අසේල කුරුළුවංශ
කටුගස්තොට, ගොහාගොඩ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය ආසන්නයේදී අද (04) අලුයම එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මහනුවර හන්තාන ගැමුණු මාවතේ පදිංචි 28 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු මහනුවර ජාතික රෝහලේ පවිත්‍රතා අංශයේ වැඩ පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන්නෙකි.
අද අලුයම 2.30 ත් 3.30 ත් අතර කාලය තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක කරයි. වෙඩි උණ්ඩයක් පිට ප්‍රදේශයට වැදීම හේතුවෙන් ඔහුගේ සුසුම්නාවට බරපතළ හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

පොලිස් පරීක්ෂණ
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා අද අලුයම 2.00 ට පමණ සේවයට යන බව පවසා නිවසින් පිටත්ව තිබේ. එහෙත් ඔහු සේවයට යන අතරතුර ගොහාගොඩ ප්‍රදේශයට ගියේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. මීට පෙර පුද්ගල පහරදීම් කිහිපයක් සම්බන්ධයෙන් මොහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවද හෙළිව තිබේ.
වෙඩික්කරු පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ, මහනුවර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන යන නිලධාරීන්ගේ උපදෙස් මත කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.







