ඉඳුනිල් කහටපිටිය –
හිරු නාලිකාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අද දින සලකා බලන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් බන්දුල හේරත් සඳහන් කළේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය ද පදනම් කරගනිමින් සිය තීරණය ප්‍රකාශයට පත් කරන බවය.
හිරු රූපවාහිනී නාලිකාව සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් දිගින් දිගටම කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
හිරු නාලිකාව ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දී ඇති බලපත්‍ර බලපත්‍රයට අමතරව විදුලි සංදේශ නියාමන කොමිසම ලබා දී ඇති විකාශන සන්නිවේදන බලපත්‍ර කොන්දේසි ද බරපතල ලෙස උල්ලංඝණය කර ඇතැයි ලාල් කාන්ත ඇමතිවරයාගේ පැමිණිල්ලේ දැක්වේ.
අමාත්‍යවරයා ඒ සම්බන්ධව පෙරේදා ජන මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ද පැමිණිලි කර තිබිණි.
මේ අතර ඊයේ සිය නීතිඥයින් මගින් හිරු මාධ්‍ය නාලිකාව අයත් සමාගම අමාත්‍ය ලාල් කාන්තට ලිඛිතව දන්වා සිටියේ වැරැද්දක් නිවැරදි කිරීම සඳහා මාධ්‍ය සතු අයිතිය භාවිතා කරමින් ලාල් කාන්ත සම්බන්ධව සිදුවූ වැරැද්ද තමන් විසින් නිවැරදි කළ පසු එන්තරවාසියක් එවා ඉල්ලන මුදලින් ශත පහක් නැවත නොගෙවන බවය. තවද ඇමතිවරයා විසින් එල්ල කර ඇති සියලුම චෝදනා බැහැර කරන බවත්ය.
යම් ආකාරයකට තමන්ට එරෙහිව නෛතික ප්‍රවේශයක් ලබා ගතහොත් ලාල් කාන්ත යනු රැක ගත යුතු කීර්ති නාමයක් නැති, රාජ්‍ය දේපල විනාශ කළ, නීති විරෝධී ක්‍රියාකාරකම් සිදුකරමින් රට විනාශ කළ මැරයෙක් බව අධිකරණය ඉදිරියේ දී තහවුරු කිරීමට කටයුතු කරන බව ද හිරු නාලිකාව තවදුරටත් අමාත්‍යවරයාට අනතුරු අඟවා තිබිණ
යම් හෙයකින් හිරු නාලිකාවේ විකාශන අයිතියට බාධා කිරීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ඊයේ ලාල් කාන්ත අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වා යැව්වේය.
මේ ලිපිත් කියවන්න..







