බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිරිතදිග මෝසම සක්‍රීය වෙයි: දිස්ත්‍රික්ක රැසකට මි.මී. 200 ඉක්මවූ තද වැසි සමඟ ගංවතුර සහ නායයාම් අවදානම්!

by editor
මැයි 22, 2026
in පුවත්
rain
Share on FacebookShare on Twitter
  • ගත වූ පැය 24 තුළ වැඩිම වැස්ස කිරිඳිවැලට… දෙවැනියට වේයන්ගොඩට…

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළ ද තවදුරටත් බලාපොරොත්තු විය හැක

  • ප්‍රදේශ කිහිපයකට මි.මී. 200 සීමාව පනින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

එහිදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.

මීට අමතරව, උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන අතර ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

  • පළාත් කිහිපයකට තද සුළං සහ අකුණු අනතුරු

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 35-45 ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

  • කිරිඳිවැලට මි.මී. 244 ක උපරිම වර්ෂාපතනයක්… දෙවනුව වේයන්ගොඩට…

ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) අලුයම 4.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 244 කි.

දෙවන වැඩිම වර්ෂාපතනය  ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. එය  මිලිමීටර් 238 කි .

කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 230 ක ඉහළ වර්ෂාපතනයක් ද වාර්තා වී ඇත.

  • කළු ගඟ, අත්තනගලු ඔය සහ කැලණි ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි:

  • කළු ගඟ: ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැක. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව මේ පිළිබඳව අවදානයෙන් සිටිය යුතුය.
  • අත්තනගලු ඔය: දූනමලේ මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200-300 ත් අතර වර්ෂාපතනයක් ලැබී තිබේ. මේ හේතුවෙන් ගම්පහ, කටාන, වත්තල වැනි පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතී.
  • කැලණි ගඟ: ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර් 300 කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැක.
  • දිස්ත්‍රික්ක 3 කට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම්

අධික වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් අද (22) පෙරවරු 3.00 සිට හෙට (23) පෙරවරු 3.00 දක්වා වලංගු වන පරිදි දිස්ත්‍රික්ක 3 කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත:

  • දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) නිවේදනය: ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලට.
  • පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) නිවේදනය: කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයට.

මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන රියදුරන් සහ මගීන් ද දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වැඩිදුරටත් දැනුම් දෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

Next Post

සැමියාගේ මරණය සැක බව මා කිසිම තැනක කිසිම අවස්ථාවක පවසා නැහැ… මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂගේ බිරිය මරණපරීක්ෂණයේ දී  සාක්ෂි දෙයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.