බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අංගොඩ ලොක්කා මියගොස් ඇත්තේ විෂක් නිසා නොවේ

ඉන්දීය රහස් පොලීසිය කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 17, 2020 - Updated on සැප්තැම්බර් 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට පලාගොස් සිටියදී මියගිය මෙරට පාතාල නායක මදුමාගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා කොයිම්බතූර්හිදී මියයාමට හේතුව හෘදයාබාධයක් බවත් වෙනත් හේතුවක් නොවන බවත් එරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීබී-සීඅයිඩී) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය වාර්තා අනාවරණය කරයි.

අංගොඩ ලොක්කාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ රසායනික පරීක්ෂණය සහ පටක හා සෛල වාර්තා පදනම් කරගනිමින් හෙතෙම මේ බව පවසා ඇත.

සී.බී.අයි.ඩී පොලිස් ස්ථානාධිපති අවධාරණය කර ඇත්තේ “එම වාර්තාවල විෂ හෝ වෙනත් සැක සහිත කරුණු සොයා ගැනීමට නොහැකි විය” යනුවෙනි.

කොයිම්බතූර් හි චෙරන් මා නගර් අසල බාලාජි නගර් හි කුලී නිවසක අංගොඩ ලොක්කා ජීවත් වූ බව කියැවේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අමානි තන්ජි නම් ශ්‍රී ලාංකික කාන්තාව ඔහු සමග විසූ කාන්තාවයි.

මූලික ප්‍රකාශයට අනුව ජූලි 3 වන දින රාත්‍රියේ අංගොඩ ලොක්කාට පපුවේ වේදනාවක් ඇති වූ අතර අමානි විසින් ඔහු පෞද්ගලික රෝහලක අසල්වැසියන් දෙදෙනෙකුගේ උපකාරයෙන් රැගෙන ගොස් ඇත.

එහිදී වෛද්‍යවරුන් විසින් ඔහු මියගිය බව ප්‍රකාශ කර ඇත.

පසුව දේහය කොයිම්බතූර් ශික්ෂණ රෝහලට (සීඑම්එච්එච්) ගෙන යන ලදී.

අංගොඩ ලොක්කා කොයිම්බතූර් හි වසර දෙකක් පමණ ජීවත් වූයේ ප්‍රදීප් සිං යනුවෙන් හඳුන්වාගනිමිනි. ඔහු සතුව ප්‍රදීප් සිං නමින් ආධාර් කාඩ්පතක් තිබී ඇත.

ජුලි 5 වන දින සීඑම්එච්එච් හි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු අංගොඩ ලොක්කාගේ දේහය මදුරෙයි වෙත ගෙන ගොස් එහි ආදාහනය කර ඇත.

කොයිම්බතූර් නගර පොලිසිය පසුව සොයාගත්තේ ආධාර් කාඩ් පත ව්‍යාජ ලියකියවිලි භාවිතයෙන් ලබා ගත් බවයි. අමානි තාන්ජි හා ව්‍යාජ ලියකියවිලි සකසා අංගොඩ ලොක්කා රෝහලට රැගෙන යාමට ද සහය දුන් දෙදෙනා අගෝස්තු 2 වනදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සීබී-සීඅයිඩී පසුව මෙම විමර්ශනය භාරගෙන වෙනම නඩු කටයුතු දෙකක් ලියාපදිංචි කළේය.

එකක් අංගොඩ ලොක්කාගේ මරණය හා අනෙක් තිදෙනාට එරෙහිව ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කිරීම, වැරදිකරුට රැකවරණය සැපයීම, අපරාධ කුමන්ත්‍රණය කිරීම සහ වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම ආදිය පිළිබඳවයි.

අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත කරුණු ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සීබී-සීඅයිඩී දෙවන නඩුව කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි ශංකර් මහතා පැවසීය.

සීබී-සීඅයිඩී පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ අංගොඩ ලොක්කා සතුව පිස්තෝලයක් තිබී ඇති අතර ඔහුගේ මරණයෙන් පසු එය මදුරෙයිහි ශ්‍රී ලාංකික ජාතිකයෙකුට භාර දී තිබෙන බවයි. එම ශ්‍රී ලාංකිකයා සොයා ගැනීමට ඉන්දීය පොලීසිය කටයුතු කරමින් සිටි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් බිම්බෝම්බ 24000 ක් ඉවතට

Next Post

අදින් ඇරඹෙන පොත් ප්‍රදර්ශනයේ සෞඛ්‍ය නීති රකින හැටි බලන්න සෞඛ්‍ය අමාත්‍යංයෙන් විශේෂ නියාමනයක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.