අධිවේගී මාර්ගයේ අන්තරාකාරී ලෙස මෝටර් රථයක් පදවන ලද රියදුරා අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කීරිමට අධිකරණය නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
මෙම රියදුරා ඊයේ ( 12) අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් අධිවේගී මාර්ගාරක්ෂණ කොට්ඨාසය විසිනි. එම කොට්ඨාසය විසින් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බවය. මේ අතර සිරුරෙන් අඩක් එළියට දමාගෙන අධිවේගී එම රථයේ ගමන් කළ තරුණයන් සිව් දෙනා අද (13) උදෑසන පොලිස් අධිවේගී මාර්ගාරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. ඔවුන් මහනුවර අකුරණ පදිංචි වයස අවුරුදු 18- 20 අතර පසුවන්නන්ය.
අත් අඩංගුවට ගත් තරුණයින් සිව් දෙනා පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එමෙන්ම මෙම මෝටර් රථය හිමි කරු සම්බන්ධවත් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදමින් ඇතැයි වාර්තා වේ.