ඉන්ධන සඳහා වන QR කෝටාව යාවත්කාලීන වීම මේ සතියේ සිට අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ දී සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
National Fuel Pass QR Quota will be topped up weekly, on every Tuesday midnight effective today (8th). All accounts has been topped up this morning. Decision was taken to reduce cost of distribution attributed to operate CPC & CPSTL on weekends. Fuel quotas will remain unchanged.
— Kanchana Wijesekera (@kanchana_wij) March 8, 2023
මින් පෙර QR කේතය ඉරිදා මධ්‍යම රාත්රියේදී යාවත්කාලීන කෙරුණු අතර සති අන්තයේ ඉන්ධන බෙදා හැරීමේ මෙහෙයුම් වියදම් අඩු කර ගැනීමේ අරමුණින් එම දිනය වෙනස් කළ බවඅමාත්‍යවරයා සඳහන් කරයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ අද වන විට ඉන්ධන සඳහා වන සියලු කිව්ආර් ගිණුම් සඳහා කෝටාව යාවත්කාලීන කළ බවයි. ඒ අනුව නව කෝටාව අද සිට ලබා ගැනීමේ අවස්ථාව පවතී.
කෙසේ වුවද, ලබා දෙන ඉන්ධන ප්‍රමාණයේ වෙනසක් සිදු නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබිණි.