සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 02ක් වාර්තා කළේය. ඉන් එක් මරණයක් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි 15 හැවිරිදි පිරිමි දරුවෙකි. අපේක්ෂා රෝහලේ දී කොවිඩ් ආසාදිත බව වාර්තා වූ පසු අයි.ඩී.එච් රෝහලට දරුවා මාරු කර යවා තිබිණි. මරණය සිදු වී තිබුණේ එහිදී ය.
කොළඹ 7 ප්‍රදේශයේ අවුරුදු 72ක කාන්තාවක් නිවසේ දී ම මිය ගසේ තිබිණි. මරණයට හේතුව ලෙස දක්වන්නේ කොවිඩ් නියුමෝනියාවය.
රජය මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ. මේ වනවි ලංකාවෙන් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 183කි.