මේ සතියේ සිට ඉදිරි මාස තුනක් සඳහා සෑම සිකුරාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය සේවාවලට, සෞඛ්‍යය හා අධ්‍යාපන ක්ෂේත්‍රය හැර අනෙක් සියලුම රාජ්‍ය කාර්යාලවලට සෑම සිකුරාදා දිනයක්ම නිවාඩු දිනයක් වනු ඇත.
ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම නිවාඩු දිනය ප්‍රකාශ කර ඇති බවත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.
මෙම දිනය වගා කටයුතු සඳහා යෙදවීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධ අවශ්‍ය ප්‍රතිපාදන රජයේ සේවකයින්ට ලබා දිය හැකි බව ද මින් පෙර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා තිබිණි.