සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලාපොරොත්තුව පැමිණි   වදයෙන් මිදී  අවුරුද්දට ගෙදර යන මිනිස්සු…

by editor
අප්‍රේල් 12, 2026
in පුවත්
BUS
Share on FacebookShare on Twitter

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ආසන්නය.  කොළඹ සහ ඒ අවට රැකියා සහ වෙනත් අවශ්‍යතා සඳහා රැඳී සිටි ජනතාව තම උපන් ගම්බිම් බලා පිටත්ව යාමේ දැවැන්ත “වාර්ෂික කොළඹින් පිටවී යෑම” මේ වන විට ආරම්භ වී තිබේ.

අද (අප්‍රේල් 12) වන විට කොළඹ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළවල් සහ දුම්රිය ස්ථාන වෙත අති විශාල ජනකායක් රොක් වෙමින් සිටිති.  ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා රජය සහ ප්‍රවාහන බලධාරීන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (SLTB) සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) ඒකාබද්ධව මෙවර විශේෂ අලුත් අවුරුදු ප්‍රවාහන සැලසුම දියත් කර තිබේ. මෙම විශේෂ සේවාවන් අප්‍රේල් මස 9 වැනිදා සිට ආරම්භ වූ අතර එය අප්‍රේල් 13 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

නැවත සේවයට වාර්තා කරන ජනතාව වෙනුවෙන් අප්‍රේල් 17 සිට 21 දක්වා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.

විශේෂ බස් සහ දුම්රිය සේවා

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය දිනකට අමතර බස් රථ 250කට ආසන්න සංඛ්‍යාවක් දුර පළාත් මාර්ගවල යෙදවීමට කටයුතු කර තිබේ.  මගී ඉල්ලුම ඉහළ යන ආකාරය අනුව තවත් බස් රථ යෙදවීමට රාජ්‍ය ප්‍රවාහන අංශ  සූදානමින් සිටී. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති  සජීව නන්දන කනකරත්නට    අනුව ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 1,500කට අධික සංඛ්‍යාවක් මෙම මෙහෙයුම සඳහා එක් කර තිබේ. පෞද්ගලික අන්තර්පළාත් බස් රථ දිනකට අමතර ගමන් වාර 800කට ආසන්න සංඛ්‍යාවක් සපයමින් මගී ජනතාවට සහනයක් වෙමින් පවතී.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙවර කඳුරට දුම්රිය මාර්ගය ක්‍රියාත්මක නොවන බැවින් මාර්ග පද්ධතිය වෙත පැවරෙන ධාරිතාව කළමනාකරණය කිරීමේ අභියෝගය සමග ක්‍රියාත්මක වු බවය.

සාමාන්‍යයෙන් මෙවැනි අවුරුදු වකවානුවක බස් රථ 1250ක් පමණ අතිරික්තව භාවිතා කළ ද මේ පවතින තත්ත්වය මත බස් රථ 1500ක් පමණ දුර ගමන් සේවා සඳහා කොළඹට ගෙන්වා ගැනීමට මණඩලය කටයුතු කර තිබේ. එමෙන්ම කොළඹ ප්‍රදේශයේ පමණක් බස් රථ 50ක ඇනියක් සූදානම්ව තිබේ. ඒ හදිසි අවස්ථාවක්දි කොළඹින් පිටතට ධාවනය කිරීම වෙනුවෙනි.

නැවත 16 වැනිදා සිට 21 වැනිදා දක්වා  කොළඹින් ගම් රටවල් කරා ගමන් කළ ජනතාව යළි කොළඹට රැගෙන ඒම සඳහා හැටන්, බදුල්ල, කෑගල්ල, බණ්ඩාරවෙල, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය සහ පුත්තලම වැනි ප්‍රධාන නගර කරා දිවෙන මාර්ගවල කොළඹට ජනතාව රැගෙන ඒමට විශේෂ මෙහෙයුමක් දියත් කරනු ලැබේ. මගී

තදබදය අවම කිරීම සඳහා අධිවේගී මාර්ගවල ද විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව ද අප්‍රේල් 10 වැනිදා සිට මුහුදුබඩ මාර්ගය, උතුරු මාර්ගය සහ ප්‍රධාන මාර්ග කිහිපයක විශේෂ දුම්රිය වාර කිහිපයක් එක් කර ඇත. බලධාරීන්ගේ අනාවැකි අනුව කොළඹ ප්‍රදේශයෙන් දිනකට මගීන් ලක්ෂ දෙකහමාරකට ආසන්න සංඛ්‍යාවක් පිටව යන අතර, බස් නැවතුම්පොළවල් තුළ පමණක් මගී සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහසක් පමණ වේ.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නව මුහුණුවර

මෙවර අලුත් අවුරුදු සමයේ මගීන්ට ලැබුණු සුවිශේෂී දායාදයක් වන්නේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ පළමු අදියර නවීකරණය කර ජනතා අයිතියට පත් කිරීමය. 1964 වසරේ ඉදිකරන ලද මෙම ඓතිහාසික නැවතුම්පොළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක පිරිවැයකින් නවීකරණය කර අප්‍රේල් 8 වැනිදා විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදු වූ මෙම ව්‍යාපෘතිය යටතේ නව තොරතුරු මධ්‍යස්ථානයක්, සනීපාරක්ෂක පහසුකම්, කිරිදෙන මව්වරුන් සඳහා වූ විවේක කාමර සහ නවීන ආසන පද්ධති ස්ථාපනය කර ඇත. 08 වැනිදා විවෘත වූ බස් නැවතුමෙන් ගමේ යන්නට 09 සිට ජනතාව පෙළ ගැසී පැමිණියහ.

නවීකරණය කළ බස් නැවතුම්පොළ පිළිබඳ ජනතාව තුළ සාධනීය අදහස් පළ වෙමින් ඇත. එහෙත් විවෘත කර දින කිහිපයක් ඇතුළත කාන්තා විවේකාගාරවල ජල කරාම කඩා දැමීම කඩාකප්පල්කාරී අශිෂ්ට සිදුවීම් වාර්තා විය. “බිඳ දැම්මේ ටැප් එකක් නොවෙයි… මිලියන ගණනක ජනතාවගේ හදවත්වල පිබිදුන ප්‍රාර්ථානාවයි..” මේ සිද්ධියෙන් කම්පනයට පත් වූ සමාජ මාධ්‍ය ඔස්සේ කියැවෙමින් තිබිණි.

අප්‍රේල් 10 වැනිදා කොටුව මධ්‍යම බස් නැවතුම්පලේ  නිරීක්ෂණයක නිරත වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේ මෙය සංවිධානාත්මක විනාශකාරී ක්‍රියාවක් බවත්, මින් ඉදිරියට එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. රටේ බදු මුදල්වලින් ඉදි කළ මෙවැනි පොදු දේපළ ආරක්ෂා කර ගැනීම සමස්ත ප්‍රජාවගේම වගකීමක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

වත්මන් මගී තදබදය සහ පාලනය

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (MMC) ඇතුළු ප්‍රධාන මධ්‍යස්ථානවල අද දිනයේද දැඩි මගී තදබදයක් දක්නට ලැබිණි. විශේෂයෙන් අධිවේගී මාර්ග බස් රථ සඳහා දිගු පෝලිම් නිර්මාණය වී තිබුණද, වෙනදා මෙන් මගීන් දැඩි ලෙස අසරණ වන හෝ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ස්වරූපයක් වාර්තා නොවීම විශේෂත්වයක් විය. ප්‍රමාණවත් තරම් බස් රථ යොදවා ඇති බවටත්, මගී ඉල්ලුම අනුව අඛණ්ඩව සේවාවන් සපයන බවටත් බලධාරීහු වගවූහ. එම ප්‍රායෝගික මැදිහත්වීම ප්‍රශ්න අවම කළේය.

සමස්තයක් ලෙස ගත් කල, මෙවර අලුත් අවුරුදු ප්‍රවාහන මෙහෙයුම සැලසුම් සහගත ලෙස ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබේ. තදබදයක් පැවතියද, රජයේ සහ පෞද්ගලික අංශයේ ඒකාබද්ධ මැදිහත්වීම මත ජනතාවට තම ගම්බිම් බලා යාමට අවශ්‍ය පසුබිම සකස් කර දී ඇත.

මේ තත්ත්වය කළමනාකරණය වන්නේ පොල්ගහවෙලින් එපිටට දුම්රිය නොයන පසුබිමක් තුළය. උඩරට මාර්ගය ව්‍යසනයට ලක් වී ඇති පසුබිමක් තුළය. අභියෝග කළමනාකරණයේ ප්‍රායෝගික සාර්ථකත්වය රටක බොහෝ වෙනස්කම් ඇතිකිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරානයේ තෙල් පිරිපහදු යළි පණ ගැන්වේ: මාස දෙකකින් ධාරිතාව 80% දක්වා!

Next Post

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ දේපළවලට විනාශ කළ සැකකරු අත්අඩංගුවට!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.