බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සහ හෙට අහස සරසන අවුරුදු පනස් දාහකට වරක් පෘථිවිය අසලට එන කොළපාට වල්ගා තරුව

 අවසන් වරට පෘථිවිය අසලට ආවේ නියැන්ඩර්තාල් මානවයාගේ කාලේ...

by editor
පෙබරවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබොවිල –

‘සී/2022ඊ3’ යනුවෙන් නම් කළ වල්ගා තරුව අද (1) සහ හෙට (2) පෘථිවිය අසලට පැමිණෙන බවත්, කොළ පැහැති ආලෝකයක් විහිදුවන මෙම වල්ගාතරුව රාත්‍රී අහස පැහැදිලි නම් පහසුවෙන් දැක ගැනීමට හැකි බවත් නාසා විද්‍යාඥයන් පවසා තිබේ.

රොයිටර් වාර්තා අනුව මෙම වල්ගා තරුව දකින්න ලැබෙන්නේ වසර 50,000 කට වරකි.

පෘථිවිය සහ හිරු අතරින් මෙම වල්ගා තරුව 1 හා 2 දිනවලදී ගමන් කරනු ඇතැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දක්වා තිබේ.

මීට පෙර මෙම වල්ගා තරුව පෘථිවිය අසලින් ගියේ නියැන්ඩතාල් මානවයන් පෘථිවියේ සිටි කාලයේ බව වාර්තා වේ.
වල්ගා තරුව පෘථිවිය අසලින් යනු ඇත්තේ කිලෝ මීටර් මිලියන 42 ක දුරකින් වන බවත්, එය පැහැදිලි ව දකින්න ලැබෙනු ඇත්තේ උතුරු අහසේ අලුයම් කාලයේ බවත් නාසා විද්‍යාඥයෝ පවසති.

ලබන පෙබරවාරි 10 වැනිදා වනවිට වල්ගා තරුව අඟහරු ග්‍රහයාට සමීප වීමට නියමිතය බව ද පැවසේ.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

රොයිටර් වාර්තාවලට අනුව මෙම කොළ පැහැති වල්ගා තරුව පළමුවෙන් සොයා ගත්තේ 2022 මාර්තු දෙවැනිදා ‘ස්විකී ට්‍රාන්සිස්ට්’ නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයන් විසිනි. කැලිෆෝනියාවේ පැලොමාර් කඳුකරයේ ඉදි කළ කැල්ටෙක් දුරේක්ෂය හරහා වල්ගා තරුව නිරීක්ෂණය සිදුවිය.

වල්ගාතරුවක් කිලෝ මීටර් ගණනක විෂ්කම්භයක් ඇති දූවිලි අයිස් බෝලයකි. වල්ගාතරුවක් තුනී වායු වැස්මකින් ආවරණය වී ඉතා කුඩා අංශුවලින් සෑදී ඇත. ප්‍රමාණයෙන් විශාල වල්ගාතරුවකට හිසක් ද, සංඝටක කොටසක් හෙවත් න්‍යෂ්ටියක් ද පිටතට විහිදෙන දිගු වල්ගයක් ද ඇත. කුඩා වල්ගාතරුවලට වල්ගයක් නැත. වල්ගා තරුවක වල්ගය සැමවිට ම පිහිටන්නේ හිරු දෙසට නොව; හිරුගෙන් විරුද්ධ දෙසට ය.

වල්ගාතරු දකින්න ලැබෙන්නේ නියමිත කාලයකට වරකි. හිරුට ළං වෙද්දී, වල්ගාතරුවේ වේගය පැයට කිලෝ මීටර් මිලියන දෙකක් පමණ වෙයි. හිරුගෙන් ඈතට යද්දී, වල්ගාතරුවේ වේගය අඩාල වෙයි. ඒ, පැයට කිලෝ මීටර් 100 ක් දක්වාය.

වල්ගාතරුව වැඩි කාලයක් ඈත විශ්වයේ සෙමින් ගමන් කරන්නේ මේ නිසාය. පෘථිවිය අසලට ආ ‘සී/2022ඊ3’ වල්ගා තරුවේ හිස කොටස කිලෝ මීටර් 1.6 ක විෂ්කම්භයකින් යුක්තය. එහි වල්ගය කිලෝ මීටර් මිලියන ගණනක් දුරට විහිදෙන බව නාසා ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

රොයිටර් පුවත් සේවය අසුරිනි –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීම දක්වා ආණ්ඩුව කළ සැලසුම හෙට හෙළි කරනවා… වසන්ත මුදලිගේ

Next Post

මාසෙකට වෛද්‍යවරු 50 -60ක් විදේශගතවීමට නිවාඩු ඉල්ලනවා… පිරිසක් නොදන්වා රට හැර ගිහින්…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.