කීර්ති ප්‍රනාන්දු
අද (14) මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා අඩු කර තිබේ .
තිරිඟු පිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ මෙතෙක් රුපියල් 375 ක් ලෙස පැවැති තිරිඟු පිටි කිලෝවක තොග මිල රුපියල් 290 දක්වා රුපියල් 85 කින් මිල පහත දමන බවයි.
මේ පිළිබඳව ලංකාසර ප්‍රීමා සමාගමෙන් කරන ලද විමසීමේදී එහි නිලධාරියෙකු පැවසුවේ තම සමාගම එවැනි මිල අඩු කිරීමක් සිදු කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි .







