බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගමැති තුමනි… ක්‍රිකට්වලට කළ විනාශය ගැන හොයන්න කොමිසමක් පත් කරන්න

මෙතෙන්ට එනකොට ඉන්න සමරු දැක්කම ආපහු යන්න හිතුනා... අර්ජුන ලෝක කුසලාන රජත සමරුවේ දී කියයි...

by editor
මාර්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකළ විනාශය සම්බන්ධව කොමිසමක් හෝ පත් කර සොයා බලන ලෙස 1996 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ප්‍රකාශයක් කරමින් අගමැතිවරයාගෙන්  ඉල්ලා සිටියේය.

අර්ජුන මෙම ඉල්ලීම කරනු ලැබුවේ අදට වසර 25ක් සපිරෙන “96 විල්ස් ලෝක කුසලාන ක්‍රිකට් විජයග්‍රහණය” වෙනුවෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ  සැමරුම්  උත්සවයේ දීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ  කළේ මෙම අවස්ථාවට සහභාගී වී සිටි සමහර පුද්ගලයන් දුටු විට තමන්ට හැරී යන්නට සිතුණු බවය.

1996 ලෝක කුසලාන තරගයට එක් වූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග ප්‍රමුඛ ක්‍රීඩකයෝ මේ අවස්ථාවට එක් වී සිටියහ. එහෙත් රොඩ් සේෆ්ටි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එක් වී සිටින එම තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය මේ අවස්ථාවට සහභාගී වී සිටියේ නැත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අසංග ගුරුසිංහද නයිජීරියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීම හේතුවෙන් ඔහුටද මෙම සැමරුමට එක්වීම  නොහැකි විය. ඔවුන් දෙදෙනා හැර 96 ශ්‍රී ලංකා ලෝක කුලසලාන කණ්ඩායම නියෝජනය කළ සියලූ ක්‍රිඩකයින් ඇතුලු නිලධාරීහු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඒ අවස්ථාවේදී එම උත්සවය ඇමතූ හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග මෙසේ ප්‍රකාශ කළේය.

ගරු අගමැති තුමනි. මේ ආරාධනාව ඔබ තුමා මා වෙත එවපු වෙලාව ඉතාම ආදරයෙන් ඒ ආරාධනාව මම පිළිගත්තේ. ඔබ තුමා ඒ දවස්වල අපි ජාත්‍යාන්තරයේ ප්‍රසිද්ධ නැති කාලෙ අපි වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක්. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා.  මහින්ද අයියා කියන ඒ චරිතයට තියන ගරුත්වයක් හැටියට තමයි මමත් අපේ කණ්ඩායමත් මේ ආරාධනාව පිළිගත්තේ.

අද ක්‍රිකට් ගැන කතා කරන්න ගියොත් මම හිතන්නේ මේ වේදිකාව කොයි පැත්තට යයිද දන්නෙ නෑ, මම ඇතුළට එනකොට සමහර අයව දැක්කම මට හැරිලා යන්න හිතුනා. ගරු අගමැති තුමනි. ඒකත් මම  ඔබ තුමාට කියන්න ඕන.

මොකද අද   ක්‍රිකට් මේ තත්වයට ගේන්න අපට අනූ හයේ ජයග්‍රහණය කරන්න පුලුවන් උනේ අපි 14 දෙනා හින්දා නෙමෙයි. ඒ දවස්වල තිබුණු පරිපාලනය, දේශපාලන අධිකාරිය කවදාවත් අපිව අතපත ගාන්න ගියෙ නෑ. අපට බලපෑම් කරන්න ආවෙ නෑ.

ලෝකයක් අපි දිනා ගත්තත් අද අපේ ක්‍රිකට් මොන තත්වයට ගිහින් තියෙන්නෙ  කියලා  කියන්නත් බෑ.

එක පැත්කින් වාර්තා පිහිටනවා වගේම අපේ ක්‍රිකට් පරිපාලනයත් හොඳ වාර්තා පිහිටවනවා. අද ලෝකෙ කොහෙවත් නැති තරග පාවා දීමේ කාර්යාලයක් පවා ලංකාවෙ බිහි වෙලා තියනවා.  ගරු අගමැති තුමනි.  ඉස්සර පකිස්තානය තමයි දූෂිත ක්‍රිකට්වලට මූලික වෙච්චි රට.  . හැබැයි කවදාවත් ඒ රටවල්වල  “ඇන්ටි කරප්ෂන් ඔෆීස් එකක්“ ඇරියෙ නෑ. අපේ රටේ ඇරලා තියනවා.

පහුගිය කාලෙ අපි දැක්ක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩයන්ට කොහොමද සලකන්නෙ කියලා . මම දන්වා අපේ කණ්ඩායමේ  හිටපු හොඳම පුහුණු කරුවන්ට කොහොමද මේ අය  සැලකුවෙ කියලා. මේක ජාතික උත්සවයක් උනත්  මේ ගැන නොකිව්වොත් මමත් ලොකු අඩුපාඩුවක් කරලා තමයි ගෙදර යන්නේ.  මොකද මම මුලින් කිව්වා වගේ ඇතුළට එනකොට මට හිතුනා මම හැරිලා යන්න ඕන ද කියලා. මේ මිනිස්සුත් ඉන්නවා නේද මෙතන කියලා.

මම මේ කියන්නෙ පුද්ගලික තරහකට නෙමෙයි. සමහර දේවල් අපට කරන්න පුලුවන්. සමහර දේවල් කරන් න බැහැ. කරන්න බැරි වෙනකොට අපි දැනගන්න ඕන  පැත්තකට වෙලා කරන්න පුලුවන් අයට ඒක භාර දෙන්න.

ඒ මගෙ හැටි. ක්‍රිකට් ක්‍රීඩාව අද කොහොද ගියෙ කියලා බලන්න ගරු අගමැති තුමනි. මම දැක්ක පහුගිය දවසක කෝප් කමිටුවට ගිහින් මොනවගේද මේ අය ඊට මුහුණ දුන්නේ කියලා.    96 කණ්ඩායමේ හිටිය ක්‍රීඩකයන්ට මොනවගේ සැලකුවද කියන එක මේ පරිපාලනය.

ඔබතුමාගෙන්  මම ඉල්ලීමක් කරනවා පුලුවන්නම් හරි කොමිසක් පත් කරලා මේ ක්‍රීඩාවට වෙච්ච විනාශය ගැන හොයලා බලන්න….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තර මැදිහත් වීමක් ඉල්ලා දෙමළ මන්ත්‍රීවරු යළිත් උද්ඝෝෂණයේ..

Next Post

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඇඟිලි ගැසීම් නිසා රෝහල් රැසක පරිපාලනය අවුල්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.