බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භයේදීම මේ තරම් ඉහළ සංවාදයක් ඇතිවීම සතුටක්… අගමැතිනිය කියයි!

by editor
ජූලි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ඉස්තරම්ම අයුරින් ක්‍රියාත්මක කිරිමට නම් පංතිකාමරයක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව විසි පහත් තිහක් අතර සංඛ්‍යාවක් විය යුතුව ඇති බැව් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය පිළිබද දකුණු පළාතේ අධ්‍යාපන බලධාරින් දැනුවත් කිරීම සඳහා ගාල්ල ලබුදූව දක්ෂිණපාය ශ්‍රවනාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

අගමැතිවරිය මෙසේද කිවාය.

“ළමුන් 30ට වඩා ඉන්න පංතිකාමර ගැනත් තින්දු තීරණ ගැනිමට සිදුවෙනවා. ගුරුවරයාට දරුවා හඳුනා ගැනිමට හැකිවන අයුරින් මෙන්ම ගුරුවරයාට දරුවාට අවශ්‍ය මගපෙන්වීම කිරිමට අන්තර් සම්බන්දතා හරහා අධ්‍යාපනය මගින් ලබාගත යුතු අත්දැකිම් ලබාගැනීමට නම් පංතිකාමරයට සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 30 ඉලක්කයට යායුතු වෙනවා.”

“අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉස්තරම්ම විදියට ක්‍රියාත්මක කිරීමට නම් පංතියක සිටිය යුතු ළමයි සංඛ්‍යාව විසිපහක් තිහක් අතර සංඛ්‍යාවක් වෙනවා. ඒ මට්ටමට යන්න අපි පාසල් පද්ධතිය සකස් කරණවා. ඒ අනුව ළමුන් 50ට අඩු පාසල්වල විය යුතු වෙනස්කම් ගැන සාකච්ඡා කරන්න වෙනවා.”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“අධ්‍යාපනයේ දි අපි සියලු තීන්දු තිරණ ගන්නේ දරුවන්ට හොඳම අධ්‍යාපනය දියයුතු ක්‍රමවේදය ගැන හිතලා. දරුවන් දහදොළොස් දෙනෙකු ඉන්න පාසලක දරුවන්ට ලැබිය යුතු අත්දැකීම ලැබෙන්නේ නැහැ. මේ කියන්නේ දරුවන් පනහට අඩු පාසල් වහනවා කියන කථාව නෙවෙයි. සමහර පාසල් ගැන අධ්‍යයනයක් කරලා බිමේ තියෙන තත්ත්වය පිළිබඳ බලලා දරුවන්ට ලබාදිය හැකි හොඳම අධ්‍යාපනික අත්දැකිම මත මෙම පාසල් වෙනස් කිරීමට කටයුතු කරනවාද යන්න තිරණය කළයුතුයි .ඒ තින්දු තීරණ මත තමයි ඉදිරියට කටයුතු කරන්නේ.

වෘත්තිය සමිත වලට විශ්ව විද්‍යාල ප්‍රජාවට වෙනත් කණ්ඩායම් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ඉදිරිපත්කොට සාකච්ඡා කිරීම සදහා සැලසුම්කොට තියෙනවා. මේ ක්‍රියාවලිය ආරම්භය තුළම මෙතරම් සංවාදයක් ඇතිවීම පිළිබද අප සතුටුවෙනවා. ඒ තුලින් පැහැදිලිවෙනවා මෙහි අවශ්‍යතාවය. වැදගත්කම.

මේ තුලින් බලාපොරොත්තුවෙනවා රටට අවශ්‍ය පරිවර්තනය ගෙන එන්න.

ප්‍රශ්න තියෙනවාද? ඔව් අභියෝග තියේවිද ? . මේක ලේසි නැහැ. එත් නොකර ඉන්න පුළුවන්ද? ඒත් බැහැ. කාලයක් තිස්සේ මේ ගැන කථාකළා. දරුවන්ගේ විෂය මාලාව වගේ මෙන්ම දරුවන්ට උගන්වන ගුරුවරුන්ගේ විෂය මලාවන්ද දිගු කාලයකින් වෙනස් වෙලා නැහැ. මොන අභියෝගය ආවත් කෙතරම් දුෂ්කරවුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුයි. මේක දරුවන් වෙනුවෙන් කළ යුතුයි. හොඳ දේවල් කරණ එක ලේසි නැහැ. පරිවර්තනිය වෙනස්කම් කරණ එක ලේසි නැහැ. දරුවන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් වැඩ කළ යුතුයි.

අධ්‍යාපන,උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා

නව අධ්‍යාපන ප්‍රතිංස්කරණ ක්‍රියාත්මක වීමත් සමග පාසල පැවැත්වෙන කාලය පැය භාගයකින් දිර්ඝ කිරීමට සිදුවෙනවා. මේ සමග කාලසටහන් ගලපා ගැනීම සම්බන්දයෙන් අමාත්‍යංශය මගින් මොඩල් කාලසටහන් ලබා දීමට කටයුතු කරණවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හදුන්වාදිමත් සමග පාසලක කාලපරිච්ජේදය විනාඩි 50ක් බවට පත්වෙනවා. විනාඩි 50 වෙන්නේ පළමු වසර සහ හය වසර යන පංතිවලට පමණක් නෙවෙයි. අනිකුත් පංතිවලටත් විනාඩි 50ක් සහ කාලපරිච්ජේද 07ක් කියන වෙනසට යන්න වෙනවා..

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ ආරම්භකරණවා. පළමු වසර සහ හය යන වසර සදහා ක්‍රියාත්මක කරණවා. විභාග කෙන්ද්‍රීය අධ්‍යාපනය නිසා දරුවන් පාසල්වලට නොඑන තැනට පත්වෙලා. තරගය නිසා උපකාරක පංති මත යැපෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා.

පළමු වසර සඳහා දරුවන් ලක්ෂ තුනක් පාසල්වලට ඇතුළත්වෙනවා. උසස්පෙළ හැදැරීමට එන්නේ ලක්ෂ 02ක් විතර. මින් රජයේ ජාතික විශ්වවිද්‍යාලයක කුමන හෝ පාඨමාලාවක් සදහා වසරකට ඇතුල්වෙන්නේ දරුවන් හතලිස් දෙදහසක් පමණයි. උසස් අධ්‍යාපනය සඳහා යොමුවන්නේ දරුවන් 72000ක් පමණයි. තවත් දරුවන් 1,50000ක් පමණ කිසිදු දිශානතියකින් හා මගපෙන්විමකින් තොරව සමාජයට මුදා හරිනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තියෙන්නේ යෝජනාවලියක්.

මේ ගැන තවම කථාකරන්නේ අධ්‍යාපන බලධාරින් සමග එළියේ මේ ගැන තවම කථා කරලා නැහැ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිර්ඝකාලින ක්‍රියාවලියක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලිය ගැන ධනාත්මකව බලන්න.

මෙම අවස්ථාවට වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති යන මහත්වරු මෙන්ම, දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් දිඹුලාග පිරිවෙනට අධ්‍යයන උපකරණ පරිත්‍යාගයක්!

Next Post

චාවාකච්චේරී සහකාර ප්‍රාදේශීය ලේකම් කමලිනී ඝාතන සිද්ධියට ඇයගේ සැමියා අත් අඩංගුවට…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.