සඳුදා, ජූනි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සලේ සමග සැලෙන රටේ දේශපාලනයේ කතාව…

by editor
ජූනි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය – 

හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ රෝහල්ගත කිරීමත් සමඟ මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කැළඹීමක් හටගෙන තිබේ. සලේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පවත්වන ආකාරයට විරෝධය පළ කරමින් සර්වජන බලය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (08) සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබීය.

පොලිස් කණ්ඩායමක් එම ස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අතර, උදය ගම්මන්පිල ඇතුළු පිරිසගේ ඉල්ලීම මත සීමිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටින අයුරු දැකගත හැකි විය. බෙංගමුවේ නාලක හිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවීමෙන් අනතුරුව සත්‍යග්‍රහයේ කටයුතු ආරම්භ කෙරුණු අතර, ඉන්පසු පැමිණ සිටි දේශපාලන නියෝජිතයෝ අදහස් දැක්වූහ.  ඔවුන් කතා කලේ මාතෘකා බෙදාගෙනය.

විපක්ෂයේ දේශපාලනඥයන් දැක්වූ අදහස්:

  • සංජීව එදිරිමාන්න (පොදුජන පෙරමුණ): “පොදුජන පෙරමුණේ සංජිව එදිරිමාන්න පැවසුවේ කොටි ඩයස් පෝරාව  මාලිමා ආණ්ඩුවට චන්ද කුට්ටියක් හා සල්ලි කුට්ටියක් ලබා දි  රණවිරු බිල්ලක් ඉල්ලා ඇති බවය. ඒ රණවිරු බිල්ල ලෙස සලේ සූදානම් කර ඇත්තේ කොටි ඩයස්පෝරාව සනසන්නට බව ඔහු කීවේය.

  • මධුර විතානගේ (සර්වජන බලය මෙහෙයුම් ප්‍රධානී): ශානි අබේසේකර සහ රවී සෙනවිරත්න පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දැන දැන ඒ සම්බන්ධව ක්‍රියාත්මක නොවී පාස්කු ප්‍රහාරය සිදුවීමට හල බවය. නිලන්ත ජයවර්ධනගේ උපදෙස් ක්‍රියාත්මක නොකළ බවය. ඒ පාස්කු ප්‍රහාරය සිදුවිමට හැර ඇති පුද්ගලයින් දෙදෙනා පාස්කු විමර්ශන කරන බව ඔහු පැවසුවේය.

  • සරත් වීරසේකර:  සරත් වීරසේකර  කිව්වේ දිලීප පීරිස් ගැනය.  සරත් වීරසේකට අනුව දිලිප පිරීස් නීතිපති කාර්යාලයටත් අවමන් කරන පුද්ගලයෙකි. ඔහු පසුගිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී   පොලිසියේ අත පසුවිමෙන් සහරාන් හෂීම් අත් අඩංගුවට ගැනීම නොහැකි වූ බව ප්‍රකාශ කළේ යැයි සරත් වීරසේකර පැවසුවේය.

    “ එතනදි සුරේෂ් සලේ ගේ  නමක් සඳහන් වෙන්නේ නෑ. එතුමාම දැන් කියනවා සුරේෂ් සලේ මේකට සම්බන්ධයි කියලා… අද එෆ්බීඅයි එකෙන් පැහැදිලිව කියනවා මේක අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ගේ වැඩක් කියලා. මේකේ කිසිම දේශපාලනයක් නෑ කියලා. එතකොට මේ රාජ්‍ය බලයට සොයා ගන්න බැරි දෙයක් ද මේ දිලීප පීරිස්  හොයාගෙන තියෙන්නේ.” සරත් වීරසේකර ඇසුවේය.”

  • උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය): ඔහුගේ ඉලක්කය කතෝලික පල්ලියේ හැසිරිමය. ගම්මන්පිල සිරිල් ගාමිණී පිය තුමාට බයිබලයේ නව ඇස්තමේන්තුව ගැන  ඉගැන්නුවේය.  එමෙන්ම සලේට නීතිඥවරු මුනගැසෙන්නට ඉඩ ලබා දුන්නේ නැති බවත් ගම්මන්පිල කීවේය.

    “අපිට අද ආරංචියි ජනාධිපති තුමාගෙ ඉල්ලීමක් මත වෙන්න ඇති… සිරිල් ගාමිණී පිය තුමා සුරේෂ් සලෙයි මැතිතුමන්ට එරෙහිව වාග් ප්‍රහාරයක් එල්ල කරන්න මාධ්‍ය හමුවක් කැඳවලා තියනවා.”

    RelatedPosts

     නැවතී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යළි අද සිට ඇරඹෙයි!

    ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරා ගනී!

    සලේ වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විපක්ෂයේ ” දේශ ප්‍රේමී බලවේග ” සත්‍යග්‍රහයක් අරඹයි..

    “සිරිල් ගාමිනී පිය තුමනි. අපි ඉල්ලන්නෙ පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කරන්න එපා කියලා නෙමෙයි. අපි මිනිසෙකුට සතෙකුටත් අන්ත  විදිහට අවමන් කරන්න එපා කියලා ඉල්ලන්නේ.”

    “සිරිල් ගාමිණී පිය තුමනි. බයිබලයේ නව ඇස්තමේන්තුව ඇත්තටම ඔබ තුමා කියවලා තියනවා නම් ඔබ තුමා සුදු ලෝගුව ඇඳගත්තේ ජේසුස් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය ලෝකයට බෙදා හරින්න නම්  අද දිනයේ ඔබ සිටිය යුත්තේ වෙන කොතැනවත් නෙමෙයි, යුක්තිය ඉල්ලන මිනිස්කම ඉල්ලන මේ සත්‍යග්‍රහයේ කියලා අපි කියනවා.”

  • විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ):  විමල් වීරවංශ රහස් පොලිසියේ විමර්ශන ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කළේය. සුරේෂ් සලේ අත් අඩංගුවට ගෙන මාස තුනක් ගතවූ තැනදීත් කිසිම නිශ්චිත චෝදනාවක් ඔහුට එරෙහිව ගොනු කර නැති බව කී විමල් වීරවංශ ඉදිරිපත් කර ඇති එකම සාක්ෂිය රට පැන සිටින වරෙන්තුකාරයාගේ සාක්ෂිය පමණක් බව කීවේය.

    විමල් වීරවංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරය හඳුන්වා දුන්නේ ශානිගේ වදකාගාරය ලෙසය . ශානිගේ වධකාගාරයෙන් සලේ ගලවා ගෙන සාමාන්‍ය බන්ධනාගාරයක සාමාන්‍ය සිරකරුරවක් ලෙස අවශ්‍ය විමර්ශන කරන ලෙස ද ඔහු බල කළේය

පුතා… තාත්තා ජීවත් වෙන්නේ ඇතුළෙ හිටියොත් විතරයි:

මේ දේශපාලන හැසිරීම සම්බන්ධව දේශපාලන විචාරකයෙක්  මෙන්ම වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරන චමීර පෙරේරා තුළ ඇත්තේ බරපතල විවේචනයකි. මේ තරම් දෙයක් දරාගැනීමට අපොහොසත් වූ හමුදා නිලධාරියෙක් මොන රණවිරුවෙක් දැයි ඔහු විමසයි. මොහුට රණ විරුවෙක් යැයි කියනවා නම් මේ රට වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ පමණක් නොව ජීවිත දන් දුන් විරෝධාර තරුණයින්ට කියන්නේ කුමක් දැය ඔහු අසයි.

ඔහු සැක පිට අත් අඩංගුවට ගෙන ඇත්තේ රටේ වූ බිහිසුණුම අපරාධයකට සැකකරුවෙක් ලෙසින් බවත්,  සලේ සම්බන්ධව මේ සලිත වී දඟලන්නේ ගෝඨාභය රාජපක්ෂට එරෙහි ගුවන් ගමන් තහනම ලබා ගැනීමෙන් පසුව බවත් චමීර පෙන්වා දෙයි.  සලේ අඬන්නේත්, සලේ ගේ පවුලේ අය එක් වරම හඬන්නේත් හිතේ  තෙතමනයක් ඇති අයට පාරට බහින්නට යැයි ගම්මන්පිල කියන්නේත්  සියල්ලම අවසන් අදියරට පැමිණ බෙල්ල මුලටම හිරවුන බව දැනෙන විට බව චමීර පෙරේරා කියයි.

ඔහු තවත් දෙයක් අවධාරණය කරමින්  සලේ පුතාට කියන්නේ  රාජපක්ෂ මිනීමරු වළල්ලට එක් වූ එකෙක්වත් බේරී පැමිණියේ නැති බවය.

“ සලේ ගෙ දරුවට කියන්නේ මෙච්චරයි.  තා… තාත්තා ජීවත් වෙන්නේ ඇතුළෙ හිටියොත් විතරයි. නොදරුවන්ව මෝඩයන්ට අන්දන්න එපා.  නොදරුවන්ව උසි ගන්වන්න එපා. තාත්තා බේරෙන්නේ ඇතුළෙ හිටියොත් විතරයි.”

“තාත්තට ආරක්ෂාව තිබෙන්නේ එතන විතරයි. අපි රජයට කියන්නේ සියලුම ආරක්ෂාව සපයන්න. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරා ගනී!

Next Post

 නැවතී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යළි අද සිට ඇරඹෙයි!

Related Posts

පුවත්

 නැවතී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යළි අද සිට ඇරඹෙයි!

ජූනි 8, 2026
පුවත්

ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරා ගනී!

ජූනි 8, 2026
පුවත්

සලේ වෙනුවෙන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විපක්ෂයේ ” දේශ ප්‍රේමී බලවේග ” සත්‍යග්‍රහයක් අරඹයි..

ජූනි 8, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

 නැවතී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යළි අද සිට ඇරඹෙයි!

ජූනි 8, 2026

සලේ සමග සැලෙන රටේ දේශපාලනයේ කතාව…

ජූනි 8, 2026

ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරා ගනී!

ජූනි 8, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  නැවතී තිබූ වාහන අංක තහඩු මුද්‍රණය යළි අද සිට ඇරඹෙයි!
  • සලේ සමග සැලෙන රටේ දේශපාලනයේ කතාව…
  • ඉතියෝපියාවේ සන්නද්ධ කල්ලියක ප්‍රාණ ඇපයේ සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනා බේරා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.