පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත් අඩංගුවේ සිටියදී පසුගිය ජනවාරි මස 10 දා මිය ගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමණාකාර සමන්ත ප්‍රීතිකුමාර ගේ මරණයට සම්බන්දව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 07 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (09) අත්අඩංගුවට ගත්තේය.
සමන්ත ප්‍රීතිකුමාර නාරාහේන්පිට ප්‍රදේශයේ දී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බවත් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දි ඇතිවූ සිදුවීමක් හේතුවෙන් සැකකරු ජාතික රෝහලට කිරීමෙන් අනතුරුව මියගිය බවත් පොලිසිය කීවේය.,
කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ සාක්ෂි මත මරණයට හේතුව පහරදීමක් බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය අඟහරුවාදා (06) තීන්දු කළේය.
ඒ අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග ලබා දෙමින් පැවසුවේ මෙම මරණයට වගකිවයුත්තන් වහා අත්අඩංගුවට ගන්නා ලෙසය.
එම නියෝගය අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 07ක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.







