අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක අචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනාවාස හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත.
එම කටයුතු සම්බන්ධීකරණයට බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
අපවත් වී වදාළ අටමස්ථානාධිපති හිමි මෙරට මහා සංඝරත්නය විෂයෙහි ප්‍රමුඛ කාර්ය භාර්යයක් ඉටුකරමින් සිය පැවිදි දිවිය අර්ථවත් කළ , රටවැසි සියලු ජනතාවගේ සුබ සෙත වෙනුවෙන් නිරන්තරයෙන් කැප වූ සංඝ පීතෘ නමක් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.







