නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපතිතුමා කළ කතාව අද (18) රාත්‍රී 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අමාත්‍යවරු 17ක් අද කැබිනට් මණඩලයේ දිවුරුම් දුන් අතර අලි සබ්රි, ජී.එල් පීරීස්, සහ දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දුන් ඇමති ධුරවල සිටිති. මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පමණක් සිවු දෙනෙකුගෙන් යුත් මුල් අමාත්‍ය මණ්ලයෙන් ඉවත් වී සිටී.
අග්‍රාමාත්‍ය ධුරයෙහි මහින්ද රාජපක්ෂ කටයුතු කරයි.
තවත් අමාත්‍ය ධු ර දහයක් සඳහා අවකාශ ඇති බව ද රජයේ ආරංචි මාර්ග මින් පෙර වාර්තා කර තිබිණි.







