බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

by editor
ජූනි 4, 2026
in පුවත්, සමාජ
kuwait-airport-mn-

කුවේට් ගුවන් තොටුපලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු...

Share on FacebookShare on Twitter

කපිල කේ හිනටියන –

සටන් විරාමය නමට පමණය. ඉරානය, ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් මැදපෙරදිග කලාපය පුරා ඇවිළී ගිය දරුණු යුදමය වාතාවරණය තාවකාලිකව සමනය කරමින් පසුගිය අප්‍රේල් 8 වනදා ඇති කරගත් සටන් විරාමය බුන්බත් වී ඇත. ජූනි 2 වනදා සිට 4 වනදා දක්වා ගතවූ පැය 48 ක කාලය තුළ කලාපයෙන් වාර්තා වන දත්ත පෙන්වා දෙන්නේ දෙපාර්ශවයම එකිනෙකාට එරෙහිව දැවැන්ත ප්‍රහාර සහ  ප්‍රතිප්‍රහාර එල්ල කරගනිමින් සිටින ආකාරය ය.

යුද්ධය මේ වනවිට කලාපීය ප්‍රොක්සි (Proxy) හෙවත් නියෝජිත කණ්ඩායම් හරහා සිදුවන ගැටුමක් දක්වා තවදුරටත් පුළුල් වී ඇත.   ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර පවතින දරුණු සටන් මෙන්ම ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හෝමූස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙම නවතම උත්සන්න වීමට සෘජුවම බලපා තිබේ.

අල් ජසීරා, බීබීසී, රොයිටර්ස්, නිව්යෝර්ක් ටයිම්ස් සහ ඒපී පුවත් සේවා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පදනම් කර ගනිමින්, පසුගිය පැය 48 තුළ සිදුවූ ප්‍රධානතම මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික වර්ධනයන් මෙසේ පෙළගැස්විය හැකිය.

  1. කුවේට් සහ බහරේන් වෙත ඉරානයෙන් එල්ල වූ දරුණු ප්‍රහාර

ජූනි 3 වනදා අලුයම ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු සහ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් දියත් කරන ලදී.

කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ප්‍රහාර: ඉරානය එල්ල කළ ප්‍රහාර අතුරින් වඩාත්ම විනාශකාරී ප්‍රහාරය වාර්තා වූයේ කුවේට් රාජ්‍යයෙනි. එහිදී කුවේට් ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මිසයිල 13 ක් සහ ඩ්‍රෝන යානා 17 ක් සාර්ථකව ව්‍යර්ථ කළ බව කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළද, ඉරාන ඩ්‍රෝන යානා දෙකක් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පළමු පර්යන්තයට (Terminal 1) සෘජුවම පතිත විය. මේ හේතුවෙන් සිදුවූ දරුණු පිපිරීම් සහ වහලය කඩා වැටීම් නිසා එහි සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 63 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ අතර ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ද වෙති. තුවාල ලැබූ පිරිස් අතරින්   කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළය. ප්‍රහාරයත් සමඟ ගුවන් තොටුපළේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සහ ගුවන් ගමන් වෙනත් මාර්ග වෙත හරවා යැවීමට බලධාරීන්ට සිදුවිය.

බහරේන් රාජ්‍යයට එල්ල වූ ප්‍රහාර: ඇමරිකානු නාවික හමුදාවේ පස්වන බලඇණියේ (US Fifth Fleet) මූලස්ථානය පිහිටි බහරේනයේ මනමා නුවර ඉලක්ක කරමින්ද ඉරානය මිසයිල 3 ක් සහ ඩ්‍රෝන යානා කිහිපයක් එල්ල කළේය. බහරේන් ආරක්ෂක බලකාය පවසන්නේ එම සියලු ප්‍රහාර ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්ථකව විනාශ කළ බැවින් කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවය.

ඉරානය මෙම ප්‍රහාර සාධාරණීකරණය කරමින් කියා සිටින්නේ, ඇමරිකාව ඉරානයට එරෙහිව යුද කටයුතු සඳහා කුවේට් සහ බහරේන් භූමිය මෙන්ම ගුවන් සීමාව භාවිත කිරීමට ඉඩ දීම නිසා එම රටවල්ද මෙම ගැටුමේ සෘජු වගඋත්තරකරුවන් වන බවය.

කෙසේ වෙතත්, කුවේට් රජය මෙම චෝදනා දැඩි සේ ප්‍රතික්ෂේප කරමින් ඉරාන තානාපති නිලධාරියා කැඳවා විරෝධය පළ කර ඇති අතර, ඉරාන තානාපති කාර්යාලයේ සේවක පිරිස අඩු කිරීමටත්, රාජ්‍යතාන්ත්‍රිකයන් දෙදෙනෙකු මෙරටින් පිටුවහල් කිරීමටත් පියවර ගෙන තිබේ.

  1. ඇමරිකානු නාවික අවහිරය සහ ක්වෙෂ්ම් දූපතට එල්ල වූ ප්‍රතිප්‍රහාර

මෙම දරුණු මිලිටරි ගැටුම ආරම්භ වූයේ හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඇමරිකානු නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි නාවික අවහිර කිරීම් (Naval Blockade) හේතුවෙනි.

ජූනි 2 වනදා, ඉරානයේ කාර්ග් දූපත (Kharg Island) බලා ධාවනය වෙමින් තිබූ බොට්ස්වානා රාජ්‍යයට අයත් ‘M/T Lexie’ නම් තෙල් ප්‍රවාහන නෞකාව, ඇමරිකානු අනතුරු ඇඟවීම් නොසලකා හැරීම නිසා ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (CENTCOM) විසින් හෙල්ෆයර් (Hellfire) මිසයිල ප්‍රහාරයක් එල්ල කර එහි එන්ජින් කාමරය අක්‍රිය කරන ලදී. මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් සිවිල් වෙළඳ නැව් වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළ අතර, ඇමරිකානු හමුදා විසින් හෝමූස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරානයට අයත් ක්වෙෂ්ම් දූපතේ (Qeshm Island) ඩ්‍රෝන පාලන මධ්‍යස්ථාන වෙත ස්වයං-ආරක්ෂක ගුවන් ප්‍රහාර එල්ල කළේය. කුවේට් සහ බහරේන් වෙත ඉරානය දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ මෙම ක්වෙෂ්ම් දූපතට එල්ල වූ ඇමරිකානු ප්‍රහාරයට පළිගැනීමක් වශයෙනි.

  1. රාජ්‍යතාන්ත්‍රික සන්ධිස්ථානය සහ ට්‍රම්ප්ගේ ප්‍රකාශය

පවතින දැඩි යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද, පාකිස්ථානය වැනි රටවල මැදිහත් වීමෙන් ඇමරිකාව සහ ඉරානය අතර වක්‍ර සාකච්ඡා (Indirect Talks) තවමත් සිදුවෙමින් පවතී.

  • සාකච්ඡා වෙන් කිරීමේ උත්සාහය: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ පවතින සාකච්ඡා ඉතා සාර්ථකව ඉදිරියට යන බවත්, එළඹෙන සති අන්තය වනවිට ස්ථාවර එකඟතාවකට පැමිණීමට හැකිවනු ඇති බවත්ය. කෙසේ වෙතත්, ඉරානය විසින් ඉරාන-ඇමරිකා සාකච්ඡා සහ ලෙබනනයේ ඊශ්‍රායල-හිස්බුල්ලා යුද්ධය එකට එකතු කර සාකච්ඡා කිරීමට උත්සාහ කරයි. නමුත්, ට්‍රම්ප් අවධාරණය කරන්නේ එම ගැටලු දෙක වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කළ යුතු බවය.
  • ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ බලපෑම: මේ අතර ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) විසින් ජනාධිපතිවරයාට ඉරානයට එරෙහිව මිලිටරි ක්‍රියාමාර්ග ගැනීම සීමා කරමින් යුද බලතල යෝජනාවක් (War Powers Resolution) සම්මත කර තිබේ. මෙය ට්‍රම්ප් පරිපාලනය වෙත එල්ල වූ දේශපාලන බලපෑමක් වුවද, එය බොහෝ දුරට සංකේතාත්මක පියවරක් පමණක් වනු ඇතැයි සැලකේ.
  • ඊශ්‍රායලයේ ස්ථාවරය: ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානය “ගින්න සමඟ සෙල්ලම් කරමින්” සිටින බවය. සාකච්ඡා බිඳ වැටුණහොත් ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා ඕනෑම මොහොතක පූර්ණ පරිමාණයේ මිලිටරි ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානම් බව ඔහු අනතුරු අඟවා තිබේ.

ඉරානය කියන්නේ කුමක්  ද?

ඉරාන ‘ෆරාස්’ පුවත් සේවයේ අනාවරණය:  ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායට (IRGC) සෘජුවම සම්බන්ධ ‘ෆරාස්’ (Fars News Agency) පුවත් සේවය සහ එරට ‘සෙපා’ (Sepah News) නිල මාධ්‍ය ජාලය මෙම මිලිටරි ක්‍රියාමාර්ගය හඳුන්වා දී ඇත්තේ ඇමරිකානු ආක්‍රමණශීලීත්වයට එරෙහිව දියත් කළ සාධාරණ ස්වයං-ආරක්ෂක පියවරක් වශයෙනි. ඉරාන නිල ප්‍රකාශ උපුටා දක්වමින් ෆරාස් පුවත් සේවය අවධාරණය කරන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධියට ආසන්න ඕමාන් බොක්කේදී ඉරාන වෙළඳ නෞකා වෙත ඇමරිකානු නාවික හමුදාව දිගින් දිගටම සිදු කරන හිරිහැර කිරීම් සහ පසුගියදා දකුණු ඉරානයේ ක්වෙෂ්ම් දූපතේ පිහිටි සන්නිවේදන කුළුණක් වෙත ඇමරිකානු ප්‍රහාරක යානා එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රතිප්‍රහාරය දියත් කළ බවය.

එහිදී කුවේටයේ පිහිටි ‘අලි අල් සලෙම්’ (Ali Al Salem) ඇමරිකානු ගුවන් හමුදා කඳවුර සහ බහරේනයේ පිහිටි ඇමරිකානු පස්වන බලඇණි මූලස්ථානය ඉරාන ගුවන් අභ්‍යවකාශ බලකායේ සෘජු ඉලක්ක වූ බව ඔවුහු පිළිගනිති. කෙසේ වෙතත්, කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිවිල් පර්යන්තය වෙත ඉරානය හිතාමතා ප්‍රහාර එල්ල කළ බවට නැඟෙන චෝදනා ඉරාන ආරක්ෂක අංශ දැඩි සේ ප්‍රතික්ෂේප කර තිබේ. ෆරාස් පුවත් සේවයට අනුව, කුවේට් ගුවන් තොටුපළට සහ සිවිල් වැසියන්ට හානි සිදු වී ඇත්තේ ඉරාන මිසයිල පතිත වීමෙන් නොව, ඇමරිකාව එරට ස්ථාපිත කර ඇති ‘පේට්‍රියට්’ (Patriot) මිසයිල නාශක පද්ධතියේ ඇති වූ කාක්ෂික දෝෂයක් සහ අසාර්ථක අන්තර්වාරණයක (Malfunctioning Interception) සුන්බුන් කඩා වැටීම හේතුවෙනි.

හෝමූස් අර්බුදය විසඳීමේ සිවු පියවර සැලසුම සහ ලෙබනන් කොන්දේසිය – මේ අතර, වොෂින්ටනය සමඟ පවතින සාකච්ඡා සම්බන්ධයෙන්ද ෆරාස් පුවත් සේවය වැදගත් දේශපාලන අනාවරණයක් සිදු කර තිබේ. ඉරාන රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායමේ සාමාජික සයීඩ් අජෝර්ලූ (Saeed Ajorlou) උපුටා දක්වමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සහ පූර්ණ සාමය උදෙසා ඉරානය විසින් ඇමරිකාව වෙත  පියවර හතරකින් යුත් විශේෂ යෝජනාවලියක් (Four-Step Plan) ඉදිරිපත් කර ඇති බවය.

  • මෙම සැලසුමේ පළමු පියවර ලෙස දෙපාර්ශවයම මිලිටරි ක්‍රියාමාර්ග වහාම නැවැත්විය යුතු ය
  • දෙවන පියවර යටතේ ඇමරිකානු නාවික හමුදාව පනවා ඇති නාවික අවහිරතා ඉවත් කර, ඉරාන තෙල් සම්බාධක ඉවත් කරමින් අත්හිටුවා ඇති ඉරාන මූල්‍ය වත්කම් නිදහස් කළ යුතු ය.
  • තෙවන සහ සිව්වන පියවරයන් ලෙස න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ සාකච්ඡා සහ ඒකාබද්ධ අධීක්ෂණ කමිටුවක් පිහිටුවීම ඊට ඇතුළත්ය.

කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සාකච්ඡා වෙන් කිරීමට උත්සාහ කළද, ලෙබනනයේ ඊශ්‍රායල-හිස්බුල්ලා යුද්ධය නතර කිරීම සහ ඊශ්‍රායල ආක්‍රමණය පරාජය කිරීම යන කරුණු ඉරාන-ඇමරිකානු එකඟතාවක ප්‍රධානතම පූර්ව කොන්දේසියක් (Precondition) විය යුතු බවට ඉරානය දැඩි ස්ථාවරයක සිටින බව ෆරාස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

ඊලඟට කුමක් ද?

සිදුවෙමින් ඇත්තේ ලෝකයේ බලශක්ති අර්බුදය මත හට ගන්නා ආර්ථික ගැටලුවක් පමණක් නොවේ. මේ අප ඉදිරියේ ඇත්තේ මහා මානුෂිය ව්‍යසනයකි.

පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කලාපය පුරා සිවිල් වැසියන් සහ සටන්කාමීන් දහස් ගණනක් මියගොස් ඇත.  මිලියන සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටිති. ලෙබනනයේ පමණක් ජනගහනයෙන් හයෙන් එකක් මේ වනවිට අවතැන්ව ඇත. ඉන්දියන් සාගරයේ ඈත කොණක හුන්ඩුවක් වැනි රටක ජිවත්වන අපිත් මේ අශිෂ්ඨ යුද්ධයේ ණය අපේ බත් පතින් ගෙවමින් සිටිමු. එහි ඊලඟ පියවර අපේ ජීවත් වීමේ අයිතියත් තීරණය කරන සංකීරණයකි.

මේ වනවිට යුද්ධය සඳහා ඉරානයට රුසියාව සහ චීනය වැනි බලවතුන්ගේ වක්‍ර සහයෝගය ලැබෙමින් ඇත.  ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් ඊශ්‍රයාලය  සහ ගල්ෆ් කලාපීය අරාබි රටවල් ආරක්ෂා කිරීමට බැඳී සිටී. එම නිසා මෙම තත්ත්වය තෙවන ලෝක යුද්ධයක පෙරනිමිත්තක් විය හැකි බවට ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

පසුගිය පැය 48 ක මිලිටරි වර්ධනයන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපය තුළ පවතින්නේ ඉතා බිඳෙනසුලු, ඕනෑම මොහොතක පුපුරා යා හැකි සාමයකි. රාජ්‍ය නායකයන් ප්‍රසිද්ධියේ සාමය සහ දේශපාලන විසඳුම් ගැන කතා කළද, බිම් මට්ටමේ සිදුවන ක්‍රියාවන්ගෙන් පෙනී යන්නේ කලාපය දැවැන්ත යුද අගාධයකට ඇද වැටෙමින් පවතින බවය.

අපට  බියපත් දෑසින් මේ ව්‍යසනය දෙස බලා ඉන්නට සිදුවන්නේ ඒ නිසාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.