සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්ඨාචාරවත් මනුෂ්‍යයන්ගේ යුගයක අවසානය හෝ පැවැත්ම තීරණය කරන ස්ලාමාබාද් සාකච්ඡා ගැන වචනයක්…

by editor
අප්‍රේල් 11, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කපිල කේ හීනටියන –

දශක කිහිපයකට පසු ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සිදුවන  තීරණාත්මක සහ සෘජු රාජ්‍ය තාන්ත්‍රික හමුවකට පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් නුවර මේ වන විට සත්කාරකත්වය සපයමින් සිටී.

පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික සටන් විරාමය ස්ථිර සාමයකට පරිවර්තනය කිරීමේ අරමුණින් දෙරටේම ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායම් මේ වන විටත් ඉස්ලාමාබාද් වෙත පැමිණ සිටිති. පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මෙම සාකච්ඡා හඳුන්වනු ලැබුවේ මැදපෙරදිග කලාපයේ ස්ථාවර සාමය උදෙසා පවතින ” හැදෙන්න හෝ මැරෙන්න” (make or break) වැනි තීරණාත්මක අවස්ථාවක් ලෙසය.

ඉස්ලාමාබාද් නුවර පෙර නොවූ විරූ ආරක්ෂාවක්

පාකිස්ථානයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා ඉස්ලාමාබාද් නුවර පිහිටි දැඩි ආරක්ෂක රැකවල් සහිත සුඛෝපභෝගී හෝටලයක පවත්වනු ලැබේ. සාකච්ඡා වෙනුවෙන් නගරයේ ආරක්ෂාව පෙර නොවූ විරූ මට්ටමකින් දැඩි කර ඇත. නගරයේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය වන බ්ලූ ඒරියා (Blue Area) හරහා දිවෙන ප්‍රධාන මාර්ග ඇතුළු බොහෝ මාවත් වසා දමා හෝ සීමා කර තිබේ.

අගනුවර ඇතැම් ප්‍රදේශවලට රජය විසින් දෙදින රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, පාකිස්ථාන බලධාරීන් විසින් පොලිස් සහ හමුදා බලඇණි විශාල වශයෙන් ආරක්ෂාව සඳහා යොදවා තිබේ. ඇමරිකානු දූත පිරිසේ පැමිණීමට පෙර 100ක පමණ පිරිසකගෙන් සමන්විත පූර්ව ගවේෂණ කණ්ඩායමක් ඉස්ලාමාබාද් වෙත පැමිණ සිටි අතර, ඉරාන දූත පිරිස සිකුරාදා රාත්‍රියේ සහ සෙනසුරාදා අලුයම අතර කාලයේදී පැමිණියහ. ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ඇතුළු දූත පිරිස සෙනසුරාදා උදෑසන ඉස්ලාමාබාද් වෙත ළඟා වූහ.

Islamabad
ස්ලාමාබාද් නුවර ජන ශූන්‍ය වීදි…

අර්බුදයේ මූලික කරුණු

දැනට පවතින සටන් විරාමය ඉතා අස්ථාවර මට්ටමක පවතින බව විදේශීය වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ලෙබනනයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග, ලෝක තෙල් වෙළඳාමේ මර්මස්ථානයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය, ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි සංකීර්ණ කරුණු මෙම සාකච්ඡාවල ප්‍රධාන මාතෘකා වී ඇත.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඉරානය අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායලය ලෙබනනයේ සටන් විරාමයකට එකඟ වන්නේ නම් සහ අත්හිටුවා ඇති ඉරාන වත්කම් නිදහස් කරන්නේ නම් පමණක් සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි. ඇමරිකානු පාර්ශවය සුහදශීලී සාකච්ඡාවකට සූදානම් වුවද, කිසිදු පාර්ශවයකට තමන්ව රවටන්නට ඉඩ නොදෙන බවට අනතුරු අඟවා ඇත.

ඇමරිකානු නියෝජිත කණ්ඩායම

මෙම සාකච්ඡාව සඳහා ඇමරිකාවෙන් සහභාගී වන ඉහළම මට්ටමේ නිලධාරියා වන්නේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ය. ඔහු සමඟ ප්‍රධාන සාමාජිකයන් ලෙස පහත පිරිස එක්ව සිටිති:

  • ස්ටීව් විට්කොෆ්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත.
  • ජැරඩ් කුෂ්නර්: ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක.

තමන් ඉරානය සමඟ බැරෑරුම් ලෙස සාකච්ඡා කිරීමට විවෘත මනසකින් යුතුව පැමිණෙන බව පිටත්වීමට පෙර වෑන්ස් ප්‍රකාශ කළේය. මෙයට අමතරව රාජ්‍ය තාන්ත්‍රික, ආරක්ෂක සහ තාක්ෂණික විශේෂඥයන් රැසක් ඇමරිකානු කණ්ඩායමට ඇතුළත් ය.

JD-vans
උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සාකච්ඡා සඳහා පිටත් වූ අවස්ථාව…

ඉරාන නියෝජිත කණ්ඩායම

ඉරාන පාර්ශවය නියෝජනය කරමින් 71 දෙනෙකුගෙන් සමන්විත දැවැන්ත දූත පිරිසක් පැමිණ සිටිති. මෙය මෙහෙයවනු ලබන්නේ එරට පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් විසිනි. කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන් වන්නේ:

  • අබ්බාස් අරග්චි: විදේශ අමාත්‍ය (දේශපාලන අංශය මෙහෙයවයි).
  • අලි අක්බර් අහමඩියන්: උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් (ආරක්ෂක සහ හමුදා කමිටුව මෙහෙයවයි).
  • අබ්දොල්නසර් හෙම්මටි: මධ්‍යම බැංකු අධිපති (ආර්ථික කමිටුව මෙහෙයවයි).

මීට අමතරව නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසම් ගරිබාබාදි, විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගායි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ද මෙයට ඇතුළත් වෙති.

මෙම පිරිස නූර් ඛාන් ගුවන් හමුදා කඳවුරේදී පාකිස්ථාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඉෂාක් ඩාර් සහ යුද හමුදාපති අසීම් මුනීර් විසින් ඉතා උසස් අයුරින් පිළිගනු ලැබීය.

iran
ඉරාන දූත පිරිස පැමිණි අවස්ථාව…

ජාත්‍යන්තර මැදිහත්වීම සහ අපේක්ෂා

දෙපාර්ශවය අතර පවතින්නේ දැඩි අවිශ්වාසයකි. එහෙත් ලෝක බලශක්ති වෙළඳපොළට සහ කලාපීය ස්ථාවරත්වයට එල්ල වී ඇති තර්ජන හමුවේ තවදුරටත් ගැටුම් ඇති කර ගැනීමට දෙරටම අකමැති බව පෙනෙන්නට තිබේ.

චීනය, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ තුර්කිය වැනි රටවල සහාය ඇතිව පාකිස්ථානය මෙහිදී මධ්‍යස්ථ මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි.

රොයිටර්, අල් ජසීරා, ද ගාඩියන් සහ බීබීසී වැනි ජාත්‍යන්තර පුවත් සේවා පෙන්වා දෙන්නේ “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) වැනි ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගවලින් පසු ඇමරිකාව සහ ඉරානය මෙලෙස ඉහළ මට්ටමකින් හමුවන පළමු අවස්ථාව මෙය බවයි.

සාකච්ඡා අද (සෙනසුරාදා) පස්වරුවේ ආරම්භ වීමට නියමිත අතර එහි ප්‍රගතිය පිළිබඳව ලෝකයම බලාපොරොත්තු සහගතව බලා සිටී. මක් නිසාද යත්  ශිෂ්ඨාචාරවත් මිනිස්සු හෙට දවස වෙනුවෙන් ජීවත් වීම හෝ මරණයට සූදානම් කිරීම මේ හමුව විසින් තීරණය කරනු ඇති බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනාබ් ඛේදවාචකයේ මතකයන් මැද ඉරාන දූත පිරිස සාම සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් වෙත ගිය ගමනේ කතාව…

Next Post

2009 සිට සිදුකළ සියලු ගල් අඟුරු ආනයනයන් ගැන විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්… ඊලඟට කුමක් ද?!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.