-
ව්‍යාපාරිකයෙකුගේ අත් පා වෙන් කොට කපා ඝාතනය කිරීමට තැත් කළ අපරාධය කර ඇත්තේත් ඔහු විසින්
අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙක් වූ බාඳුරාගොඩ නිශාන්ත කුමාරසිරි නැමැත්තා අද (28) අළුයම පෑලියගොඩ පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් සමග ඇති වූ ගැටුමක් අතරතුර වේයන්ගොඩ හල්ගම්පිටියේ දී පොලිස් වෙඩි පහරින් මරණයට පත් විය.
ඉකුත් 19 වෙනිදා ව්‍යාපාරිකයෙකුගේ අත් පා වෙන් වෙන්නට කපා ඔහුව ඝාතනය කරන්නට උත්සාහ කිරීමෙන් අනතුරුව වෙන් කරගත් පාදයක් මාලිගාතැන්න පන්සල අසල දමා ගිය අපරාධයේ ප්‍රධාන සැක කරුවා වූයේ මේ තැනැත්තාය.
මොහුට එරෙහිව මහාධිකරණයේ නඩු තුනක් විමර්ශනය වෙමින් පවතින බවත් පොලිසිය පැවසුවේය.
අත් පා කපා දමා කළ ව්‍යාපාරික ඝාතන තැත පිළිබඳව විශේෂ විමර්ශනයක් සඳහා මේ පුද්ගලයා වේයන්ගොඩ හල්ගම්පිටිය ප්‍රදේශයට රැගෙනගොස් සිටිය දී අපරාධකරු හා පොලිසිය අතර ඇති වූ ගැටුමකින් මේ තැනැත්තා පොලිස් වෙඩි පහරට ලක් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කීවේය.
ගැටුමෙන් තුවාල ලද පොලිස් කොස්තාපල්වරයෙක් ගම්පහ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.