බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අති නවීන ගිනි අවියක් ව්‍යාජ අංක තහඩුවක් සහිත හොරකම් කළ යතුරු පැදියක් සමග කුලී ඝාතකයෙක් අත් අඩංගුවට…   

by editor
දෙසැම්බර් 17, 2023
in පුවත්
Arrested
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට සැලසුම් කරමින් සිටියේ යැයි සැකපිට විදේශීය රටක නිශ්පාදිත අති නවීන වර්ගයේ ගිනි අවියක් සහ උණ්ඩ 05 ක් සමග සැකකරුවෙකු ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාශය මගින් ඌරගස්මන්හන්දියේදී ඊයේ (16) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත ලබන 18 දින දක්වා පැය 72 ක කාලයක් රදවාගෙන විමර්ශණ නටයුතු සිදුකරන බව ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාශය කියයි. සැකකරු සන්තකයේ තිබූ ගිනි අවිය ඉතා නවීන පන්නයේ ඉතා ඉහළ තාක්ෂණයෙන් යුත් ගිනි අවියක් බවද අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඌරගස්මන්හන්දියේ පදිංචි දියුණුගමගේ ජීවන් කුමාර ගලගෙදර (39) නැමැති අයයි. සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී මිලී මීටර් 09 වර්ගයේ උණ්ඩ 05 ක් පුරවන ලද ගිනි අවිය සිය ඉනේ සගවාගෙන සිටි බවද පොලීසිය කියයි. සැකකරු සන්තකයේ තිබී පිටිගල, මත්තක ප්‍රදේශයේ පදිංචි අයෙකුට අයත් රියදුරු බලපත්‍රයක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සදහා සැකකරු සූදානමින් සිටින බවට ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාසයට ලැබුණ තොරතුරක් මත පසුගිය දෙසැම්බර් 11 දින සැකකරුගේ නිවස පරීක්ෂා කොට එහි තිබූ පල්සර් වර්ගයේ යතුරු පැදියක් පොලීසියේ භාරයට ගෙන තිබේ. 

එම යතුරු පැදියේ අංක තහඩුව හම්බන්තොට, රන්න ප්‍රදේශයේ අයෙකුට අයත් යතුරු පැදියක එකක් බවට විමර්ශණ වලදී තහවුරු වී ඇත. යතුරු පැදියේ චැසි අංකය මීට මාස 06 කට පමණ පෙර කළුතර ප්‍රදේශයෙන් හොරකම් කරන ලද එකක් බවට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තොරතුරු වලට අනුව තහවුරු වී ඇත. එම යතුරුපැදි සොරකම සම්බන්ධයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් තිබෙන බව ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාශය කියයි. සැකකරු සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශණ කටයුතු සිදු කිරීමේදී සැකකරු ඊයේ (16) ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයන් අළුත්වැඩියා කිරීම සදහා ඌරගස්මන්හන්දිය නගරයේ ජංගම දුරකතන අළුත්වැඩියා කිරීමේ ස්ථානයකට ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම සැකකරු දැනට විදේශගතව සිටිමින් ඌරගස්මන්හන්දිය ප්‍රදේශය කේන්ද්‍රකර මත්දව්‍ය ජාවාරමේ නිරත ඌරගහ ඉන්දික නැමැති අයගේ ගෝලයෙකු බවට මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදි පොලීසිය විසින් තහවුරු කරගෙන තිබේ. ඌරගහ ඉන්දික, මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකර තිබෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බවද පොලීසිය කියයි. වැසි අංක සහ අංක තහඩු වෙනස් කරන ලද යතුරු පැදියක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් මෙන්ම නවීන පන්නයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටියේ  ඌරගහ ඉන්දිකගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අරමුණින් බවත් ඊට අදාල තොරතුරු ලැබී සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් එම ඝාතනය වැලකී ගිය බවත් ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාසය කියයි.

ගාල්ල දිසාව භාර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජන ශ්‍රී, උප පොලිස් පරීක්ෂකවරුන් වන මෙන්ඩිස් සහ සිල්වා  ඇතුළු පිරිසක් සැකකරු අත් අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ගුණසිංහ  ගේ මෙහෙයවීම මත පරීක්ෂණ සිදු කරනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලයනල් වික්‍රම… හද කම්පා කරන තවත් විශිෂ්ටයෙකුගේ නික්ම යෑම….

Next Post

“ආනන්දා ගී රංගා” ප්‍රසංගය හෙට සිට පුරා දින 06ක් ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.