ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද (21) ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේය.
රාජගිරියේ පිහිටි ජාතික මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කර ඇත.
ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා සිටියේ එළැඹෙන 15 වනදා නාමයෝජනා භාරදීමට සුදානමින් සිටින බවය.







