අනුෂ පැල්පිට මහතා අලුතින් පිහිටුවන ලද ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කොට තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින මෙම නව අමාත්‍යංශයේ පත්වීම අද ජනාධිපතිරයා අතින් ලබා ගැනීමට නියමිතය .
කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී අමාත්‍ය විමල් වීරවංශ මහතා මතවාදීමය ගැටලු හේතුවෙන් නියමිත වයසට පෙර විශ්‍රාම ලබා ගත් පැල්පිට මහතා පසුව සංවර්ධන ලොතරැයි මණඩලයේ සභාපතිවරයා ලෙසින් පත් කෙරුණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ විශ්වාසය දිනාගත් රාජ්‍ය නිලධාරියකු ලෙසින් සැලකෙන පැල්පිට මහතා මීට කලින්ද විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඇතුළු ප්‍රධාන පෙළේ තනතුරු කිහිපයක්ම දැරීය.