අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ ජාතික මට්ටමේ පැරා මලල ක්‍රීඩකයෙක් ඝාතනය කෙරේ… ඝාතනයට සැක පිට තවත් පැරා මලල ක්‍රීඩකයෙක් අත් අඩංගුවට….

by editor
මැයි 31, 2026
in පුවත්
chirag-tyagi-
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ජාතික පැරා මලල  ක්‍රීඩකයෙක්  වූ  චිරාග් ත්‍යාගී  වෙඩි තබා ඝාතනය කර තිබේ.  මෙම වෙඩි තැබීම සම්බන්ධව ඔහුගේ මිතුරෙක් වූ තවත් ඉන්දීය ජාතික මට්ටමේ පැරා මලල ක්‍රීඩකයෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනය සිදුවී ඇත්තේ  පැරා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා චිරාග් තාගී  සුදුසුකම් ලබා දින කිහිපයකට පසුව වීම විමර්ශන අංශවල විශේෂ අවධානයට යොමු වී ඇත.

උත්තර ප්‍රදේශ්හි මුරාද්නගර් හි පදිංචිකරුවෙකු වන චිරාග් ත්‍යාගීගේ මළසිරුර ඝාසියාබාද්හි සායි උපවන් ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත. ත්‍යාගීව වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය තහවුරු කර  කරගෙන තිබේ.

මියයෑමට දින දෙකකට පෙර, බැංගලෝර්හි පැවැති ජාතික ශූරතාවලියේදී මීටර් 400 ධාවන තරඟයෙන් රන් පදක්කමක් දිනා ගනිමින්, මේ වසරේ අගභාගයේදී ජපානයේ පැවැත්වීමට නියමිත පැරා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ත්‍යාගී සමත්ව සිටියේය.

පොලිසියට අනුව, ත්‍යාගී එදින උදෑසන තම ගම්මානය බලා යාම සඳහා දිල්ලියේ පිහිටි නේවාසිකාගාරයකින් පිටත්ව ගොස් ඇත. පසුව ඔහුගේ සිරුර සායි උපවන් ප්‍රදේශයෙන් හමුවී තිබේ. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහුට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති බවය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙය පැහැදිලිවම ඝාතනයක් බව මූලික පරීක්ෂණවලින් පෙනී යන බව පොලිසිය ප්‍රකාශ කළේය. ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය වී ඇති අතර, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සැකකාර පැරා මලල ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර ප්‍රශ්න කිරීම් සිදුකෙරේ.

පොලිසියට මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇත්තේ ඊයේ (30) දිනයේ  පස්වරු 3 ට  පමණය.  වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර යොමු කර ඇත.

ත්‍යාගීගේ පවුලේ අයට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, විමර්ශනයේ කොටසක් ලෙස ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය. ඝාතනයට හේතුව සහ ඒ පිටුපස ඇති පසුබිම අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

Share69Tweet43
Previous Post

ලංකා IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් ඉහළට – සුපර් ඩීසල් මිලේ වෙනසක් නෑ!

Next Post

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ    කප්පම් සිද්ධියේ  බ්‍රෝකර් කාන්තාව  අතුරුදහන්… මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය  පුළුල් පරීක්ෂණ අරඹයි:  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.