සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි දින්න වගේ එකක් දැනෙනව ද මචං…

by editor
සැප්තැම්බර් 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මැච් එක ගැහුවේ බංගලාදේශය සහ පකිස්ථානය ය. ඒත් ගේමක් ගසා අප ෆයිනල් ආවා වගේ හැඟීමක් එන්නේ මට විතරක් දැයි දන්නේ නැත. දැන් පකිස්ථානය සිය ලකුණු 135 ආරක්ෂා කරගෙන ලකුණු 11කින් දිනුම්ය.

කොහොම උනත් ඒ තරගය සුපිරිය. දෙපිලම පන්දු යැවීමේ දී දැක්වූ විනය වෙනම ලියා තැබිය යුතුය. බංගලාදේශය ලබා දුන්නේ අතිරේක ලකුණු 04ක් පමණි. ඒ වයිඩ් පන්දු ලෙසය. එබැවින් ඔවුන්ට පන්දු 04ක් වැඩිපුර යවන්නට සිදුවිය. සුපිරිම පකිස්ථාන පන්දු යැවීමය. එක් වයිඩ් පන්දුවක් නැත. අමතර ලකුණු 03 එන්නේ පාදයේ වැදී ගිය ලකුණු දෙකක් සහ කඩුළු රකින්නාට වුන සුළු ප්‍රමාදයකින් ලබා ගන්නා අමතර ලකුනක් ලෙසය.

අවංකවම කිව යුත්තේ මුං දෙගොල්ලම අපේ උන්ට වැඩිය සුපිරි බවය. අපේ ක්‍රීඩා ලෝලීන්  ප්‍රාර්ථනා කළේ එක්කෝ අපි අවසන් තරගයට පැමිණීමය. එසේත් නැතිනම් පකිස්ථාන ඉන්දියා අවසන් මහා තරගයක් බැලීමය. (අන්තිමට ඉන්දියාවට ගසා පකිස්ථාන කප් එක උස්සනු දැකීමය.)   දැන් ඒ කතාවේ එක් කොටසක් සම්පූර්ණය.

අප ගැන කියනවා නම් ඒ කියැවිල්ල ක්‍රිකට් වලින් කියන්නට බරිය.  ජිම්කානා එකක් ඇදෙනවා වාගේ වාසනාවට තරග  ජයක් කැරකී එන තුරු බලා ඉන්නට සිදුවන ක්‍රිකට් ගැහිලි අතර  විය යුතු ලෙසම බංගලියන්ටත් පැරදි සුපිරි වටයේ සුපිරි කෑමක් කා ඉන්නා අපේ උන් අද පැවැත්වෙන ඉන්දියාව තරගයේ දී අහවල් එකක් කරගනු ඇතිදැයි කල්පනා කරනකොට බයත් හිතෙන්නේය.

බංගලි – පකිස්ථාන තරගය

තරගයේ වීරයා.. ඇෆ්රිඩි…

ඊයේ (25)  තරගය පැවැත්වූයේ  ඩුබායි ජාත්‍යාන්තර ක්‍රිඩා පිටියේ දී ය. තරගාවලියේ 17වැනි තරගය ය. කාසියේ වාසිය දිනු බංගලි කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

බංගලි පන්දු යැවීම සුපිරිය. ලකුණු 20ට වැඩිය ලබා ගත්තේ පිතිකරුවන් දෙදෙනෙක් පමණි. මොහොමඩ් හැරිස් සහ මෙහොමඩ් නවාස්ය. හැරිස් පන්දු 23ක දී ලකුණු 31ක් ලැබුවේය. නවාස් පන්දු 15ක දී ලකුණු 25ක් ලැබුවේය. 14 වැනි පන්දු ඕවරය වනවිට ලකුණු 71කට කඩුළු 06ක් දැවී සිටි පකිස්ථාන කණ්ඩායම යම් සාධනීය තැනකට ඔසවා තැබුවේ හැරිස් සහ නවාස් ය.

බංගලාදේශ වෙනුවෙන් ටස්කින් අහමඩ් ලකුණු 28ට කඩුළු 03ක්, මෙහෙදි හසන් ලකුණු 28ට කඩුළු 02ක්, මුස්ටාෆිසුර් රහ්මාන් ලකුණු 33ට කඩුල්ලක්, රිෂාඩ් හොසේන් ලකුණු 18ට කඩුලු 02ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශ කණ්ඩායමට පකිස්ථාන ක්‍රීඩකයින් ඔවුන්ගේ මුල් පන්දුවේ සිට එල්ල කළ පීඩනය අතිශයින් තීව්‍ර වූ ආකාරය දුටුවෙමු. පන්දු යැවීම ආරම්භ කරන්නේ සහීන් ෂා ඇෆ්රිඩිය. පළමු ඕවරයේ එක් ලකුණකට කඩුල්ලකි.

එතැන් සිට අප දකින්නේ පිටියේ පන්දු රැකීමේ ජවය සහ ප්‍රෝග්‍රෑම් කළාක් බඳු පන්දු යැවීමේ විනය ය. අවස්ථා කීපයක දී හැර පන්දුවේ ඉලක්කය ගිලිහී යන්නේ නැත.

19 වැනි පන්දු ඕවරයේ 5 වැනි පන්දුවේ දි බංගලි අවසන් පිතිකරු මුෂ්ටෆිසුර් රහ්මාන් විසින් ලබා දුන් පහසු උඩපන්දුව ලෝන් ඕන් හි පන්දු රැකි මොහොමඩ් නවාස් අතින් අනපේක්ෂිත ලෙස  ගිලිහී නොයන්නට බංගලියන් දැවී යන්නේ  ලකුණු 112කටය. පන්දු 07ක්  ඉතිරිව තිබියදි ය.   පන්දු රැකීමේ දී පකිස්ථාන කණ්ඩායමෙන් පෙනුනේ ඒ ගිලිහී ගිය අවස්ථාව පමණි.

බංගලි පිතිකරුවන්ගෙන් ලකුණු 20කට වඩා රැස් කරගත්තේ ෂමිම් හොසෙන් පමණි. ඔහු පන්දු 25ක දී ලකුණු 30ක් ලැබුවේය. බංගලි බිහිසුණු ආරම්භක පිතිකරු සයිෆ් හසන් ලකුණු 18කට දැවී ගියේය. ඒ 18ට ඔහු හයේ පහර 02ක් සහ හතරේ පහරක් එල්ල කර තිබිනි. තරගය ජයග්‍රහණය කිරීමේ වැදගත්ම සාධකය වූයේ සයිෆ් හසන් ඉක්මනින් හරවා ක්‍රීඩාගාරයට යැවීමට හැකි වීමය.  වෙන කිසිම පිතිකරුවෙක් කැපී පෙනන පිතිකරණයක නිරත වූයේ නැත.

පන්දු යැවීමේ දී ෂහීන් ෂා ඇෆ්රිඩි ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක යෙදුනේය. පන්දු ඕවර 04කි. ලකුණු 17කි. කඩුළු 03කි. තරගයේ වීරයා ඇෆ්රිඩිය .

පාදයේ ආබාධයක් ද දරාගෙන හැරිස් රවුෆ් පන්දු ඕවර 4 යැව්වේය. ලකුණු 33කි. කඩුළු 03කි. සයිම් අයුබ් පන්දු ඕවර 04ට ලබා දුන්නේ ලකුණු 16ක් පමණි. කඩුළු 02ක් ලැබුවේය. මොහොමඩ් නවාස් පන්දු ඕවර 03ක් යවා ලබා දුන්නේ ලකුණු 14කි. කඩුල්ලක් ලැබුවේය.

බංගලියන් පන්දු ඕවර 20 තුළ ලබා ගන්නේ ලකුණු 124ක් පමණි. කඩුළු 09ක් දැවී ගොස් තිබිණි.

ආසියානු කුසලානය උණුසුම් කරමින් දැන් ඉන්දියා පකිස්ථාන අවසන් මහා තරගයකට අවසථාව සැලසී තිබේ. අපේ කණ්ඩායමටත් ඉක්මනින්ම ගෙදර පැමිණ කඩල ගොට්ටක් කන ගමන්  පකිස්ථාන ඉන්දියා අවසන් මහා තරගය රූපවාහිනියෙන් නැරඹීමට අවස්ථාව ඇත.

සතුටින් මැච් එක බලපල්ලා කොල්ලනේ… ආදරෙයි උඹලට…

Tags: නවතම
Share69Tweet43
Previous Post

නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ විකිණීම – නඩුවට  පෙනී නොසිටි ආසිරි රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට වරෙන්තු…

Next Post

කුකුළු ලොරියක වන අලියෙක් ගැටී ලොරිය පෙරළී යයි… මිය ගිය කුකුළන් පාර පුරාම විසිරෙයි….

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.