පසුගිය 13 දා අකුරේගොඩ කීල්ස් රථ ගාලේ දී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ අපරාධකරුවෙක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.
මේ වනවිට අදාල විමර්ශන බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරමින් පවතී.
දැනට සිදුකරන ලද විමර්ශනයේදී ලැබී ඇති තොරතුරු මත පහත රූප විස්තර සහිත සැකකරුවෙකු සම්බන්ධව අනාවරණය වී ඇති අතර සැකකරුගේ රූප විස්තර පහත පරිදි වේ.
සැකකරුගේ රූප විස්තර අනුව උස අඩි 05 අගල් 05 ක් පමණ වේ. වයස අවුරුදු 44කි. තද පැහැති ශරීර වර්ණයකින් යුතු අදාල පුද්ගලයාගේ ඇස් යට කහ පැහැයට හුරු බොර පැහැයක් සහිත බවත් දකුණු පස කම්මුලට පහළින් කැපුම් තුවාල කැළලක් ඇති බවත් පොලිසිය පවසයි.
මෙම සැකකරුගේ වර්ථමාන ස්වරූපය AI තාක්ෂණය ඔස්සේ විවිධ ආකාරයට නිර්මාණය කරන ලද ඡායාරූප කිහිපයක් මේ වනවිට පොලිසිය මාධ්‍යයට නිකුත් කර තිබේ.
මෙම රූප ස්වරූපය සහිත සැකකරුවෙක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකතන අංක –
- නියෝජ්‍ය පොලිස්පති / බස්නාහිර පළාත උතුර – 071-8598008
- කොට්ඨාස භාර නිලධාරී / නුගේගොඩ – 071-8591641
- අධ්යක්ෂ / බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය – 071-8592279








