බ්‍රහස්පතින්දා, ජූලි 2, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්ලයින් ක්‍රමයට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ලබන මාසයේ සිට ඇරඹේ!

by editor
ජූනි 9, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන මාසයේ සිට රජයේ සේවකයින්ටත්, ඉන් මාස දෙකකට පසු පුද්ගලික අංශයේ සේවකයින්ටත් ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර (Season Tickets) ලබා ගැනීමේ පහසුකම් සලසන බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමති බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේදී රාජ්‍ය සේවකයින් මුහුණ දෙන අධික කාර්යබහුල සහ වෙහෙසකර ලිපි ලේඛන පිරවීමේ ක්‍රියාවලිය මෙමඟින් සම්පූර්ණයෙන්ම නැතිවී යන බවයි.

එහිදී අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද සඳහන් කළේය.

“දුම්රිය වාර ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමට රජයේ සේවකයෙකුට විශාල ප්‍රශ්න පත්‍රයක් වැනි පත්‍රිකාවක් පුරවන්නට සිදු වෙනවා. සෑම මාසයකම එය පුරවමින් දුම්රිය ස්ථාන වෙත පැමිණිය යුතුයි.

අපි හෙට දින සිට රජයේ සේවකයින් වෙනුවෙන් වෙබ් අඩවියට පිවිස තමන්ගේ වාර ප්‍රවේශපත්‍රය ලබාගත හැකි ඔන්ලයින් වැඩපිළිවෙළේ නියමු ව්‍යාපෘතිය (Pilot Project) ආරම්භ කරනවා. ලබන මාසයේ සිට එම ව්‍යාපෘතිය නිල වශයෙන් සහ ස්ථාවරව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමඟ කටයුතු කිරීමේදී මුලින්ම නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවිය යුතුයි.

ලබන මාසයේ සිට රජයේ සේවකයින්ට වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට අපහසුතා විඳීමට සිදු වන්නේ නැහැ. එමෙන්ම පුද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන්ද තව මාස දෙකකින් ඔන්ලයින් ක්‍රමයට තමන්ගේ වාර ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව සලසා දීමට අප බලාපොරොත්තු වෙනවා.”

RelatedPosts

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තලවතුගොඩ ‘මාතර වෙනස’ අවන්හලේ ගින්නෙන්  රෝහල්ගත කළ තුවාලකරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

Next Post

එල්-නිනෝ අවදානමට මුහුණ දීමට කෘෂිකර්ම, මහවැලි සහ වාරිමාර්ග ඇතුළු රේඛීය ආයතනවලට රජයෙන් නියෝග!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
පුවත්

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජූලි 1, 2026
පුවත්

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජූලි 1, 2026

සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

ජූලි 1, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!
  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.