අඩි 300ක් පමණ උස කන්දක සිට ඇද වැටීමෙන් 13 හැවිරිදි පාසල් සිසුවෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
අනතුර සිදුවී තිබෙන්නේ අද දහවල් 12.30ට පමණය.
දිගන රජවැල්ලේ පිහිටි ඩොලමයිට් වැඩපොලකට අයත් භූමියක සිදුවූ මෙම අනතුරින් මිය ගොස් අත්තේ බෝදාවත්තේ ගෙදර ඉසුරු වීරරත්න නැමැති විශේෂ අවශ්‍යතා සහිත සිසුවෙකි.
පොලිසිය පරීක්ෂණ පවත්වයි.







