අගමැතිනියට මරණීය තර්ජන එල්ලවීමක් සම්බන්ධව අගමැති ලේකම් කාර්යාලයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
ඔහු කීවේ මෙම මරණීය තර්ජනය පැමිණ තිබුණේ ඊ මේල් පණිවිඩයක් ඔස්සේ බවත් ඒ සම්බන්ධව අදාල ආයතන සමග කළ විමර්ශනවලදී අනාවරණය වන්නේ මෙම මරණීය තර්ජනය ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලට අයත් අයිපී ලිපිනයන් සහිත පරිගණකවලින් ලැබී ඇති බවත්ය.
සිද්ධිය සම්බන්ධව මහජන ආරක්ෂක ඇමතිවරයා මෙසේ හෙළිදරවු කළේය.
ඒ.බී.එම්. අස්රොෆ් අතිරේක ලේකම් තුමා අග්‍රමාත්‍ය කාර්යාලයට 2015/05/15 වැනිදා අග්‍රාමාත්‍ය තුමියට විද්‍යුත් තැපෑලෙන් මරණීය තර්ජනය එල්ල කිරීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී තිබුණා.
අදාල ජී මේල් ගිනුම සම්බන්ධයෙන් ගූගල් ආයතනය මගින් විස්තර වාර්තාවක් ඉල්ලීම් කර තිබෙනවා. අදාල වාර්තාව ලබාගෙන තියනවා මේ වෙනකොට. විස්තර වාර්තාවට අදාලව අයිපී ලිපිනයන් ජර්මන් සහ නෙදර්ලන්තය යන රටවලට අයත්.
එම අයිපී ලිපිනයන්ට අදාල වාර්තා අදාල පොලිස් ඒකකය මගින් ලබා ගන්නට ඉල්ලීම් කරලා තියනවා. ඒවා ලැබුණු පසු අධිකරණයට කරුණු වාර්තා කරනවා…
මහජන ආරක්ෂක ඇමතිවරයා පැවසුවේය.







