පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වේ.
පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු සම්බන්ධව සාකච්ඡා කරන මෙම පක්ෂ නායක හමුවේ දී රට තුළ පාර්ලිමේන්තුවෙ න්‍යාය පත්‍රය සම්බන්ධව තීන්දු ගැනේ. න්‍යාය පත්‍රය වෙනසක් කර යම් තීරණාත්මක තීන්දුවක් ගන්නේ නම් ඒ අද මෙම පක්ෂ නායක රැස්වීමේ දීය.
මේ අතර අද රැස්වන පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට තිබෙන තුනෙන් දෙකක බහුතර බලය අහිමිවන බව වාර්තා වේ. නමුත් එම බලය උරගා බැලීමට යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් උත්සාහ ගන්නේ නම් එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට අනුකූලව සිදුවිය යුතුය.
අද පාර්ලිමේන්තුවේ දී ආණුඩුව නියෝජනය කළ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් ස්වාධීනව අසුන් ගැනීමට තීරණය කර ඇත.
මෙලෙස මන්ත්‍රීවරු සහ මැති ඇමතිවරු ස්වාධීන වුවද න්‍යාය පත්‍රයට පිටින් අද දිනයේ දී බහුතරය පෙන්වීමේ ක්‍රමවේදයක් නැත. බොහෝ විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය උල්ලංඝණය වීමට ද ඉඩ තිබේ.
ඒ අනුව අද රැස්වන පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියක් ඇතිවිය හැකි බව අනුමාන කෙරේ.







