බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අංගොඩ ලොක්කාගේ මිනීමරු ගෝලයා බැබා එස්.ටී.එෆ් එකෙන් කොටු කර ගනී

by Lanka Sara Editor
ජූලි 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අංගොඩ ලොක්කා නැමැති පාතාල ප්‍රභලයෙකුගේ ප්‍රධානම ගෝලයෙක් වූ ක්‍රිෂාන්ත නිලංග දාබරේ නොහොත් බැබා (26) නැමැත්තා ඊයේ (06) පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත්තේය.

මේ වනවිට ඉන්දියාවේ සඟවී සිටින අංගොඩ ලොක්කාගේ මෙහෙයවීමෙන් මෙම පාතාල අපරාධකරු මිනිස් ඝාතන හා ඝාතනය කිරීම්වලට තැත්කිරීම ගණනාවක් කර ඇති බවට චෝදනා ඇතැයි පොලිසිය කියයි.

මාලඹේ පිට්ටුගල ජෝතිපාල මාවතේ පිහිටි එවකට සිටි ඇමතිවරයෙක් වූ සුජීව සේනසිංහගේ ලේකම්වරයෙකුගේ නිවසට  වර්ෂ 2018 වසරේ මාර්තු 26 වෙනිදා රාත්‍රී කාලයේ වෙඩි තබා තිබුනේද මොහු විසින් බව වාර්තා වේ.

එම වෙඩි තැබීමට සතියකට පෙර අතුරුගිරියේ ගල්වරුසාව පාරේ සුපර්සෝන් නිවාස සංකීරණයට හැරෙන ස්ථානයේදී තලගලගේ නිමල් පෙරේරා නොහොත් පොඩි සුදූ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේද,   2018 වසරේ පෙබරවාරි 18 වෙනිදා තලංගම දී පුද්ගලයෙක්ට වෙඩි තබා ඝාතනය කර කාන්තාවකට බරපතල තුවාල කර ඇත්තේ ද මොහු බව විශේෂ කාර්ය බලකාය කීවේය.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

 
අංගොඩ ලොක්කා සහ  ඔහු සමග ඉන්දියාවේ සිටින ලඩියා නිතරම මෙම අපරාධකරුට ජංගම  දුරකතනවලින් ඇමතුම් ලබා දෙමින් මෙහෙයවන බවත්,  ඒ උපදෙස් මත  ඔහු මත්කුඩු බෙදාහැරීම් ඇතුළු අපරාධවල නිතරව සිටින බවටත් විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබී ඇත.

අතුරුගිරිය ශාන්තාලෝකගම, අන්නාසිවත්ත මාර්ගයේදී මෙම සැක කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ  විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වාට ලද විශේෂ තොරතුරකට අනුවය.

ඒ වනවිට ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 120 ක්ද තිබුණු බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අතුරුගිරිය ප්‍රදේශයේ මේ වන විට ආරම්භකර ඇති මහල්  නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා තමන්ගේ මෑන් පවර් ආයතනයෙන් සපයන කම්කරුවන් පමණක් යොදා ගත යුතු  බවට එම නිවාස ඉදිකිරීම්වල නිරත ආයතනවලටද මොහු විසින් තර්ජනය කර ඇතැයි  විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණය කරගෙන තිබේ.

වැඩිදුර විමර්ශන සදහා මෙම පාතාල කල්ලි සාමාජිකයා අතුරුගිරිය පොලිස් ස්ථානයට භාරදී ඇත.

Share76Tweet43
Previous Post

වැලිකඩ රැඳවූවකුට කොරෝනා

Next Post

නාකොටික් කුඩ්ඩෝ 2018 සිට පාතාලයට තරගයට කුඩු විකුණලා

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.