අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හය වැනි මහෝපාධ්‍යායන් වහන්සේ පත් වෙති..

by editor
ජූනි 29, 2021
in පුවත්
Kanaththegoda-Sadhdharathana

කනත්තේගොඩ සද්ධාරතන හිමි

Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු

අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍යායන් වහන්සේ (උප කුලපති) ලෙස එම විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පිඨයේ පීඨාධිපති මහාචාර්ය පුජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කොට ඇත.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උත්තරීතර සභාව සහ පාලක සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් මෙම පත්වීම පෙරේදා (27) සිදු කොට තිබේ.

මහාචාර්ය පුජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ



මහාචාර්ය පුජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ මාතර අනගාරික ධර්මපාල නගරයේ අශෝකාරාම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති සහ ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ලෙසද කටයුතු කරනු ලබති.

වර්ෂ 2015 ජුලි මස 11 වෙනි දින සිට 2019.01.23 වෙනි දින දක්වා කාලය තුළ එම විශ්වවිද්‍යාලයේ වැඩබලන මහෝපාධ්‍යාය ලෙස සේවය කර ඇති කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ එහි හයවෙනි මහෝපාධ්‍යයන් වහන්සේද වෙති.

බුදුහාමුදුරුවෝ මනෝ වෛද්‍යවරයෙකි, බුදුසමය සහ කායික වෙදකම, බුදුසමය සහ පවිත්‍රතාව සහ දැහැමි දිවියට දහම් සිතුවිලි යන ග්‍රන්ථවල කතුවරයා වන්නේද උන්වහන්සේය.

මහාචාර්ය පුජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටකවේදී උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය, කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති සහ දර්ශනපති පශ්චාත් උපාධිය, චීනයේ මින්ග්ෂු (Mingzu) විශ්වවිද්‍යාලයේ දර්ශනසූරී පශ්චාත් උපාධිය යන උපාධි සහ කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරා ඇත.

දකුණු පළාතේ ශාසනික ආගමික සමාජයීය සහ අධ්‍යාපනික සේවාවන් රැසක් ඉටු කළ සහ ඉටු කරමින් සිටින උන්වහන්සේ බෞද්ධ දර්ශනය විෂය සහ බුදුදහම පිළිබඳ හසල දැනුමකින් සන්නද්ධ වියත් දේශකයාණන් වහන්සේ නමකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA නිලවරණයේ අක්‍රමිකතා රැසක් – ඔන්ලයින් නිලවරණයක් වෛද්‍යවරු ඉල්ලති

Next Post

කොවිඩ් මරණ සංඛ්‍යාව 3000 ඉක්මවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.