය අවසානයේ ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් වාරයේ කුඩා ප්‍රාන්ත වල ලීග් ක්‍රීඩා කිරීමට අපේ පළමු පෙළ ක්‍රීඩකයන් 50 ක් පමණ එහි යාම සිරිතක් විය. එය ඔවුන්ට හොඳ අත් දැකීමක් මෙන්ම අතට හොඳ මුදලක් ලැබෙන අවස්ථාවක් වූ අතර එහි මාස පහක් හයක් පමණ ක්‍රීඩා කර ඔවුන් නැවතත් ඊළඟ තරගාවලියේ ක්‍රීඩා කිරීමට පැමිණීම කාලයක් මුළුල්ලේ පැවති සිරිතකි.

ඔවුන්ගේ මෙම එංගලන්ත ගමනට බාධා කරමින් මහේල ප්‍රමුඛ පෙළ තරගාවලිය වසර මැදට ගෙනාවේය.

එහෙත් එංගලන්තයට යන ක්‍රීඩකයෝ එහි ගියෝය.

ප්‍රතිඵලය වූයේ මෙතෙක් පායන කාලයේ හොඳ තණතීරු මත පැවැත්වූ තරගාවලිය වර්ෂාවෙන් ඇතිවන බාධා මධ්‍යයේ ඇද ඇද පැවැත්වීමත් පළපුරුදු ක්‍රීඩකයන්ගේ අතිරික්තයක් දේශීය ක්‍රිකට් වල ඇතිවීමත්‍ ය.

වර්ෂාව නිසා කලින් කලට තරගාවලිය කල් දැමුණු අතර ඇතැම් තරග දින තුනේම ක්‍රීඩකයන්ට ආහාර සැපයීම හා විනිසුරුවන්ට දීමනා ගෙවීම හැරුණු විට පන්දුවක් හෝ නොයැවූ තරග බවටද පත් විය.

මේ නිසා ලොව වැඩිම ෆස්ට් ක්ලාස් කණ්ඩායම් (22) ක් ඇති අපේ ප්‍රමුඛ පෙළ තරගාවලිය පාරෙන් ඇහිඳගන්නා ක්‍රීඩකයන්ගෙන් සමන්විත තරගාවලියක් බවට පත්ව ඇත.

මෙයට වඩා ඉහළ මට්ටමේ තරගාවලිය පැවැත්වීමට මහේල කළ යෝජනාවෙන් පළාත් මට්ටමේ තරගාවලියක් පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළ අතර විස්සයි විස්ස, එක් දින හා සිව් දින යනුවෙන් තරගාවලි තුනක් පැවැත්වෙන අතර ඉන් සිදුවූයේ අපේ ක්‍රීඩකයන් මුළු වසර පුරාම ක්‍රීඩා කිරීමෙන් ආබාධ වලට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි වීමත් තරග වැදීමට සුදුසු මට්ටමේ තණතීරු සකස් කිරීමට බාධාවක් ඇති වීමත්ය.මෙම තරගාවලියෙන් වුවද ක්‍රීඩක දක්ෂතා ඉහළ දැක්වීමක් සිදු නොවීය.

මාස්ටර් මයින්ඩ් මහේලගේ සුවිශේෂී දක්ෂතා මීට පමණක් සීමා නොවූ අතර ඉහළ දක්ෂතා අංශය හෙවත් හයි පර්ෆෝමන්ස් සෙන්ටර්හි පාලනයද සිදු කෙරෙන්නේ ඔහුට අනුවය.

ඩොලර් 15000 ක වැටුපක් ගෙවා එහි සිට්න අංශ ප්‍රධානී ඕස්ට්‍රේලියානු ජාතික ටිම් මැක්කක්ස්කිල් කරන්නේද මහේල කියන දේය.

පුහුණු අංශයේ ඒ ඒ තල වල ඩොලර් 8000 කට වැඩියෙන් වැටුප් ලබන සුද්දන් වැහි වැහැලාය. ඒත් ආසියානු ක්‍රීඩා උළෙලට ගිය ඒ කණ්ඩායමද එක් තරගයකින්ම ආපසු හැරී ආවේය.

එයට පුහුණුකරුවන් බඳවා ගන්නේද මහේලගේ චොයිස් එක අනුවය. දිස්ත්‍රික් පළාත් පුහුණුකරුවන් තෝරන්නේද මහේලය.
හයි පර්ෆෝමන්හි පුහුණුකරුවන්ට ඒ ඒ පට්ටම් දෙන්නේද ඔහු ය. හිතවතුන්ට වැඩි සැළකිලිය.

අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි වැනි ඔහුගේ SSC සගයන් වැඩි වැටුප් වලට පුහුණුකරුවන් ලෙස ගත්තේ මහේලය.

මහේල SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේද සිටී. එසේ සිට්න්නේ ඔහු මාසිකව ඩොලර් 20000 ( රුපියල් ලක්ෂ 66 ක් ) වැටුප් ලබන ක්‍රිකට් පාලක මණ්ඩලයේ කන්සල්ටන්ට් රැකියාවේ “කොන්ෆ්ලිට් ඔෆ් ඉන්ටරෙස්‍ට් ” සදාචාරයට අනුකූලව නොවේ.

කුසල් මෙන්ඩිස් තහනම් කර සිටි සමයේ CCC සිට SSC වෙත ගෙනාවේද ඔවුන්ගේ තහනම් කාලය අඩු කළේද මහේලය.

ක්‍රීඩකයන්ගේ විනය කැඩීම් දිගටම සිදු කරද්දී ටීම් මැනේජර් මහින්ද හලංගොඩ ඉන් බේරා ගන්නේද ජයන්ත ධර්මදාස හා එක්ව මහේලය. කාමරයේ බුදු පහනක් පත්තු කළ ක්‍රීඩකයකුට දඩ ගැසූ හලංගොඩ තමන්ට අයිසීසියෙන් දුන් මෝටර් රථය හොරෙන් රැගෙන හොර ගමන් ගිය ක්‍රීඩකයාට ගැසූ දඩයක් නොමැත.

ඕස්ට්‍රේලියාවේ කොටු පැන ලංකාවටම අවමානයක් කළ ධනුෂ්ක ගුණතිලකට විනය පරීක්ෂණයක් හෝ සිදු නොකොට යළි තරග කරන්න අවස්තාව සකසා දුන්නේද මහේලය. මීළඟ සංචාරයේ ඔහු යළි කණ්ඩායමට එක් වුවහොත් එය පුදුමයට කරුණක් නොවනු ඇත. මේ ක්‍රීඩකයන්ගේ මැනේජර්ද මහේලලා එංගලන්තයට යන විට සියලු අවශ්‍යතා ඉටු කර දෙන අයකු වෙයි.

වසරකට දින 100 ක් පමණක් වැඩ කරන්නට වසරක් සඳහා කෝටි ගණනක් ගෙවා ටොම් මූඩිව ගෙනාවේද මහේලය. මූඩිද තවත් සුදු අලියෙක් පමණි.

mahela-jayawardene

කන්සල්ටන්ට් මහේල ඔහුට උවමනා වූ විට කණ්ඩායමේ කන්සල්ටන්ට් “කෝච්” වෙයි.

හිතුණු සංචාර වලට හිතුණු වෙලාවට කණ්ඩායමට එක් වෙයි. හිතුණු වෙලාවට කණ්ඩායමෙන් යයි. ආපසු එක් වෙයි.මෙවර ලෝක කුසලානයේද මුල් තරග තුන පැරදීමෙන් පසු ඔහු ඉන්නේ ලංකාවේය. හේතුව පෞද්ගලිකය. නෙදර්ලන්ත තරගයෙන් පසු ආපසු යන බව කියයි. ආසියානු කුසලාන තරගාවලියේදී පැත්ත පළාතක නොවූ මහේල යන්නේ ලෝක කුසලාන වලටම පමණි.

ෆිජි රග්බි පිලේ පුහුණුකරු ජොෂුවා තම හත් හැවිරිදි පුත්‍රයාගේ භූමදානයට පවා තම රටට නොගියේ තම කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ මීළඟ වටයට තම කණ්ඩායම සූදානම් කළ යුතු නිසයි.

තරග තුනක් පැරදී සිටියදී අපේ කන්සල්ටන්ට් පුහුණුකරු පැදුරටත් නොකියා ආපසු එයි.

ක්‍රීඩා ඇමතිවරයෙක් සිටින්නේ මයික්‍රපෝනය ඉදිරිපිට ලොරි ටෝක් දීමට පමණි.

මෙවැනි දේ සිදු වන්නේ මේ කැකිරිබර සිරි ලංකාවම නිසාය.

අපේ ක්‍රිකට් වලට අබ සරණයි..!

නියුට්‍රල් අම්පය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝකයම බොරුවක්… ගාසා තීරයේ ඇවිලෙන ගිනිදැල් නිරුවත් ඇත්ත පෙන්වා තිබේ!

Next Post

දිවුලපතාන ගම අසල දි  අම්පිටියේ සුමන රතනහිමි සහ කරදියානාරු OIC එළිපිට ගැටෙති…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.