බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු උත්කර්ෂවත් රාජ්‍ය ගෞරව මැද උණුසුම්ව පිළිගනී!

by editor
මැයි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ ආරාධනයකට අනුව මෙරට නිල රාජ්‍ය සංචාරයක නිරත වන මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු පිළිගැනීමේ නිල උත්සවය අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම රාජ්‍ය සංචාරයේ ප්‍රධානතම අරමුණ වන්නේ ඉන්දියන් සාගර කලාපයේ සමීපතම අසල්වැසියන් වන මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික, සංස්කෘතික සහ සමාජයීය සබඳතා නව මානයන් ඔස්සේ පුළුල් කර ගැනීමය. විශේෂයෙන්ම දෙරට අතර පවතින බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරමින් කලාපීය සහයෝගීතාවය වර්ධනය කර ගැනීමට මෙම සංචාරය හරහා අපේක්ෂා කෙරේ.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු සහ එරට ජනාධිපති ආර්යාව වන සජිදා මොහොමඩ් ජනාධිපති කාර්යාල පරිශ්‍රය වෙත පැමිණෙන විට ඔවුන්ව පොලිස් අශ්වාරෝහක බලකාය පෙරටු කරගත් විශේෂ රථ පෙළපාලියකින් කැඳවාගෙන එනු ලැබීය. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඔවුන් ඉතා සුහදශීලීව සහ ගෞරවාන්විතව පිළිගනු ලැබූ අතර, එම අවස්ථාව මහත් හරසරින් පිරී තිබිණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් දෙරටේම ජාතික ගී වාදනය කෙරුණු අතර, ඉන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා වෙත පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සම්මාන වෙඩිමුර 21 ක් පවත්වමින් සිය ගෞරවාචාරය පුද කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළේය.

මාලදිවයින් ජනපති පිළි ගන්න කාලතුවක්කු වෙඩි මුර…

පසුව මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා නියෝජනය කළ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවය ද පිළිගන්නා ලදී. මෙම උත්සව අවස්ථාවේදී රාජ්‍ය නායකයන් දෙපළ අන්‍යෝන්‍ය වශයෙන් සිය රාජ්‍ය නියෝජිත කණ්ඩායම් හඳුන්වා දීම ද සිදු කෙරිණි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මෙහි විශේෂ අවස්ථාවක් ලෙස මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්යාලයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ සමරු පොතෙහි සමරු සටහනක් තබමින් මෙම ඓතිහාසික සංචාරය සනිටුහන් කළේය.

මෙම අවස්ථාවට මාලදිවයින් රජය නියෝජනය කරමින් ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී වූ අතර, ඒ අතර විදේශ කටයුතු අමාත්‍ය ඉර්තිෂාම් ආදම් (Iruthisham Adam), ආර්ථික සංවර්ධන, ප්‍රවාහන සහ වෙළඳ අමාත්‍ය මොහොමඩ් සයීඩ් (Mohamed Saeed), ධීවර, කෘෂිකර්ම සහ සාගර සම්පත් අමාත්‍ය අහ්මඩ් ෂියාම් (Ahmed Shiyam), රාජ්‍ය ආරක්ෂක, කම්කරු සහ තාක්ෂණ අමාත්‍ය අලි ඉහුසාන් (Ali Ihusaan) සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අබ්දුල්ලා ෆයාස් (Abdulla Fayaz) ඇතුළු පිරිසක් වූහ. මීට අමතරව විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති ප්‍රධාන ලේකම් මොහොමඩ් නසීර්, රජයේ ප්‍රධාන ප්‍රකාශක මොහොමඩ් හුසේන් ෂරීෆ් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාද් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන නිලධාරීහු සහභාගී වූහ. තවද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. ආර්. කේ ලෙනගල සහ මාලදිවයින්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහොමඩ් රිස්වි හසන් ද මෙම නිල පිළිගැනීමේ උත්සවයට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 තමිල්නාඩුවේ ‘ද්‍රවිඩ දැවැන්තයින්’ බිම ඇද දමමින් තලපති විජේ ඓතිහාසික ජයකට සැරසෙයි!

Next Post

කටුගස්තොටදී රෝහල් සේවකයෙකුට වෙඩි ප්‍රහාරයක්: වෙඩි පහර කෑ රෝහල් සේවකයා දැඩි සත්කාර ඒකකයේ….

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.