ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පීඩනය යටතේ ක්‍රියා කළ බවට ලංකාවේ නිලධාරියෙකු කළ ප්‍රකාශයෙන් පසුව තම ආයතනය වෙත පිරිනැමුණු ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තමන් “කලකිරීමට පත් වූ” බව අදානි සමූහ ව්‍යාපාරය අද (14) ප්‍රකාශ කළ ආකාරය NDTV පුවත් සේවය වාර්තා කරයි.
“ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ අපගේ අභිප්‍රාය වන්නේ වටිනා අසල්වැසියෙකුගේ අවශ්‍යතා සපුරාලීමයි. වගකිවයුතු ආයතනයක් ලෙස අප මෙය දුටුවේ අපගේ ජාතීන් දෙක සැමවිටම බෙදාගත් හවුල්කාරිත්වයේ අත්‍යවශ්‍ය අංගයක් වශයෙනි. අපි පැහැදිලිවම කලකිරීමට පත් වී සිටිමු. ඊට හේතුව නම් ශ්‍රී ලංකා රජය මෙම ප්‍රශ්නයට දැනටමත් ආමන්ත්‍රණය කර තිබීමයි,” Adani සමූහයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබුණු බවත්, පාර්ලිමේන්තු කොප් කමිටු වාරයක දී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝවක් ට්විටර් වෙබ් අඩවියේ පුළුල් ලෙස බෙදා හැර ඇති අයුරුත් NDTV වාර්තා කරයි.