බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩ්ඩාගේ කුපාඩි හොරකම  විනාඩි 25කට පෙර සිදුවුනා නම්  වෙන්න තිබුණේ  ලංකාවේ බිහිසුණුම දුම්රිය අනතුරකි….

කුඩ්ඩන්ගේ 'සික්' එකට බිලිවෙන දුම්රිය මගීන්ගේ ජීවිතවල ඇත්තම කතාව...

by editor
මැයි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල –

  • අවුරුදු එක හමාරකට කලින් පාලමේ තැන් තැන්වල ඇණ යකඩ බේස් ගලවන්න අරන් … කැලණි පාලම කුඩ්ඩන්ගෙන් බේරගන්නේ රෑට පාලම දෙපැත්තෙ ගාර්ඩ් දාලා…

  • කොච්චර ගාර්ඩ් දැම්මත් කුඩ්ඩො රේල් පාරේ පීලි යකඩ බේස් ගලවනවා… මාසෙකට උන් දෙතුන් දෙනෙක් ආරක්ෂක අංශවලට කොටු වෙනවා…

  • නීතිය තදින් ක්‍රියාත්මක වෙන්නේ නෑ… කුඩ්ඩන්ගේ  යකඩ මිලදී ගන්න උන්ටත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ…

  • කෝච්චියේ යන එන අපේ ජීවිත කුඩ්ඩන් ගේ සික් එකට බිලිවෙන්නට නියමිතව ඇති හැටි  කියවන්න….

මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි කුඩ්ඩෙක් විසින් වනවාසල  දුම්රියපලට මීටර 100ක් පමණ ඉදිරියෙන් ඇති ‘සොලිඩ් බේස්’ (Solid Base) අංගනයට ඇතුළු වන මාර්ගය සහ ප්‍රධාන දුම්රිය මාර්ගය එකිනෙක සම්බන්ධ වන, පීලි මාරු කරන ස්ථානයේ (Point) තිබූ යකඩ බාර් (Lock bars) ගලවා ගැනීම සිදු වී ඇත්තේ  පිලී පනින ලද  මන්දගාමි දුම්රියට ආසන්න පෙර එම ස්ථානය පසු කළ සීඝ්‍රග්‍රාමී දුම්රිය තුනක් එම ස්ථානය පසුකර ගිය පසු බවත්  අඩුම තරමින් තව විනාඩි 30කට පෙර මෙම ගැලවිම සිදුකළා නම් සිදුවන්නට නියමිතව තිබුණේ ලංකාවේ බිහිසුණුම දුම්රිය අනතුරුවලින් එකක් බවත් දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේය.   

මෙම දුම්රිය පීලි  පැනීමට ලක් වන්නේ  අලුයම 3.25ට  පොල්ගහවෙල සිට  දකුණු කළුතර දක්වා ගමන් කරනා අළුයම මන්දගාමී දුම්රියය.  එම දුම්ර්ය කොළඹ කොටුවට ලඟා වන්නට නියමිතව තිබුණේ  අළුයම 5.38 ටය. මීට ආසන්න වෙලාවලදී සීඝ්‍රගාමී  දුම්රිය තුනක් මේ මාර්ගයේ ගමන් කරන්නේය.  එනම්  2.46 ට පොල්ගහ වෙල පසුකර එන සීඝ්‍රගාමී දුම්රිය, 3.09ට පොල්ගහවෙල පසුකර  මොරටුව දක්වා ගමන් කරන සීඝ්‍රගාමී දුම්රිය සහ 3.47ට පොල්ගහවෙලින් පිටත් වී,  3.25ට පිටත්වී ඇති  මන්දගාමී දුම්රිය පසුකරමින්  පැමිණ 5.17ට   කොළඹ කොටුව දුම්රිය ස්ථානය ලඟාවන  සීඝ්‍රගාමී දුම්රිය ය.

මෙම දුම්රිය තුනම ගමන් කළ පසු  මන්දගාමී දුම්රිය අනතුර සිදුවූ  ස්ථානයට ලඟා වන්නේය.  වනවාසල දුම්රිය ස්ථානයේ නවත්වා ගමන් ආරම්භ කර අනතුර සිදුවන  ස්ථානයට එන විට දුම්රියේ සාමාන්‍ය වේගය පැවතී ඇත්තේ පැයට  කිලෝමීටර 10-15 අතරය.  මේ ස්ථානය පසුකර ගිය සීඝ්‍රගාමී දුම්ර්ය තුනම එතැන  පසුකරන්නේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 80කට ආසන්න  වේගයෙන් බව දුම්රිය දෙපාර්තමේන්තු  ආරංචි  මාර්ග කියන්නේය.

දුම්රිය පීලි පනින්නේ    පීලි මාරු කරන ස්ථානයේ (Point) තිබූ යකඩ බාර් (Lock bars)  ගැලවීම නිසා එම ස්ථානය  ලිහිල් වී  ධාවනය වූ දුම්රියේ ඉදිරි මැදිරි ප්‍රධාන මාර්ගයේත්, පසුපස මැදිරි අනෙක් මාර්ගයෙත් ගමන් කර ඇති බැවිනි. මෙලෙස මැදිරි පීලි දෙකකට බෙදී ධාවනය වීම හේතුවෙන් මෙම බලවේග කට්ටල දුම්රියේ දෙවන මැදිරිය පීලි පැන පෙරළීමට ලක්ව තිබිණි.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ඇත්ත ප්‍රශ්නය කුමක් ද?

දැන් නැගෙන ප්‍රශ්නයක් ඇත.  මන්දගාමී දුම්රිය පිලී පැනීමට පෙර අවසන් වරටය එම ස්ථානය පසුකරන සීඝ්‍රගාමී දුම්රිය ගමන් කරන්නේ  මන්දගාමී දුම්රිය  පිලී පැනීමට විනාඩි 20ක් 25ක් අතර කාලයකට පෙරය.  එපමණ කෙටි කාලයක දී මේ යකඩ කොටස ගලවා ගැනීමට කුඩ්ඩෙකුට හැකි ද යන්නය.

“ වැඩේ දන්න එකෙකුට මේ යකඩ බාර් එක ගලවන්න  එක පාරයි ගහන්න ඕන…”  දුම්රිය නිලධාරියෙක් අපට කීවේය.

ඇත්තම ප්‍රශ්නය හිතනවාට වඩා බෙහෙවින්ම බරපතලය. වනවාසල කැලණිය අතර දුම්රිය මාර්ගයේ    කොටස් ගැලවීම වළක්වා ගත නොහැකි පිළිලයක් බඳු විනාශයක් බව ඔවුහු අපට කියති.  කුඩුවලට ඇබ්බැහි වූ කුඩ්ඩන් විසින් ගලවාගෙන යන රේල් පීලිවල ඇණ, යකඩ කොටස් නිසා විශාල අනතුරු වෙන්නට ගොස්  බේරී ඇත්තේ පූරුවේ පිනකටය. පසුගිය අවුරුදු එක හමාරක කාලය තුළ මේ ඇණ ගැලවීම් බහුලවම සිදුවී තිබුනේ  කැලණි ගඟ මතින් විහිදෙන කැලණි පාලමේ වීම ඇඟ හිරිවැටෙන කතාවකි. කැලණි පාලම මත දුම්රියක් පීලි පැනීම ගැන මටනම් හිතනවිටත් උගුර කට වේලෙන්නේය.

මේ  බිහිසුණු ව්‍යසනය වලක්වා   ගැනීමට මේ වනවිට පාලම දෙපස විශේෂ ආරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවී තිබේ.  මොනතරම් ආරක්ෂක විධි විධාන දැම්මත් දුම්රිය මාර්ගයේ ඇණ ඇතුළු කොටස් ගැලවීමත්,  එවැනි කුඩ්ඩන් දෙතුන් දෙනෙක් මාසයකට වරක් අත් අඩංගුවට ගැනීමත් නිරන්තරව  සිදුවෙමින් ඇත.

මුන් අල්ලාගෙන උසාවියට ඉදිරිපත් කරන්නේ පොදු දේපල පනත යටතේය. බොහෝ විට ඉදිරිපත් වන ව්‍යාජ මානුෂික හේතු  පදනම් කරගෙන  ඉතා සුළු දඩයකින් උන් නිදහස් වී යෑම පිළිබඳව බරපතල අවුලක් දුම්රිය නිලධාරීන්ට ඇත. මේ කාලකණ්ණින්ට   දැඩි දඬුවම් පැමිණවීමේ අවශ්‍යතාවය ප්‍රමුඛ බව වනවාසල සිද්ධිය පෙන්නුවේ  සිදුවන්නට ගිය අනතුර මීට වඩා බෙහෙවින්ම බරපතල බවට ඉඟි කරමිනි.

එමෙන්ම මේ කුඩ්ඩන් දුම්රිය මාර්ගයේ  කොටස් ගලවා අලෙවි කරන්නේ කැලණිය සහ වනවාසල අවට ඉන්නා  පරණ යකඩ බඩු විකුණන උන් කීප දෙනෙකුටය. ඉහළම  තත්ත්වයේ යකඩ බැවින් ව්‍යාපාරිකයින්  ඒවා   මිලදී ගන්නේය.  මේ යකඩ  ගලවන්නේ දුම්රිය මාර්ගයෙන් බවත්, එම යකඩ රාජ්‍ය දේපල බවත් දැනුම්වත්ව කුඩු කාරයෙකුගෙන්  ඒවා මිලදී ගන්නා වෙළෙන්දන්  සම්බන්ධව මෙතෙක් බරපතල ලෙස නීතිය ක්‍රියාත්මක වූයේ නැත. පොලිසියත්  උන් සාක්ෂිකාරයින් කරගෙන උන් විෂයෙහි නිතිය ක්‍රියාත්මක නොකිරීමට වගබලා ගන්නා ක්‍රමයක් ඇත.  මේ ක්‍රමය වෙනස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියට  බල කළ යුතුබව අවධාරණය වන්නේ කෝච්චියේ යන එන අපේ ජීවිත සමග මේ කෙළින සූදුව සිල්ලර එකක් නොවන නිසාය.

දුම්රිය වෘත්තිය සමිතිවල හැසිරීම

මේ සම්බන්ධව අප කළ විමසීමක දී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ  මේ සිදුවෙමින් ඇති  දේපල කොල්ලයට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට බල කරන ස්ථාවරයක  තම සංගමය සිටින  බවය. එහෙත් මේ වැනි තත්ත්වයක් තුළදීවත් සොයා බලා වගකීමකින් විනයකින් කටයුතු කරන්නට දුම්රිය රියදුරන්ට නොහැකි වීම පිළිබඳව මේ වනවිට සමාජය තුළ අප්‍රසාදයක් මතු වී තිබේ.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එස්.ආර්.සී.එම්. සේනානායක ප්‍රකාශ  සිද්ධිය වි පැය කීපයකට පසුව ප්‍රකාශ කරන්නේ  දුම්රිය මාර්ගයේ පවතින අනතුරුදායක තත්ත්වය සහ පාලනාධිකාරියේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවය.,   අනතුර සිදුවූ ස්ථානයේ පීලි මාරු කරන පද්ධතියේ (Point) යකඩ බාර් සහ ඇණ කිසියම් පිරිසක් විසින් හිතාමතා ගලවා ඉවත් කිරීම හේතුවෙන් මෙම පීලි පැනීම සිදුව ඇති බවට විමර්ශන සාක්ෂි මගින් අනාවරණය වි තිබියදීත්,  සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබියදිත්  , සිද්ධියේ සාපරාධී හෝ කඩාකප්පල්කාරී ස්වභාවය පිළිබඳව නිසි සොයා බැලීමකින් තොරව සිදුකරන මෙවැනි දේශපාලන  ප්‍රකාශවලින් සිද්ධිය පිළිබඳව සිදුවන නිල විමර්ශනවලටත් බාධා ඇතිවන බව පෙනී ගොස් ඇත. උන් දකින දකින දෙයින් පහර දෙන උම්මන්තකයින් වැනි කණ්ඩායමකි.

අවසාන වශයෙන් කිව යුත්තේ මේ නොසලකා හැරිම්, අතපසුවිම්, කාකොටා ගැනීම් දේශපාලන සූදු අතර කෝච්චියේ උදේ හවස යන එන අපේ ජීවිත අනතුරේ බව පමණය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වාහන ආනයනයට 50%ක අතිරේක බද්ද  නිසා වෙන්න යන්නේ කුමක් ද?

Next Post

ටාටා සමාගම හදපු Made-in-India C295 ගුවන් යානය ළඟදීම ගුවන්ගත වීමට සූදානම්;

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.