බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

by editor
ජූනි 2, 2026
in පුවත්
trump-nethanyahu
Share on FacebookShare on Twitter

උපේක්ෂා උඩුවැරැල්ල – 

ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කර ගනිමින් දැවැන්ත යුද මෙහෙයුම් පුළුල් කිරීමට ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ගත් තීරණයත් සමඟ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍යවරයාට කුණුහරපයෙන් බැණ වදිමින් කළ කෝපාවිශ්ඨ ප්‍රකාශයක් සම්බන්ධව විශ්වාසනීය බටහිර මාධය විසින් වාර්තා කර ඇත.  මේ බැන වැදීමට හේතුව නෙතන්යාහූගේ තීන්දුවකි. 

හිස්බුල්ලා සංවිධානය විසින් උතුරු ඊශ්‍රායෙලයට එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, බීරූට් හි දකුණුදිග තදාසන්න ප්‍රදේශයක්වන, හිස්බුල්ලා බලකොටුවක් ලෙස සැලකෙන ඩහියේ (Dahieh) කලාපයට ප්‍රහාර එල්ල කිරීමට නෙතන්යාහු නියෝග කර තිබුණි.  ඊශ්‍රායෙලයේ මෙම ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඉරානය විසින් ඇමෙරිකාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා අත්හිටුවීමට පියවර ගත්තේය. මෙය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමඟ මූලික එකඟතාවකට පැමිණීමට දරමින් සිටි රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන්ට දැඩි බාධාවක් විය.

කුණුහරුපයෙන් බැණ වැදුණු දුරකථන ඇමතුම

ඇක්සියෝස් (Axios) සහ සී.එන්.එන් (CNN) ඇතුළු විශ්වාසදායක ජාත්‍යන්තර මාධ්‍ය ආයතන රැසක් වාර්තා කරන පරිදි, සඳුදා දිනයේ ට්‍රම්ප් සහ නෙතන්යාහු අතර සිදුවූ දුරකථන සංවාදය අතිශය කෝපාවිෂ්ට මුහුණුවරක් ගෙන ඇත.

මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෙබනනය තුළ සැලසුම් කර ඇති හමුදා ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස   නෙතන්යාහුට  දැඩි බලපෑම් එල්ල කර තිබේ. වාර්තා වන අන්දමට ට්‍රම්ප් එහිදී අසභ්‍ය වචන ද භාවිතා කර තිබේ. “You’re fucking crazy.” ට්‍රම්ප් කෝපයෙන් කෑ ගසා ඇත.  “What the fuck are you doing?”  ඔහු නෙතන්යාහූගෙන් ප්‍රශ්න කර තිබේ.  ධවල මන්දිර නිලධාරියෙක් උපුටා දක්වන ට්‍රම්ප්ගේ කෝපාවිශ්ඨ ප්‍රකාශයේ සාරාංශය මෙසේය.

“You’re fucking crazy. You’d be in prison if it weren’t for me. I’m saving your ass. Everybody hates you now. Everybody hates Israel because of this.”

RelatedPosts

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

මීට පෙර ඇමෙරිකාව ඊශ්‍රායෙලයට ලබා දුන් සහයෝගය නෙතන්යාහුට මතක් කර දී ඇති ට්‍රම්ප්, මේ ආකාරයෙන් දිගින් දිගටම බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් ඊශ්‍රායෙලය ලෝකය තුළ තනි වනු ඇති බවටත්, ඉරාන සාකච්ඡා බිඳ වැටෙන බවටත් අනතුරු අඟවා තිබේ. නෙතන්යාහු කලගුණ නොදන්නා අයෙකු ලෙස චෝදනා කළ ට්‍රම්ප්, මෙම ඇමතුමේදී ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍යවරයාට අභිබවා යමින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇත. කෙසේ වෙතත් ධවල මන්දිරය මේ පිළිබඳව නිල ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැත.

කෙසේ වෙතත් කෝපාවිශ්ඨව ට්‍රම්ප් බැන වැදීමේ දී නෙතන්යාහු ඉතා ඉවසීමෙන් සහ සංයමයෙන් පිළිතුරු දුන් බවත් ඔහුගේ ස්වරයේ යටහත් බවක් තිබුණු බවත් Axios, CNN, Times of Israel වැනි විශ්වාසනීය බටහිර ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇත.

“OK, OK, just make sure everything is taken care of.” නෙතන්යාහූ කියා ඇත.

ඇමතුමෙන් පසු නායකයන් දෙදෙනාගේ ප්‍රකාශ

මෙම දැඩි සංවාදයෙන් පසුව ට්‍රම්ප් තම ‘ටෘත් සෝෂල්’ (Truth Social) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ මෙම සාකච්ඡාව “ඉතා ඵලදායී” වූ එකක් බවයි. කිසිදු ඊශ්‍රායෙල් සේනාංකයක් බීරූට් බලා ඉදිරියට නොයන බවත්, දැනටමත් හමුදා ආපසු හැරී ඇති බවත් ඔහු පැවසීය. එසේම ඊශ්‍රායෙලය සහ  හිස්බුල්ලා  සංවිධානය අන්‍යෝන්‍ය ප්‍රහාර නතර කරනු ඇති බවත්, තමන් වක්‍රව හිස්බුල්ලා  නියෝජිතයන් සමඟ කතා කළ බවත්, ඔවුන් ප්‍රහාර නැවැත්වීමට එකඟ වූ බවත් ට්‍රම්ප් කියා සිටියේය.

නමුත් ඊට වෙනස් ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය නෙතන්යාහු තහවුරු කළේ ට්‍රම්ප් සමඟ කතා කළ නමුත් සැලසුම් කළ පරිදි දකුණු ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම දිගටම සිදු කරන බවය. බීරූට් නගරයට ප්‍රහාර එල්ල කරන්නේ හිස්බුල්ලා සංවිධානය දිගින් දිගටම ඉශ්‍රායෙල් සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළහොත් පමණක් බවද ඔහු අවධාරණය කළේය.

වත්මන් තත්ත්වය

වත්මන් තත්ත්වය අනුව, බීරූට් නගරයට එල්ල කිරීමට තිබූ මහා පරිමාණ ප්‍රහාර තාවකාලිකව නැවැත්වීමට හෝ පස්සට දැමීමට ඊ ශ්‍රායෙලය පියවර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත්, දකුණු ලෙබනනයේ මිලිටරි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය. ට්‍රම්ප් ප්‍රහාර නැවැත්වීමේ එකඟතාවක් ගැන පැවසුවද, හිස්බුල්ලා  සංවිධානය තවමත් රොකට් ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.

ඉරානය සාකච්ඡා අත්හිටුවුවද, ට්‍රම්ප් පවසන්නේ සාකච්ඡා තවමත් ඉදිරියට යන බවය. මැදපෙරදිග කලාපයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් මේ වන විටත් පවතී.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ වෙසක් කලාපයට ප්‍රහාරයක්!

Next Post

කපිල චන්ද්‍රසේනගේ නීතිඥවරුන්ට සිතාසි…

Related Posts

Ravindra-Wijegunawardhana
පුවත්

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026
පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ravindra-Wijegunawardhana

තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

ජූලි 22, 2026

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!
  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.