අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපිල චන්ද්‍රසේනගේ අවසන් කටයුතු අද සවස 05ට බොරැල්ල කනත්තේ දී…

by editor
මැයි 10, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

සවස 5 පසුවීමට තව මිනිත්තු කීපයකි.  ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (මැයි 10) පස්වරු 5.00 ට බොරැල්ල  සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබේ.

දේහය මේ වන විට බොරැල්ලේ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත‍. අද පෙරවරුවේ සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ ක්ෂේත්‍ර රැසක ප්‍රමුඛයන් විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ. මහින්ද රාජපක්ෂ දේහයට ගෞරව දක්වා පිටව යන අවස්ථාවේ මාධ්‍ය අමතා මෙසේ කීවේය.

“ කපිල කියන්නේ දීර්ඝ කාලයක් අපේ හිතවතෙක්. රටට කිසියම් සේවයක් කළ පුද්ගලයෙක්. ඔහුගේ වියෝව ගැන ශෝකය ප්‍රකාශ කරලා යන්න ආවේ…”

මාධ්‍ය ඇසූ පැනයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ කීවේ තව කොහෙ කොහේ යන්න වෙයිද දන්නේ නැති බවත්  කැඳවීම අනුව අල්ලස් කොමිසම ඉදිරියට යන බවත්ය.

පසුගිය මැයි 08 වනදා (සිකුරාදා) කොළඹ 03, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ නිවසේදී කපිල චන්ද්‍රසේන මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව එල්ල වී ඇති අල්ලස් චෝදනා මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුව නැවත අත්අඩංගුවට ගැනීමට නියෝග කර පැය කිහිපයක් ගතවීමට මත්තෙන් මෙම මරණය සිදුව තිබීම රටම කළඹවා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පශ්චාත් මරණ පරීක්ෂණය

කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බලා දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස නියෝග කළේය. ඒ අනුව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරන ලද පස් දෙනෙකුගෙන් යුත් විශේෂ අධිකරණ වෛද්‍ය කමිටුවක් හමුවේ ඊයේ (මැයි 09) පරීක්ෂණ කටයුතු සිදු කෙරිණි.

එම පරීක්ෂණයේදී මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.  මරණය තවදුරටත් සැක සහිත ලෙස සලකා විමර්ශන පවත්වන බව පොලිසිය සඳහන් කරයි.

මරණයට හේතුව නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා සිරුරේ අභ්‍යන්තර අවයවවලින් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත. අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබන මැයි 12 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කර තිබේ. පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු ඊයේ පස්වරුවේ දේහය ඥාතීන් වෙත භාර දීමට කටයුතු කෙරිණි.

නඩු පසුබිම

2013 වසරේදී එයාබස් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවකදී ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3ක වටිනාකමකින් යුත් ව්‍යාපෘතියකට අදාළව අල්ලස් ලබා ගත් බවට කපිල චන්ද්‍රසේනට චෝදනා එල්ල වී තිබිණි. මෙම නඩුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ඔහු, ඇප කොන්දේසි මත පසුගිය මැයි 05 වනදා නිදහස් කර තිබුණද, පසුව අධිකරණය විසින් යළි අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබුණි.

ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමලි විජේනායක මෙම අවසන් කටයුතු සඳහා සහභාගී වූයේ නැත.    ඥාතීන් සමග ඉතා සමීප සබඳතාවක් පැවති කපිලගේ අවසන් මොහොතේ ඔවුන් ඔහුව තනි කර සිටියේ නැත.   . සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද ඉඳන් ඉදිරි දින කීපය තුළ කාලගුණයට වෙන්න යන දේ ගැන කියවන්න…

Next Post

හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි එල්ල වී ඇති චෝදනා 31න් 3ක් පිළිගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.