බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය චෙම්මනි සමූහ මිනීවළේ තුන්වන අදියරේ කැණීම් 27 ඇරඹෙයි… චෙම්මිනි අපරාධය නැවත කියවමු!

by editor
අප්‍රේල් 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • “චෙම්මිනි අපරාධය” ගැනත්  මේ සමග කියවමු… ම්ලේච්ඡත්වය පිළිබඳ ජාතියකට නැගෙන චෝදනාවලින් ගැලවිය හැකි එකම ප්‍රවේශය සාධාරණ නෛතික ප්‍රවේශයකින් ලැබෙන අවසන් විසඳුම පමණයි…

යාපනයේ චෙම්ම්මනි සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළිත් මේ මස 27 වෙනිදා සිට ආරම්භ කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් ඊයේ ( 22 )  අවසර ලබා දුන්නේය.

ඒ චෙම්මනි සමූහ මිනී වළ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ විභාගවන නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේ දී ය.

මින් පෙර  අදියරයන් දෙකක් යටතේ මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කෙරුණු අතර මුදල් ප්‍රතිපාදනවල ප්‍රමාදයක් හේතුවෙන් තුන් වන අදියරයේ කැණීම් කටයුතු කාලයක් තිස්සේම ප්‍රමාද වී තිබුණි.

නඩුව යළි  විභාගයට ගත් අවස්ථාවේදී ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව අදාල අංශ විසින් ඊයේ ( 22)  අධිකරණයට දැණුම් දීමෙන් පසුව යළිත් එම සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආරම්භ කරණ ලෙසට මහේස්ත්‍රාත් වරයා අවසර දුන්නේය.

චෙම්මනි සමූහ මිනී වලෙන් අදියරයන් දෙකක කැණීම් වලින් දින 54 ක් ඇතුළත මිනිස් අස්ථි කොටස් 240 ක් හමු වූයේය. ඒවා   යාපනය අධිකරණයේ සුරක්ෂිතව ගබඩා කොට තිබේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

චෙම්මිනි අපරාධය ගැන සිහි කිරීමක්

චෙම්මනි සමූහ මිනීවළ යනු ශ්‍රී ලංකාවේ සිවිල් යුද ඉතිහාසය තුළ ලේඛනගත වූ වඩාත් අඳුරු සහ අමානුෂික මතකයන් අවදි කරන සංකේතයකි.

මෙම සමූහ මිනීවළ පිළිබඳ තොරතුරු මුලින්ම ලෝකය හමුවේ අනාවරණය වූයේ 1998 වසරේදී ය.  එය යුද සමයේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි දරන්නක් ලෙස සැලකේ.

යාපනය අර්ධද්වීපය රජයේ පාලනයට නතු වූ 1996 වකවානුව තුළ අතුරුදන් වූ සහ ඝාතනයට ලක් වූ සිවිල් වැසියන් සිය ගණනකගේ සිරුරු මෙම ස්ථානයේ වළ දමා ඇති බවට මුල් කාලීනව චෝදනා එල්ල විය.  මේ කෲරත්වයේ භූමිය හෙළිදරවු වන්නේ  තවත් එවැනිම නින්දිත අපරාධයක් කළ නිල ඇඳුමෙන් සැඟව සිටි මිනීමරු අපරාධකරුවෙක් සිදුකළ හෙළිදරව්වක් සමගය.   චෙම්මිනි සමූහ මිනීවලේ කතාව යනු  මේ වනවිට ලෝක මට්ටමින් සංවාදයට භාජනය වී ඇති ක්‍රිෂාන්ති කුමාරස්වාමි නැමැති පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ  සිද්ධියේ විමර්ශන දිගුවක් ලෙස අනාවරණය වූවකි.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය

Krishanthi-Kumaraswami
ක්‍රිෂාන්ති කුමාරස්වාමි… දකුණු පස දැක්වෙන්නේ ඇය මරා වළ දැමූ තැන සොයන විමර්ශකයින්ය…

ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමය තුළ සිදුවූ අතිශය කම්පනීය සහ කුරිරු මිනිස් ඝාතනයක් ලෙස ඉතිහාසයට එක්වූවකි. 1996 වසරේ සැප්තැම්බර් 07 වනදා යාපනයේ කයිතඩි රජයේ විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි, පාසල නිමවී නිවස බලා යමින් සිටියදී චෙම්මනි හමුදා මුරපොළේදී ආරක්ෂක අංශ භාරයට පත්විය.

එහිදී ඇයව සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කරන ලද අතර, ඇය සොයා ගිය ඇගේ මව වන රාසම්මා, සහෝදරයා වූ ප්‍රණීවන් සහ අසල්වැසියා වූ කිරුපමූර්ති යන තිදෙනාව ද එම මුරපොළේදීම අමානුෂික ලෙස ඝාතනය කර රහසිගතව වළ දමනු ලැබීය.

මෙම සිදුවීම ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ එහි වූ අතිශය අමානුෂික ස්වභාවය සහ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නැගුණු දැඩි විරෝධය හේතුවෙනි.

මෙම ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේදී නඩු විභාගයක් පැවැත්වුණු අතර, එහිදී යුද හමුදා සෙබළුන් කිහිප දෙනෙකුට මරණ දඬුවම නියම විය.

somarathna-rajapaksha
චෙම්මිනි සමූහ මිනීවල ගැන අනාවරණය කළ, ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතකයෙක් වූ එවකට ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ අධිකරණය අතීත අධිකරණ කටයුත්තකදී….

චෙම්මිනි සමූහ මිනීවල ගැන හෙළිදරවු වන්නේ  මෙම නඩු විභාගයේදී එක් විත්තිකරුවෙකු වූ සෝමරත්න රාජපක්ෂ  කළ පාපොච්ඡාරණයත්  සමඟය.  චෙම්මනි ප්‍රදේශයේ තවත් සමූහ මිනීවළවල් පවතින බවට වූ එම    හෙළිදරව්ව  චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ රහස ලෝකය හමුවේ දිගහැරීමට ප්‍රධාන හේතුවක් විය.

එතැන් සිට විවිධ අදියර යටතේ සිදු කළ කැණීම්වලදී හමුවූ දිරාපත් වූ මිනිස් අස්ථි කොටස්, ඇඳුම් කැබලි සහ අනෙකුත් භෞතික සාක්ෂි මගින් තහවුරු වූයේ මෙය එක් පුද්ගලයෙකුට හෝ පිරිසකට සීමා නොවූ, මහා පරිමාණ සමූහ ඝාතනයක සාක්ෂි ගබඩාවක් බවය.

යුද්ධයේ කෲරත්වය හමුවේ යුක්තිය සහ සාධාරණය අපේක්ෂාවෙන් දශක ගණනාවක් බලා සිටින අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට මෙම කැණීම් කටයුතු යළි ආරම්භ වීම හුදු තාක්ෂණික ක්‍රියාවලියකට වඩා, තම ආදරණීයයන්ට අත් වූ ඉරණම පිළිබඳ සත්‍යය දැනගැනීමට ඇති එකම මාවතය .

ජාත්‍යන්තර අවධානය පවා දිනාගත් මෙම චෙම්මනි අර්බුදය, ලංකා ඉතිහාසයේ නොමැකෙන කැළලක් ලෙස ඉතිරි වී ඇත්තේ වගවීම සහ මානුෂීය අයිතිවාසිකම් පිළිබඳ ගැඹුරු සංවාදයක් යළි යළිත් ඉල්ලා සිටිමිනි. එය සම්බන්ධව නීතියේ යුක්ති ධාර්මික  ක්‍රියාවලය සහ ඉන් ලැබෙන තීන්දු මත පමණක් මේ අපවාදයෙන් ජාතියක් ලෙස අපට ගැලවීමට ඇති එකම මාර්ගය  බව පෙනේ. රණවිරුවන් සහ පාදඩ මිනීමරු කාලකණ්ණින් වෙන් කරගෙන යුද්ධයක ජයග්‍රහණයට සැබෑම අර්ථයක් ලබා දිය හැක්කේ ඒ ක්‍රියාවලියට පමණය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුද්ධ නවතා යුද්ධ කරන හැටි… ලෝකය තවමත් කොයි මොහොතේ හෝ පිපිරෙන ගිනි කන්දක් මත…

Next Post

තලපති විජේ ගේ ආගමනයෙන්   ත්‍රිකෝණාකාර ගැටුමක් බවට පත් වූ තමිල්නාඩු මැතිවරණය අපට බලපානු ඇත්තේ කෙසේ ද?

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.