සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

by editor
ජූනි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

නුවරඑළිය ප්‍රදේශයේදී භෞත චිකිත්සකවරියක ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එළැඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් පිරිස අද (26) නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ සහ සැකකරුට සහයෝගය ලබා දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු මෙන්ම නුවරඑළිය පොලීසියේ හිටපු ස්ථානාධිපති ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ සහ සැකකරුට සහයෝගට ලබා දුන් ප්‍රාදේශීය සභා රියදුරු අද දින දක්වා රැඳවුම් නියෝග මත රඳවා තිබූ අතර ඔවුන් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එමෙන්ම මෙහිදී ප්‍රධාන සැකකරුගේ දරුවා මව භාරයේම රක්ෂිත බන්ධනාගාරයේ තැබීමටද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

සැකකරු අත් අඩංගුවට ගැනීමේ නොදත් කතාවක්.

ශ්‍යාමාගේ මළ සිරුර තෙල්දෙණිය රෝහල අසලින් හමුවූ වහාම රටටම අනාවරණය වූ සැකකරු අත් අඩංගුවට ගැනීම ඊලඟ මොහොතේ සිදුවනු ඇතැයි රටේ බොහෝ දෙනා සිතූහ.  එහෙත් එය පොලිසියත් රටේ මිනිස්සුත් හිතූ තරම් පහසු එකක් වූයේ නැත.

පොලිසිය පමණක් දන්නා කිසිම අතපසුවීමක් නොකරමින් සැකකරු සැඟව ඇත්තේය. මෙය පොලිසියටත් ප්‍රහේලිකාවක් ඇති කර තිබිණි.. වට්ස් ඇප් භාවිතයේ දී ඔහු අතිශය සූක්ෂම වූ බව පෙනුණි. දුරකථනය ක්‍රියාත්මකවන අවස්ථාව සහ විසන්ධිවන අවස්ථා රටාවකින් තොරය. පොලිසිය සැකකරු සොයමින් වටේ යන්නේය.

මේ සම්බන්ධව නුවරඑළිය පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට කළ හැකි සීමාවේ හැකි හැමදේම කරමින් සැකකරු කොටු කරගැනීමට උත්සාහ කළේය. එහෙත් මේ පුද්ගලයා කොටු කරගැනීමේ අවස්ථාව ඇත්තේ තාක්ෂණික පහසුකම් මත ය. විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන්නේ ඒ අනුවය.

අපරාධකරුවන්, සැකකරුවන් ගේ දුරකථන ජාලාවලට පිවිස ඔවුන් නිරීක්ෂණය කිරීමේ නවතම තාක්ෂණික අනුව සැකකරුවන් සම්බන්ද විමර්ශනවලට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රවේශ වන්නේය. මුලින්ම කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී සැකකරු පිළිබඳ හෝඩුවාවක් පැමිණය ද ඔහුව අත් අඩංගුවට ගැනීම දිවා කාලය තුළ සිදුවීම හේතුවෙන් වැළකී ගියේය.

අනතුරුව පසුගිය 23 වැනිදා ඔහුගේ දුරකථනය එක්වරම වැල්ලවත්තේ දී නිරීක්ෂණය වන්නේය. එම ස්ථානයට යන විමර්ශකයින්ට දැනගන්නට ලැබෙන්නේ එතැනින් පිටවන යාපනය බලා යන බස් රථයක් ගැනය. විටින් විට නිරීක්ෂණය වෙමින් නැතිවන එම දුරකථන සංඥා අධ්‍යයනයේ දී පෙනී යන්නේ සැකකරු මෙම බස් රථයේ ගමන් කරමින් සිටින ආකාරය ය.

ඕලු ගල ගේ “ඇඟ කිළිපොලා යන” වැටලීම

ඒ අනුව මේ සම්බන්ධව පොලිස්පතිවරයා ද දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඒ වනවිට විශේෂ රාජකාරියක නොසිටි රොහාන් ඕලුගල යටතේ පවතින වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට වෙත සැකකරු හඹා යෑම පවරන්නේය.

එහෙත් ඔහුගේ කණ්ඩායම යාපනයට යන්නට පෙර බස්රථය යාපනයට ලඟා වන තත්ත්වයක් තුළ පොලිස්පති නියමයෙන් යාපනයේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට දැනුම් දෙන්නේ මෙම බස් රථය පරීක්ෂා කර සැකකරුව අත් අඩංගුවට ගන්නා ලෙසය. එසේ අත් අඩංගුවට ගත් සැකකරු ඕලුගල ගේ කණ්ඩායමට භාර දෙන්නේ ඊට පැයකට පමණ පසු ඔවුන් යාපනයට පැමිනි විටය.

අනතුරුව ඕලුගල ගේ කණ්ඩායම මේ සැකකරු රැගෙන නුවරඑළියට ගොස් නුවරඑළිය පොලිසියට ඉදිරි විමර්ශන සඳහා භාර දෙන්නේය. ඕලුගල කළේ ඒ පෝටර් වැඩේය. එහෙත් පහුවදා එෆ්.බී පෝස්ට්වලට අනුව පිස්සු හැදෙන ගේමක් ඕලුගල ගහලාය. ඒ පොස්ට් අනුව නම් පොලිසියේ තනි අලියා ඕලුගල ය. සැකකරු පොලිස් අත් අඩංගුවට ගැනීම ගැන මෙහෙමත් එක පෝස්ට් එකක් තිබිණි.

” උපන් දිනයට ඕලුගල ගෙන් පොලිසියට තෑග්ගක්…” ඒක දැක්කට පස්සේ ඇත්තටම කතාව දන්නා පොලිසියේ උන්ට “හික්” ගෑවුනේය.

සැකකරුගේ පොලිස් යාලුවා

අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී සැකකරු විශේෂ කතා ටිකක් කීවේය. ඒ ඔහුට උදවු කරමින් මග පෙන්වූ ඔහුගේ පොලිස් සගයා ගැනය. ඔහු නුවරඑළිය හිටපු පොලිස් ස්ථානධිපති අනිල් ආරියවංශය. අනිල් ආරියවංශ යනු මේ රජය පැමිණි පසු මධ්‍යම විමර්ශන කාර්යාංශයයේ අධ්‍යක්ෂ කළ කමල් ආරියවංශගේ සොයුරාය.

සැකකරුට ශ්‍යාමා ගේ සිරුර රෝහලක් අසල අතහැර යන ලෙස උපදෙස් දෙන්නේ අනිල් ආරියවංශය. එමෙන්ම දුකරථනය විසන්ධිකර විසිකර දමා නව දුරකථනයක් ලබා ගන්නා ලෙසත් අපරාධකරුවෙක් කොටු කරගන්නා ආකාරයේ පොලිස් මෙහෙයුමකින් බේරීමට එය භාවිතා කළ යුතු ආකාරය ගැනත් ඔහුට උපදෙස් ලබා දෙන්නේත් අනිල් ආරියවංශය.

ඔහුගේ උපදෙස් මත සැකකරු සිය බිරිය සමග රට වටේ ගමන් කරමින් විමර්ශකයින් මග හරිමින් සිටින්නේය. එ්‍ අතර අනිල් ආරියවංශ පොලිසිවලටත් කතා කරමින් විමර්ශනයට බලපෑම් කරන්නේය. ඇතැම් විමර්ශන නිලධාරීන් ඔහුගේ මෙම හැසිරීම සම්බන්ධව සටහන් දමා ද ඇත්තේය. දැන් ඔහුත් අත් අඩංගුවේය.

එමෙන්ම සැකකරු ගේ මේ වංචාකාරී මුග්ධ හැසිරීමට ඔහුගේ බිරියත් දැනුම්වත් බවත් ඇයගෙන් ද ඔහුට අනුබල ලැබී ඇති බවත් මේ වනවිට විමර්ශකයන් අනාවරණය කරගෙන ඇත.

කෙසේ වෙතත් තවමත් මේ සැකකරු විසින් ශ්‍යාමා ඝාතනය කළා ද යන්න තහවුරු වී නැත. ඔහු දිගින් දිගටම කියන්නේ දිගින් දිගටම දුරකථන ඇමතුම් ලබා දුන්නත් ශ්‍යාමාගේ දුරකථනය ක්‍රියාත්මක නොවූ බවත්, තමන් එම ස්ථානයට එන විට ඇය ගෙල වැලලාගෙන සිටි බවත්ය.

මේ දර්ශනයෙන් තමන් බිය වීම නිසා ඒ පිළිබඳව සිය පොලිස් සගයාගෙන් ද ලද උපදෙස් මත ශ්‍යාමාගේ දේහය තෙල්දෙණිය රෝහල අසල දමා පැන යන බවය.

සැකකරු කියන කතාව සත්‍යයක් ද?, නැතිනම් සිදුවූයේ මිනිමැරුමක් ද යන්න පිළිබඳව ඉදිරියේ දී කෙරෙන විමර්ශනවලින් අනාවරණය වනු ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Next Post

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.