අඛණ්ඩව විදුලිය සපයා ගැනීම සම්බන්ධව තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරු 11ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු කර තිබේ.
එහිදී විශේෂ අවධානය යොමු වෙන්නෙ තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයා ගැනීම සහ පෞද්ගලික ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම බව වාර්තා වේ.
එහිදී අවශ්‍ය ඉන්ධන ලංකා විදුලිබල මණ්ඩලයට ඍජුව මිලදී ගැනීමට ඇති හැකියාව පිළිබඳ සාකච්ඡා කරන බව බලශක්ති ඇමති ගාමිණී ලොකුගේ ප්‍රකාශ කර ඇත.
මීට අමතරව පෞද්ගලික තාප බලාගාර දෙකක් මගින් ජාතික පද්ධතයට විදුලිය මිලදී ගැනීම සම්බන්ධව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද බලශක්ති අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කර තිබුණේ අඛණ්ඩ විදුලි සැපයුම පිළිබඳ සැලසුමට අදාල සියලු දේ අද දක්වා සම්පාදනය කර තිබුණු බවත් ඉන් පසු ඇතිවන තත්වය සම්බන්ධව අද සාකච්චා කරන බවත්ය.







