බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අංගොඩ ලොක්කා වස දී මරා දැමුවාද?

අංගොඩ ලොක්කා මරා දැමූ බව කියන අනියම් බිරිය අතුරුදන්... සැබෑවටම ඔහු මිය ගියා දැයි සැකයක්....

by editor
ජූලි 22, 2020 - Updated on ජූලි 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • මරා දැමූ පාතලයෙක් වූ රත්තරන්ගේ බිරිය සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇයව ඉන්දියාවට ගෙන්වාගෙන
  • අංගොඩ ලොක්කා වස දී මැරූ බව කියන්න මේ කාන්තාව අතුරුදන්
  • මරණය සිදුවී සති දෙකක් පහුවෙලා ලු.. ආදාහනෙත් හමාරලු…
  • අංගොඩ ලොක්කා මැරුණ බවට කිසිම සාධයක් පවුලේ අයගෙන් ලැබෙන්නෙ නෑ…

ඉන්දියාවට පැන ගොස් එහි සිට මත්කුඩු ජාවාරම්  කප්පම් ගැනීම්, මිනී මැරීම් ඇතුළු අපරාධ ගණනාවක් මෙහෙයවමින් සිටි අපරාධකරුවකු වන  අංගොඩ ලොක්කා මීට ටික දිනකට පෙර හදිසියේ මරණයට පත් වී ඇති බව වාර්තා වේ.  ඔහුගේ අනියම් බිරිය විසින් දීර්ඝ කාලීනව ලබා දෙන වස වර්ගයක් හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදුව ඇති බව පැවසෙන අතර ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු වාර්තා කරන්නේ මේ වනවිට ඔහුගේ ආදාහන කටයුතු පවා සිදුව අවසන් බවය.

ඔහුට සමීප ආරංචි මාර්ගවලින් ලැබී ඇති තොරතුරුවලින් කියවෙන්නේ මෙම මරණයට අංගොඩ ලොක්කාගේ කල්ලියේ අභ්‍යන්තර ගැටුමක් හේතු වී  ඇති බවය. ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රෙද්ශයේ  ජිවත් වන බව පැවසෙන අංගොඩ ලොක්කා කාය වර්ධන ව්‍යායාම සිදු කරන්නෙකි. ඔහු  දිනපතා භාවිත කෙරෙන ශක්ති ජනක ඖෂධ සමඟ ඇයගේ අනියම් බිරිය යම් විෂ වර්ගයක් ලබා දීම  හේතුවෙන් හට ගත් හදිසි හෘදයාබාධයක් නිසා මරණය සිදුවී ඇති බවත් ඒ අනුව මෙය ඝාතනයක් බවත් එම වාර්තා පෙන්වා දෙයි.

එසේ වුවද බුද්ධි අංශ අංගොඩ ලොක්කාගේ සමීපතම ඥාතීන් ඇසුරින් තොරතුරු විමසා ඇතත් ඔහුගේ මවගෙන්, පියාගෙන් හෝ සහෝදරියගෙන් මේ සම්බන්ධ කිසිදු තොරතුරක් අනාවරණය කර ගත හැකිව නැත. එසේම ඔහුගේ බිරිය සහ දරුවා ඇඹිලිපිටියේ ජීවත් වන අතර ආරංචිමාර්ග පවසන අකාරයට අංගොඩ ලොක්කා සති දෙකකින් පමණ ඇයට අමතා නොමැති බව හෙළි වේ. කෙසේ වුවද මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේ ඔවුන් වෙතින් අංගොඩ ලොක්කා මිය ගොස් ඇති  බවට කිසිදු සේයාවක් පෙන්නුම් නොකළ බවයි.

 මෙම තත්ත්වය මත  ඉන්දියාවෙන් ලද තොරතුරු නිසි ලෙස සනාථ කර ගැනීම සඳහා මේ වනවිට පොලිසිය සහ බුද්ධි අංශ ද ක්‍රියත්මක වී තිබෙන අතර මේ පිළිබඳව ඉන්දියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහාද තොරතුරු ලබා ගැනීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

2017 වසරේ පෙබරවාරි මාසයේදී කනළුතර දී පාතාල අපරාධකරුවකු වන සමයං ඇතුලු පාතාල සාමාජිකයන් කිහිපදෙනකුද  බන්ධනාගාර නිලධාරීන් ද  ඇතුළු හත් දෙනකු බන්ධනාගාර බස්රථයක ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු අංගොඩ ලොක්කා සහ ලඩියා නැමති අපරාධකරුවා    බෝට්ටුවක නැගී ඉන්දියාවට පලා ගියේය.

එයින් පෙර   වරක් ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට සැකසූ ව්‍යාජ ගමන් බලපත්‍රයක් හරහා ඩුබායි යාමට ගත් උත්සාහයේදී ඔහු  අත්අඩංගුවට ද පත් විය.

 2017 වසරේ ජනවාරියේදී ඝාතනය වූ  අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන රත්තරන් නැමැත්තාගේ බිරිය සමඟ ඔහු ඇසුරක් පවත්වා තිබේ. අනතුරුව ඔහු ඇයද ඉන්දියාවට ගෙන්වා ගෙන තිබේ. අංගොඩ ලොක්කාට වස දුන් බව කියන්නේ ඇයයි.

මේ වනවිට ඇය කොයිම්බතුරේ ප්‍රදේශයෙන්  අතුරුදන් බවට වාර්තා සඳහන් කරයි.

Tags: විශේෂ
Share79Tweet43
Previous Post

ප්‍රහාරයකින් තුවාල ලැබූ පාලිත තෙවරප්පෙරුම රෝහලට

Next Post

දේශපාලනමය භෝජන සංග්‍රහ ආදියට නිලධාරීන් යන බවට පැමිණිලි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.