දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ ඊයේ (19 ) දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ.
ඊට හේතුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගෙන නොමැති ශිෂ්‍යාවක් මාස දෙකක් තිස්සේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස අධ්‍යයන කටයුතු වලට සහභාගී වී සිටීම මත පැන නැගුණු අර්බූදයක් හේතුවෙනි.
මහනුවර ප්‍රදේශයේ ශිෂ්‍යාවක් අපොස උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිට එස් සාමාර්ථයන් තුනක් ලබා ගෙන තිබේ.
එම ශිෂ්‍යාව තමන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබී ඇති බව ප්‍රකාශ කරමින් යාපන විශ්ව විද්‍යාලයට පමිණ ලියාපදිංචි වීමකින් තොරව එම වසරේ වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම් සමග දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලට සහභාගී වී ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරයක්ද ලබා ගනිමිනි.
එක් දිනක සිසුන් කණ්ඩයම් වශයෙන් බෙදා ක්‍රියාකාරකමක නිරත වූ අවස්ථාවේදී ශිෂ්‍ය අංකය නොමැතිවීම ඇතුලු කාරණා කීපයක් මත මේ ශිෂ්‍යාව පිළිබදව සෙසු පිරිසට සැකයක් මතු වී ඒ පිළිබදව විශ්ව විද්‍යාලයේ බලධාරීන්ව දැනුම්වත් කොට තිබේ.
ප්රශ්නය උග්‍ර වි ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ 2025 වසර සදහා වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 202 දෙනෙකු සිටිය යුතු නමුත් කණ්ඩායම් ක්‍රියාකාරකමකදී සිසුන් 203 ක් ඊට සහභාගී වී සිටීම පිළිබදව මතු වූ ගැටලු සහගත තත්ත්වයක් හේතුවෙනි.
ව්‍යාජ ශිෂ්‍යාව යම් ලියවිලි ප්‍රමාණයක් පෙන්වා විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ඇතත් ඇය ලියාපදිංචියකින් තොරව එහි සිට අධ්‍යයනකටයුතු වල නිරත වී සිටි බව අනාවරණය වී ඇත.
නමුත් ඊට කඩිනම් පියවර බලධාරීන් නොගෙන සිටියදී යළිත් වරක් එවැනිම සැක සහිත සිදුවීමක් සිදුවීම නිසා පාලන අධිකාරියට බලකිරීමෙන් පසුව එම ශිෂ්‍යාව පිළිබදව අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ .
එහිදී හෙළි වී ඇත්තේ ඇය ව්‍යාජ වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස මාස දෙකක කාලයක් යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍ය පීඨය තුළ සිට ඇති බවයි.
ඇය උසස් පෙළ විභාගයෙන් එස් සාමාර්ථ තුනක් පමණක් ලබා ගෙන සිටි අයෙකු බවත් ඇයට විශ්ව විද්‍යාල ප්‍රවේශ හිමිකමක් ලැබී නොමැති බවත් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
කෙසේ වෙතත් ඇය පිළිබදව ක්‍රියා මාර්ගයක් ගැනීම පිණිස යාපනය විශ්ව විද්‍යාල බලධාරීන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දන්වා යවා ඇත.







