බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත් හිස කපා වෙන්කර ප්‍රදීපා  ඝාතනය කළ සැකකරුගේ වාහනය නුවරඑළියෙන් හමුවේ….

by editor
ඔක්තෝබර් 2, 2023
in පුවත්
සැකකාර ඝාතකයා (මැද) ඝාතනය වූ කාන්තාව...

සැකකාර ඝාතකයා (මැද) ඝාතනය වූ කාන්තාව...

Share on FacebookShare on Twitter

අත් පා සහ හිස කපා වෙන් කර ඝාතනය කළ   මුල්ලේරියාව තෝමස් චොන්ගම පදිංචිව සිටි ප්‍රදීපා ද සිල්වා (52) ගේ ඝාතනයට සම්බන්ධ සැකකාර ව්‍යාපාරිකයාගේ මෝටර් රථය නුවරඑළිය ප්‍රදේශයේ තිබී සොයා ගැනීමට පොලිස් විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.

සුධීර වසන්ත (57) නැමැති සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි මෙම ව්‍යාපාරිකයා සහ ප්‍රදීපා පසුගිය 27 දා උදෑසන අවසන් වරට ඔහුගේ වාහනයේ ගමන් කරන ආකාරය සී.සී.ටී.වී කැමරා පද්ධතියේ සටහන්ව ඇති ආකාරය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශනය කිරීමේ දී ඔහු සිද්ධිය වූ දිනට පසුදාම (28) සිය නිවස කුලිියට දී අතුරුදහන් වි තිබිණි.

ඔහුට අයත් වසා දැමූ නිවසක ඝාතනයට සම්බන්ධ සැක සහිත සාධක හමුවීමත් එදිනම අත්සහ ගෙල රහිත කාන්තා මළ සිරුරක් සපුගස්කන්ද කොට්ටුන්න වැවෙන් හමුවීමත්, එම සිරුර අතුරුදහන් වූ ප්‍රදීපාගේ බව ඥාතීන් විසින් හඳුනා ගැනීමත් සමග ඝාතනයේ ඉදිරි තොරතුරු අනාවරණය කරගැනීමට සැකකරු සොයා යෑම අත්‍යාවශ්‍ය වූයේය.  අතුරුදහන් වූ ව්‍යාපාරිකයාගේ මෝටර් රථය නුවරඑළියෙන් හමුවන්නේ ඒ අතරය.

දැනට වාර්තාවන තෙරතුරු අනුව  මෙම ව්‍යාපාරිකයා    සහ ප්‍රදීපා අතර වයසර 20ක පමණ කාලයක් තිස්සේ ඉතා සමීප සම්බන්ධයක් තිබී ඇත. සුධීරත් විවාහකයෙකි. ඔහුටද දරුවන් දෙදෙනකු සිටින බවත්, ප්‍රදීපාට සුධීර මිල මුදල් ගේදොර ඉඩකඩම් පවා දී ඇති බවත් හෙළි වී ඇත.

ඇය ඝාතනය  වීමත් මේ මුදල් ගනුදෙණු අතර ප්‍රශ්නත් අතර සම්බන්ධතාවයක් ඇතැයි පොලිසිය සැක කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඝාතනය වූ ප්‍රදීපාගේ සිරුරේ කොටස් සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයකින් මිස නිශ්ඡිත තොරතුරක් ප්‍රකාශ කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවද විමර්ශන කණ්ඩායම් අනුමාන කරන්නේ  මේ දිනවල අධික වර්ෂාව හේතුවෙන් ගංගා ඇළ දොළවල ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා  සිරුරේ කොටස් ජලයට දමා තිබුණා නම් ඒවා සොයා ගැනීම අපහසු වනු ඇති  බවය.

මේ වනවිට පොලිස් කණ්ඩායම් තුනක් සැකකාර ඝාතකයා සොයා විමර්ශන ආරම්භ කර තිබේ.  අතුරුදහන් වූ ව්‍යාපාරිකයාගේ වාහනය රැගෙන එන්නට මහාබාගේ පොලිසියේ කණ්ඩායමක්ද නුවරඑළියට ගොස් ඇත.

මේ වන විට ප්‍රදීපාගේ  දේහය රාගම මහරෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මහර වැඩ බලන මහේස්ත්‍රාත් සමන් විදානපතිර  විසින් ඉකුත් සිකුරාදා (29) දහවල් ඝාතනය සිදුවී ඇති බවට සැක කරන  නිවෙස හා මළ සිරුර හමු වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදු කර ඇත.

ඒ මළ සිරුරේ හිස හා අත්පා සොයාගැනීම සදහා විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යන හෙයින් ඇයගේ මළ සිරුරේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට තව දින කීපයක් ගත වන බව පොලිසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව වටයකින් විදුලි ගාස්තු ඉහළ නැන්වීමේ අනුමැතිය ගන්න  විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම හමුවෙයි!

Next Post

පානදුර ජනප්‍රිය පාසලක සිසුවාට හෙල්මට් වලින් පහරදුන් තරුණයන් පහක් අත්අඩංගුවට!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.